පාකිස්තාන ක්‍රිකට් නායක Babar Azamට තර්ජනය කර මිලියන 10ක මුදල් කප්පමක් ලබා ගැනීමට උත්සහ කළේ යැයි Azamගේ නීතිඥ ලාහෝර් හි Hamiza Mukhtar නම් කාන්තාවකට චෝදනා ගොනුකර තිබෙනවා. ඒ එම කාන්තාව ලිංගික අතවර, වංචා හා වධහිංසා පැමිණ වීම පිළිබඳව Babar Azamට එරෙහිව ගොනු කර ඇති චෝදනා ඉවත් කර ගැනීමට මුදල් ඉල්ලූ සිදුවීමකට අදාළවයි.
ලාහෝර් හි පසුගිය බදාදා පැවති නඩු විභාගයක දී Babar Azamගේ නීතිඥ Hamiza පවසා සිටියේ පැමිණිලිකාර පාර්ශවය සිතා මතා නඩුව කල් දැමීමට උත්සහ කරන්නේ සිය සේවාදායකයාට වද හිංසා පැමිණවීමට හා කප්පම් ඉල්ලීමට බවයි. Azam මේ දිනවල පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයට එක්ව සිටිනවා.
තවත් ක්‍රිකට් පුවත්:
- තරගාවලිය අතරතුර පාකිස්තාන වේගපන්දු පුහුණුකරුට නිවාඩුවක්
- සමාජශාලාවේ සිදුවීම ගැන ඉන්දීය ක්රීඩකයා කනස්සල්ලෙන්
- පාකිස්තාන නායකයාට බරපතළ චෝදනාවක්
- Shadab Khanටත් පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි
Hamiza, උසාවියට පෙත්සමක් ගොනු කරමින් පවසා සිටියේ Azam හා පැමිණිලිකාර කාන්තාව අතර විවාහ වීම සඳහා පොරොන්දුවක් පැවතුණු බවයි. Azamගේ නීතිඥයා පවසා සිටියේ මෙම නඩුව ඉවත් කර ගැනීමට මුලින් රුපියල් මිලියන 10ක් ඉල්ලා සිටි බවත්, පසුව ඇය ඒ මුදල මිලියන දෙකක් දක්වා අඩු කර සිටි බවත්ය.
“මගේ සේවාදායකයා ජනප්‍රිය නිසා ඇය උත්සහ කරන්නේ ඔහුව අපහසුතාවයට ලක් කරන්නයි” Hamiza පවසා තිබුණා.
නවසීලන්තයේ සිටින පාකිස්තාන නායක Babar Azamට ආබාධයක් නිසා නවසීලන්තය සමඟ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ද මඟ හැරෙන බව පසුගිය දා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබුණා.
Hindustan Times ඇසුරින්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <