බංග්ලාදේශ 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වුණු එක්දින තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28) සමත් වුනා.
තරගාවලියේ පළමු සහ දෙවැනි එක්දින තරග ද්විත්වයම වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු වූ අතර, ඒ අනුව තෙවැනි තරගය තරගාවලියේ තීරණය විසඳන තරගය බවට පත් වුනා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායකයා ගාල්ල තණතීරුවේ පළමුව පන්දුවට පහර දීම තෝරා ගත් නමුත්, ඔවුන්ට වැඩි වේලාවක් සිය ඉනිම දියත් කිරීමට ශ්‍රී ලංකාව ඉඩ ලබා දුන්නේ නැහැ.
බංග්ලාදේශ ඉනිම පන්දුවාර 17ක් තුළ ලකුණු 77කට සීමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, එහි දී කඩුලු 3 බැගින් දවා ගැනීමට රයන් ග්‍රෙගරි සහ රසිත් නිම්සර විසින් සමත් වුනා.
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
බංග්ලාදේශයෙන් ලද පහසු ඉලක්කය ශ්‍රී ලංකාව පන්දුවාර 16 පන්දු 4ක් තුළ හඹා යෑමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් සෙනුජ වකුණුගොඩ ලකුණු 30කින් සහ රෙහාන් පීරිස් ලකුණු 29කින් දායකත්වය ලබා දුන්නා.
බංග්ලාදේශය – 77/10 (17) Ahsanul Haque 29, Imran Hossain 20, රයන් ග්‍රෙගරි 3/2, රසිත් නිම්සර 3/27, කිත්ම විදානපතිරණ 2/13
ශ්‍රී ලංකාව – 80/3 (16.4) සෙනුජ වකුණුගොඩ 30*, රෙහාන් පීරිස් 29, Mohammed Rahim 2/11
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්.
තරගාවලියේ පළමු තෙදින තරගය දෙසැම්බර් 01 දා ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<