වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලිය සඳහා පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටජිකිස්ථානයේ හිසොර් ක්රීඩාංගණයේ දී පැවති තරගය ගෝල 4-0ක් වශයෙන් ජයග්රහණය කරමින් බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය ජයග්රාහීව අවසන් කරන්නට සමත් විය.
ශ්රී ලංකාවට තවත් පරාජයක්
2018 වසර සඳහා වන වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියට තේරීමේ තරගාවලිය..
කෙසේ නමුත් බංග්ලාදේශ කණ්ඩායම අවසන් තරගාවලිය සඳහා සුදුසුකම් නොලැබුවත් ඔවුන් මෙම තරගාවලියේ දී තරග 2ක් ජයග්රහණය කිරීමට සමත් වූ අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. ඒ අනුව ඔවුන් පරාජයට පත්වූයේ තරග 2ක් පමණි. ඔවුන් ටජිකිස්ථානය සමඟ සහභාගී වූ තරගය ගෝල 0-0ක් වශයෙන් ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර ඔවුන් මාලදිවයින හමුවේ ගෝල 1-0ක් වශයෙන් ජයග්රහණය කිරීමට සමත් විය. කෙසේ නමුත් බංග්ලාදේශය සහ උස්බෙකිස්තානය අතර පැවති තරගයේ අතිරේක කාලයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ ක්රීඩකයෙක්ම හරහා උස්බෙකිස්තානය වෙනුවෙන් ගෝලයක් වාර්තා වීම නිසා ඔවුන්ට එම තරගය ගෝල 1-0ක් ලෙස පරාජයට පත්වන්නට සිදු විය.
Highlights – Renown SC v Java Lane SC – DCL17 (Week 5)
Uploaded by ThePapare.com on 2017-10-03.
අනෙක් පසින් ශ්රී ලංකාව මාලදිවයින සමඟ පැවති තරගය ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් වුවත් ඔවුන් උස්බෙකිස්තානය සහ ටජිකිස්ථානය හමුවේ පිළිවෙළින් ගෝල 10-0ක් හා 6-0ක් වශයෙන් දැවැන්ත පරාජ දෙකකට මුහුණ දුන්නේ ය.
>> ශ්රී ලංකා යෞවනයන් මාලදිවයිනට සම වෙයි <<
මෙම තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම 13 වන මිනිත්තුවේ දී සිය පළමු ගෝලය වාර්තා කර ගැනීමට සමත් වූ අතර එම ගෝලයේ හිමිකරුවා වූයේ භිෂ්වනාත් ඝෝෂ් ය. අනතුරුව රියාදුල් හසන් 33 වන මිනිත්තුවේ දීද, මහබුබූර් රෙහ්මාන් ඉන් මිනිත්තු 5කට අනතුරුව ද බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් තවත් ගෝල ක් වාර්තා කර ගන්නා ලදි.
පසුව පළමු අර්ධයේ අතිරේක කාලයේ දී රෙහ්මාන් විසින් තරගයේ සිය දෙවැනි ගෝලය වාර්තා කර ගනිමින් ලකුණු තත්වය 4-0ක් ලෙස ඉදිරියට රැගෙන යාමට සමත් විය.
Highlights – Moragasmulla SC v Renown SC – DCL17 (Week 3)
Uploaded by ThePapare.com on 2017-09-21.
පළමු අර්ධය: බංග්ලාදේශය 4 – 0 ශ්රී ලංකාව
දෙවැනි අර්ධයේ දී ශ්රී ලංකා කණ්ඩායම, බංග්ලාදේශය තවත් ගෝල වාර්තා කර ගැනීම නැවැත්වීම සඳහා දැඩි ආරක්ෂාකාරී ක්රීඩා විලාශයක් අනුගමනය කළ අතර ඒ අනුව දෙවන අර්ධයේ දී කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට ඔවුන් අපොහොසත් විය. කෙසේ නමුත් පළමු අර්ධය තුළ වාර්තා කර ගත් ගෝල 4 තරගය ජයග්රහණය කිරීම සඳහා ඔවුන්ට ප්රමාණවත් විය.
සම්පූර්ණ කාලය: බංග්ලාදේශය 4 – 0 ශ්රී ලංකාව
ගෝල ලාභීන්
බංග්ලාදේශය – භිෂ්වනාත් ඝෝෂ් 13’, රියාදුල් හසන් 33’, මහබුබූර් රෙහ්මාන් 38’ & 45+1’
B කාණ්ඩය
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්රීඩා පිටුවට <<