රසිත් නිම්සරට කඩුලු 4ක්; බංග්ලාදේශය තවමත් පසුපසින්

Bangladesh U17 Tour Of Sri Lanka 2024

6
Bangladesh U17 Tour Of Sri Lanka 2024

බංග්ලාදේශ 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තෙදින තරගයේ දෙවැනි දිනය ඊයේ (02) ක්‍රියාත්මක වුනා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ නායකයා විසින් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර, එහි දී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 285ක් ලබා ගනිමින් ඉනිම අත්හිටවීමට තීරණය කළා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ ජේසන් ප්‍රනාන්දු පන්දු 163ක් වැය කරමින් හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 98ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ සහයට පැමිණි අනෙක් පිතිකරුවන් වූ ජොශුවා සෙබස්තියන් ලකුණු 53ක් සහ ගිම්හාන රසාංජන ලකුණු 51කින් ඉනිම වර්ණවත් කරමින් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා. ඊට අමතරව සෙනුජ වකුණුගොඩගේ පිත්තෙන් ලකුණු 37ක් ඉනිමට එක් වුනා.

මෙහි දී බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Ashanul Haque Mahim සහ Mahir Ishmam Chowdhury කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී එල්ල වූ ඉලක්කය සඳහා පිළිතුරු සැපයීම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම ඊයේ දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 233ක් ලබා ගැනීමට සමත් වී සිටියා. මෙහි දී බංග්ලාදේශය වෙනුවෙන් වටිනා ඉනිමක් දියත් කරමින් සිටි Adrito Ghosh නොදැවී ලකුණු 114ක් ලබා ගනිමින් බංග්ලාදේශ ඉනිමේ කොඳු නාරටිය බවට පත් වීමට සමත් වුනා. කෙසේ වෙතත් ඔහුට අනෙක් බංග්ලාදේශ පිතිකරුවන්ගෙන් සැලකිය යුතු තරමේ සහයක් ලැබුණේ ද යන්න ගැටලුවක්.

බංග්ලාදේශ ඉනිම බිඳ දැමීමට මූලිකත්වය ගත් රසිත් නිම්සර ලකුණු 36කට කඩුලු 4ක් බිඳ හෙළන අතරේ, අභීත් පරණවිදාන කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

තරගයේ තෙවැනි සහ අවසන් දිනය අද (03) ක්‍රියාත්මක වීමට නියමිත අතර, බංග්ලාදේශය තවමත් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 52ක් පිටුපසින් සිටිනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 285/8d (82) ජේසන් ප්‍රනාන්දු 98, ජොශුවා සෙබස්තියන් 53, ගිම්හාන රසාංජන 51, Ashanul Haque Mahim 2/32

 

බංග්ලාදේශ පළමු ඉනිම – 233/9 (77) Adrito Ghosh 114*, MD Ridoy Hossain 37, රසිත් නිම්සර 4/36, අභීත් පරණවිදාන 2/38

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<