සංචාරක බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ දෙරට අතර අදින් (22) අවසන් වූ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ද 2-1ක් සේ ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
- පළමු එක්දින තරගය – ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 99ක ජයක්.
- දෙවැනි එක්දින තරගය – බංග්ලාදේශයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 21ක ජයක්.
- තෙවැනි එක්දින තරගය – ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්.
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයෝ තම ඉනිමට ලකුණු 223ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 224ක් ලබා ගත්තා.
- ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම: අහන් වික්‍රමසිංහ (නායක), සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), ෂෙවෝන් ඩැනියෙල්, පවන් රත්නායක, නවෝද් පරණවිතාන, සොනාල් දිනූෂ, චමිඳු වික්‍රමසිංහ, විජයකාන්ත වියස්කාන්ත්, අශේන් ඩැනියෙල්, චාමික ගුණසේකර, නිපුන් ප්‍රේමරත්න.
- බංග්ලාදේශ නැගී එන කණ්ඩායම : Mahmudul Hasan Joy (නායක), Parvez Hossain Emon, Pritom Kumar (කඩුලු රකින්නා), Prantik Nawrose Nabil, Shahadat Hossain, Abdullah Al Mamun, Akbar Ali, Rishad Hossain, Ahmed Sharif, Ripon Mondol, Nayeem Ahmed.
බංග්ලාදේශ ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 59ක දී ලකුණු 57ක සබඳතාවක් එක් කිරීමට Parvez Hossain Emon සහ Pritom Kumar සමත් වුනා. Parvez Hossain Emon පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත් අතර Pritom Kumar පන්දු 51කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.
ඊට අමතරව නායක Mahmudul Hasan Joy පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ Shahadat Hossain. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තා.
Shahadat Hossain සහ Ahmed Sharif එක් ව 8 වැනි කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් එක් කළ අතර බංග්ලාදේශ ඉනිම අවසන් වන විටත් Ahmed Sharif රැස් කරගෙන සිටියේ ලකුණු 11ක් පමණයි.
බංග්ලාදේශයට එරෙහිව කඩුලු ලබා ගැනීමේ දී චමිඳු වික්‍රමසිංහ සහ අශේන් ඩැනියෙල් කඩුලු 3ක් බැගින් දවා ගැනීමට සමත් වූ අතර නිපුන් ප්‍රේමරත්න සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2 බැගින් බෙදා ගත්තා.
- වත්මන් ලෝක ශූරයින් අඩියට ම වැටෙයි!
- ශ්‍රී ලංකාව ලෝක කුසලාන පරාජ රැල්ලට තිත තබයි
- අහන් සහ සොනාල් ගේ දක්ෂතා අපතේ යයි
- සංචාරකයන්ට දිනක නිවාඩුවක් ; පාකිස්තානයට කඩුලු 9ක ජයක්
- වසරේ ක්‍රීඩකයා ශෙවෝන්; ක්‍රීඩිකාව විශ්මි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් පන්දුවාර 18ක් ම ඉතිරි ව තිබිය දී අදාළ ඉලක්කය සපුරා ගත්තා.
එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පවන් රත්නායක. ලකුණු නොලබා අහිමි වූ ආරම්භක කඩුල්ලෙන් පසුව පිටියට පිවිසි ඔහු, පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තා.
ඔහු ආරම්භක පිතිකරු ෂෙවෝන් ඩැනියෙල් සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 81ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වීම ද කැපී පෙනුණා. ෂෙවෝන් ඩැනියෙල් පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.
අනතුරුව පවන් රත්නායක, නවෝද් පරණවිතාන සමඟ ද එක්ව තෙවැනි කඩුල්ලට ද ලකුණු 81ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා. එහි දී නවෝද් පරණවිතාන පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා.
ඊට අමතරව නායක අහන් වික්‍රමසිංහ පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.
කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වේගපන්දු යවන Ripon Mondol ලකුණු 43කට කඩුලු 3ක් දවා ගත් අතර පා දඟ පන්දු යැවූ Rishad Hossain කඩුලු 2ක් දවා ගත්තා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Parvez Hossain | c Shevon Daniel b Nipun Premaratne | 32 | 34 | 7 | 0 | 94.12 |
Pritom Kumar | b Vijayakanth Viyaskanth | 35 | 51 | 0 | 2 | 68.63 |
Prantik Nawrose Nabil | st Sohan de Livera b Ashian Daniel | 5 | 19 | 0 | 0 | 26.32 |
Mahmudul Hasan Joy | c Navod Paranavithana b Chamindu Wijesinghe | 37 | 36 | 4 | 0 | 102.78 |
Shahadat Hossain | c Shevon Daniel b Chamindu Wijesinghe | 79 | 75 | 3 | 3 | 105.33 |
Abdullah Al Mamun | c Pavan Rathnayake b Ashian Daniel | 0 | 7 | 0 | 0 | 0.00 |
Akbar Ali | lbw b Ashian Daniel | 4 | 19 | 0 | 0 | 21.05 |
Rishad Hossain | c Ahan Wickramasinghe b Vijayakanth Viyaskanth | 7 | 10 | 0 | 1 | 70.00 |
Ahmed Sharif | not out | 11 | 26 | 0 | 0 | 42.31 |
Ripon Mondol | c & b Chamindu Wijesinghe | 0 | 2 | 0 | 0 | 0.00 |
Naeem Ahmed | b Nipun Premaratne | 1 | 3 | 0 | 0 | 33.33 |
Extras | 12 (b 0 , lb 2 , nb 0, w 10, pen 0) |
Total | 223/10 (47 Overs, RR: 4.74) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Chamika Gunasekara | 6 | 1 | 26 | 0 | 4.33 | |
Nipun Premaratne | 9 | 1 | 39 | 2 | 4.33 | |
Chamindu Wijesinghe | 7 | 0 | 35 | 3 | 5.00 | |
Ashian Daniel | 8 | 0 | 25 | 3 | 3.12 | |
Vijayakanth Viyaskanth | 10 | 1 | 41 | 2 | 4.10 | |
Sonal Dinusha | 3 | 0 | 27 | 0 | 9.00 | |
Navod Paranavithana | 4 | 0 | 28 | 0 | 7.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sohan de Livera | lbw b Ripon Mondol | 0 | 3 | 0 | 0 | 0.00 |
Shevon Daniel | lbw b Ripon Mondol | 27 | 25 | 5 | 0 | 108.00 |
Pavan Rathnayake | c Ripon Mondol b Rishad Hossain | 85 | 56 | 11 | 2 | 151.79 |
Navod Paranavithana | c Pritom Kumar b Ripon Mondol | 47 | 56 | 5 | 1 | 83.93 |
Ahan Wickramasinghe | lbw b Rishad Hossain | 30 | 25 | 4 | 1 | 120.00 |
Sonal Dinusha | not out | 18 | 18 | 3 | 0 | 100.00 |
Chamindu Wijesinghe | not out | 6 | 6 | 1 | 0 | 100.00 |
Extras | 11 (b 0 , lb 5 , nb 1, w 5, pen 0) |
Total | 224/5 (31.2 Overs, RR: 7.15) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ripon Mondol | 8 | 0 | 43 | 3 | 5.38 | |
Naeem Ahmed | 7.2 | 0 | 62 | 0 | 8.61 | |
Ahmed Sharif | 4 | 0 | 39 | 0 | 9.75 | |
Abdullah Al Mamun | 1 | 0 | 11 | 0 | 11.00 | |
Rishad Hossain | 8 | 0 | 41 | 2 | 5.12 | |
Mahmudul Hasan Joy | 3 | 0 | 23 | 0 | 7.67 |
දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගය මේ මස 25 වැනිදා සිට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<