දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ගොඩනැංවූ නොදැවුණු ලකුණු 322* සබඳතාවය නිසාවෙන් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රබල මට්ටමක පසුවන්නේ කඩුලු 3ක් දැවී ලකුණු 512ක් ලබාගෙනයි.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මේ තරගයේ දී බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව තවත් ලකුණු 29ක් පසුපසින් සිටිනවා. තරගයේ සිව්වැනි දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 229ක් ලබාගෙන සිටි අතර දිමුත් සහ ධනංජය පිළිවෙළින් ලකුණු 85*ක් සහ ලකුණු 26*ක් ලබාගෙන සිටියා.
බංග්ලාදේශ පන්දු යවන්නන් පන්දුවාර 80 අවසන් වූ සැණින් නව පන්දුව භාවිතා නොකළ නමුත් ඒ අවස්ථාවේ දී ඔවුන් යම් සැලැස්මකට අනුව පන්දු යැවීම සිදු කළ ද, ධනංජය සහ දිමුත් ඉතාමත් ආරක්ෂිතව සහ ඉවසිලිවන්ත ලෙස දුර්වල පන්දු තෝරා ගනිමින් පන්දුවට පහර දෙන්නට සමත් වුනා.
අයහපත් ආලෝක තත්වය නිසාවෙන් සවස 3.35ට පමණ තරගය මදකට නවතා දැමීමට විනිසුරුවරුන් කටයුතු කළ අතර අනතුරුව සවස 4.06ට නැවතත් තරගය ආරම්භ හැකි මට්ටමකින් පල්ලෙකැලේ ක්‍රිකට් පිටියට ආලෝකය පතිත වූ නිසාවෙන් එතැන් සිට තවත් පන්දුවාර 10ක් ක්‍රියාත්මක කළ පසුව නැවතත් තරගයට ආලෝකයෙන් බාධා එල්ල වීම නිසා තරගය නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කළා.
Photos : Bangladesh tour of Sri Lanka 2021 | 1st Test – Day 4
ඒ වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි කරුණාරත්න 4 පහර 25ක් එල්ල කරමින් ලකුණු 234*ක් ලබාගෙන සිටි අතර දිමුත් වෙත අගනා සහයක් ලබා දෙමින් ලකුණු ලබා ගත් ධනංජය 4 පහර 20ක් එල්ල කරමින් පන්දු 259ක දී නොදැවී ලකුණු 154*ක් ලබාගෙන සිටියා.
දිමුත් අද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වැනි ශතකය වාර්තා කළ අතර ඔහු එය ද්විත්ව ශතකය දක්වා පරිවර්තනය කර ගනිමින් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ දැනට ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය සටහන් කර ගත්තේ පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ දී ද්විත්ව ශතකයක් ලබාගත් පළමු පිතිකරුවාද බවට පත්වෙමිනි. දිමුත්ගේ ද්විත්ව ශතකයට අමතරව ධනංජය ද සිල්වා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 7 වැනි ටෙස්ට් ශතකය ලබා ගන්නට සමත් වුනා.
තවත් ක්‍රිකට් පුවත්:
- දිමුත් සහ තිරිමාන්න වසර 16ක් වාර්තාවක් අලුත් කරයි
- IPL 2021; දම් සහ තැඹිලි තොප්පි හිමිකරුවන්
- Kolkata Knight Riders නායකයාටත් දඬුවමක්
- බංග්ලාදේශයට එරෙහිව ලහිරු කුමාරගේ දායකත්වය අහිමි වන ලකුණු
අද දිනය පුරාවට බංග්ලාදේශ පන්දු යවන්නන්ට එක් කඩුල්ලක් හෝ ලබා නොදෙමින් දිමුත් සහ ධනංජය ඉතාමත් දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වුනු අතර දිනය අවසන් වන විට එම සබඳතාවය ලකුණු 322*ක් දක්වා වර්ධන වී තිබුණා.
ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් ශ්‍රී ලංකාව තුල දී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ඉහළම සබඳතාවය මෙය වන අතර මීට පෙර එම වාර්තාව සටහන්ව තිබුණ් 1992 වසරේ දීයි. එහි දී අර්ජුන රණතුංග සහ අසංක ගුරුසිංහ ඔස්ට්‍රේලියාවට එරෙහිව (ලකුණු 230) කොළඹ එස්. එස්. සී. පිටියේ දී මෙවැනි ආකාරයක දස්කමක් දක්වා තිබුණා.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිව්වැනි කඩුල්ල සඳහා හොඳම සබඳතාවය ගොඩනංවා ඇත්තේ මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීරයි. ලකුණු 437 එම සබඳතාවය 2009 වසරේ දී කරච්චි හිදී ගොඩනැංවුනේ පාකිස්තානයට එරෙහිවයි. තවද ලෝක ක්‍රිකට් පිටියේ දී සිව්වැනි කඩුල්ල සඳහා වාර්තා වී තිබෙන හොඳම ටෙස්ට් සබඳතාවය වන්නේ ද එයයි.
තවද මුළු දිනයක් පුරාවට ප්‍රතිවාදීන් වෙත එකඳු කඩුල්ලක් හෝ ලබා නොදෙමින් අද දිනයේ දී ශ්‍රී ලංකා ලකුණු සටහනට ලකුණු 283ක් එක් කිරීමට සමත් වුනා. මෑතක දී එවැනි දස්කමක් ශ්‍රී ලංකාව විසින් දැක්වූයේ 2018 වසරේ දී වන අතර එහි දී නවසීලන්තයට එරෙහිව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 239ක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.
පන්දු යැවීමේ දී Taskin Ahmed, Mehidy Hasan Miraz සහ Taijul Islam බංග්ලාදේශය වෙනුවෙන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා. තවද දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවට විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථා තුනක් තිබුණු අතර බංග්ලාදේශයට තිබෙන්නේ තවත් එක් අවස්ථාවක් පමණයි.
තරගය හෙට (25) පස්වැනි දිනයටත් පැවැත්වෙන අතර තරගාවලියේ සියලු තරග තොරතුරු JAT සහ NDB අනුග්‍රහය ඇතිව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
A PHP Error was encountered
Severity: Warning
Message: Invalid argument supplied for foreach()
Filename: controllers/Embed.php
Line Number: 86
Backtrace:
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once
A PHP Error was encountered
Severity: Warning
Message: Invalid argument supplied for foreach()
Filename: embed/match_result.php
Line Number: 115
Backtrace:
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <