ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින සහ තුන් දින ක්‍රිකට් තරගාවලි ද්විත්වය හෙට (24) සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
තරග කාලසටහන
- නොවැම්බර් 24 වැනිදා – 1 වැනි එක්දින තරගය
- නොවැම්බර් 26 වැනිදා – 2 වැනි එක්දින තරගය
- නොවැම්බර් 28 වැනිදා – 3 වැනි එක්දින තරගය
- දෙසැම්බර් 01 සිට 03 වැනිදා දක්වා – 1 වැනි තුන්දින තරගය
- දෙසැම්බර් 06 සිට 08 වැනිදා දක්වා – 2 වැනි තුන්දින තරගය
මෙම තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුලෝහිත සංග්‍රාමයේ සුවිශේෂී චරිතයක් වූ කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරන කිත්ම විතානපතිරණ වෙත පවරා තිබෙනවා.
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කිත්ම විතානපතිරණ 93 වැනි සුලෝහිත සංග්‍රාමයේ දී පන්දු 184ක දී ලකුණු 90ක් ලබා ගනිමින් එම තරගයේ දක්ෂතම පිතිකරු ලෙසත් සහ ඊට පසුව මෙම වසරේ දී පැවැති 94 වැනි සුලෝහිත සංග්‍රාමයේ දී දක්ෂතම පන්දු රකින්නා ලෙසත් අභිශේක ලැබුවා.
එමෙන් ම නිමා වූ වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth ක්‍රිකට් තරගාවලියේ දී Colombo North කණ්ඩායමේ නායකත්වයේ වගකීම ද දරමින් තරග 5ක දී ලකුණු 96ක් සහ කඩුලු 7ක් තම ගිණුමට එක්කර ගැනීමට ද ඔහු සමත් වෙනවා.
2024 වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී කොළඹ ලුම්බිණි විද්‍යාලයට, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ලබා ගත් ශතක ත්‍රිත්වයත් සමඟින් තරග 8ක දී ලකුණු 654ක් ලබා ගන්නා කිත්ම එහි සාමාන්‍ය 93.44ක් ලෙසින් පවත්වා ගෙන යෑමට ද සමත් වෙනවා. ඒ අතරට කඩුලු 9ක් දවා ගැනීමටත් ඔහු සමත් වෙනවා.
කණ්ඩායමේ උප නායකත්වය කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කරන වමත් පිතිකරු සෙනුජ වකුණුගොඩ වෙත හිමි ව තිබෙනවා. ඔහු නිමා වූ වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාලියේ දී තරග 5කට එක් වෙමින් අර්ධ ශතක 2ක් ද සමඟින් ලකුණු 187ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. ඊට අමතර ව 2023/24 පාසල් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කළ ඔහු තරග 14ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 481ක් ලබා ගැනීමට ද සමත් වෙනවා.
නිමා වූ වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth තරගාවලියේ දී Colombo North කණ්ඩායම නියෝජනය කරන ඔහු තරග 3කට පමණක් එක් වෙන අතර එහි දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 105ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
බංග්ලාදේශය සමඟ එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරස්, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ජනිඳු රණසිංහ, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ රයන් ග්‍රෙගරි සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ කෙනුග පිහිලිංයග සුවිශේෂී ක්‍රීඩකයන් ලෙසින් හැඳින්විය හැකියි.
ඔවුන් අතුරින් නිමා වූ වයස අවුරුදු 17න් පහළ Sri Lanka Youth තරගාවලියේ දී Dambulla කණ්ඩායම නියෝජනය කළ ජනිඳු රණසිංහ තරග 4කට එක් වෙමින් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 191ක් ලබා ගන්නා ලද අතර Colombo South කණ්ඩායම නියෝජනය කළ දකුණත් පිතිකරු රෙහාන් පීරිස් තරග 6ක දී අර්ධ ශතකය 2ක් සමඟින් ලකුණු 143ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
ඊට අමතර ව Kandy කණ්ඩායම නියෝජනය කළ දකුණතින් පිට දඟ පන්දු යවන රයන් ග්‍රෙගරි තරග 6ක දී කඩුල 9ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙමින් මෙන් ම එම කණ්ඩායම ම නියෝජනය කළ කෙනුල පිහිලිංයග තරග 4ක දී කඩුලු 7ක් දවා ගනිමින් දැක් වූ දක්ෂතාත් සමඟින් මෙම කණ්ඩායම හා රැඳී සිටිනවා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ සංචිතය;
කිත්ම විතානපතිරණ (නායක – කොළඹ ආනන්ද විද්‍යාලය), සෙනුජ වකුණුගොඩ (උප නායක – කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය), රෙහාන් පීරිස් (කොළඹ රාජකීය විද්‍යාලය), දුල්සිත් දර්ශන (ගාල්ල මහින්ද විද්‍යාලය), ජනිඳු රණසිංහ (කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය), ජේසන් ප්‍රනාන්දු (බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය), ජොශුවා සෙබස්තියන් (බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය), සෙත්මික සෙනෙවිරත්න (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), චලන දිනෙත් (පානදුර රාජකීය විද්‍යාලය), රාජිත නවෝද්‍ය (කුරුණෑගල මලියදේව විද්‍යාලය), විග්නේෂ්වරන් ආකාශ් (යාපනය හාට්ලි විද්‍යාලය), කෙනුල පිලියංග (මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය), රයන් ග්‍රෙගරි (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය), රසිත් නිම්සර (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) සහ ඔසඳ පමුදිත (නාලන්දා විද්‍යාලය).
- බංග්ලාදේශය සමඟ තරගාවලියට ශ්‍රී ලංකා 17න් පහළ සංචිතය නම් කරය
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
මෙරට පැමිණි බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමේ නායකත්වයට මෙතෙක් කිසිවෙක්ගේ නමක් ප්‍රකාශ කර නොමැති වූව ද සුපැහැදිලි සුසංයෝගයකින් යුත් කණ්ඩායමක් සංචාරය සඳහා එක් ව ඇති බවයි කණ්ඩායම් ආරංචි මාර්ග පවසන්නේ.
කණ්ඩායම නම් කිරීමේ දී Ferdos Kabir, Farhan Sadik, Redoy Hossain සහ කඩුලු රකින ක්‍රීඩක Abdullah Al Muhi පිතිකරුවන් ලෙසින් ලැයිස්තුගත කර තිබෙනවා. කණ්ඩායමට එක් කර ඇති වේග පන්දු යවන්නන් වන්නේ Maheenujjaman Mahbeer, Atikur Rahaman Akash සහ Mohammad Al Amin Hossen.
සංචාරක කණ්ඩායමේ සිටින දක්ෂ දඟ පන්දු යවන්නන් ලෙසින් හැඳින්වෙන්නේ වමතින් දඟ පන්දු යවන Mahir Ishmam Chowdhur සහ Imran Hossain වන අතර තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන තවත් පා දඟ පන්දු යවන්නෙක් වන Rakibul Hasan ද මෙම සංචිතයට ඇතුලත් වෙමින් මෙරට සංචාරයට එක් ව සිටිනවා.
ඊට අමතර ව අතිරේක කඩුලු රකින්නා ලෙසින් Sourav Karmakar ද මෙම සංචිතය හා එක්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඔවුන්ට අමතර ව Al Rafi, Ehsanul Haque Mahim සහ Hridoy Hossain ද මෙම සංචිතය නියෝජනය කරනවා.
එමෙන් ම මෙම සංචිතයට ඇතුලත් නොවන අමතර අතිරේක ක්‍රීඩකයන් 4 දෙනෙක් ද මෙම තරගාවලියට සඳහා සූදානම් කර තැබීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
සංචාරක කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් එරට ජාතික පුහුණුකරු Abdul Karim Jewel ගේ උපදේශකත්වයෙන් යුතුව හිටපු ජාතික ක්‍රීඩක Tushar Imran කණ්ඩායමේ පිතිකරුණ පුහුණුකරු ලෙසත් සහ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් Hasibul Hossain Shanto නම් කර තිබෙනවා.
බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ සංචිතය –
Ferdous Kabir, Abdullah Al Mohi, Hridoy Hossain, Farhan Sadik, Adrit Ghose, Ehsanul Haque Mahim, Rakibul Hasan, Rakib Khan, Mahinuzzaman Mahbir, Atiqur Rahman Akash, Al Amin Hossain, Abdur Rahim, Mahir Islam Chowdhury, Imran Hossain, Al Rafi, Sourav Karmakar.
තරගාවලියට නම් කරන ලද අතිරේක සංචිතය –
Ehsanul Momin, Mobassir Islam Munim, Faiyas Rehman, Kawser Ahmed.
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<