බංගලාදේශ ජාතික කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක Shahadat Hossain හට වසර පහක තරග තහනමක් පනවන්නට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ සිය කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට පහර දීමේ වරදට වරදකරු වීම නිසයි.
හුදකලා සටනක නිරත වූ රවිඳුගෙන් ශ්‍රී ලංකාවට මුක්කුවක්
සංචාරක ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා …..
බංගaලාදේශ ජාතික ක්‍රිකට් ලීග් තරගයක් අතරතුර දී සිය කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හට කම්මුල් පහරක් එල්ල කර පසුව පා පහරක් ද එල්ල කිරීම සම්බන්ධයෙන් විනිසුරුවරුන් විසින් Shahadat පිළිබඳව බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට වාර්තා කර තිබුණා.
Shahadat පසුව සිය වරද පිළිගත් අතර ඔහුට වසර දෙකක අත්හිටවූ තරග තහනමක් බංග්ලාදේශ ජාතික සම්මේලනය විසින් නියම කර තිබුණා. තවද ඔහුට ඇමරිකානු ඩොලර් 3,540ක දඩ මුදලක් ද නියම කර තිබුණා. 33 හැවිරිදි Shahadat අතින් පහර කෑමට ලක් වුනේ යොවුන් පන්දු යවන්නෙක් වන අර්ෆට් සනී. ඒ ඩකා හා කුල්නා අතර තරගයක දීයි. මේ ගැටලුවට හේතුව වී ඇත්තේ පන්දුව පිරිමදින ආකාරය පිළිබඳ එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ.
“මේ වරද හා ඔහුගේ පෙර හැසිරීම් සලකා බලා අපි ඔහුට වසර පහක තරග තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා. ඔහුගේ තහනමේ අවසන් වසර දෙක අත්හිටවූ තරග තහනම් කාලයක් වේවි.” බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ තාක්ෂණික කමිටු ප්‍රධානී Minhajul Abedin පවසා සිටියා.
Shahadatට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවිය හැකිව තිබූ බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.
දසුන්, මැතිව්ස්, තරංග සහ කුමාර T10 හි වැඩ පෙන්වයි
පසුගිය සතියේ දී අබුඩාබි හිදී ආරම්භ වූ අබුඩාබි T10 ….
ටෙස්ට් තරග 38ක් හා එක්දින තරග 51 ක් ක්‍රීඩා කර ඇති Shahadat 2015 වසරේ දී මාස දෙකක් රැඳවුම් භාරයේ සිටියේ ඔහු හා ඔහුගේ බිරිය වයස අවුරුදු 11ක් පමණ වයස වූ දැරියකට වධ හිංසා පැමිණ වීමේ වරදකට චෝදනා ලැබූ නිසයි. නඩු විභාගයෙන් පසුව ඔවුන් එම චෝදනා වලින් නිදහස් කෙරුණා. 2018 වසරේ ඩකා හිදී සිය වාහනයේ ගැටුණු රික්ෂෝ රියදුරෙකුට පහර දීමේ චෝදනා ද ඔහුට එල්ල වුනා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<