දිනේෂ් චන්දිමාල් සහ Fakhar Zamanගේ ආරම්භක කඩුල්ලේ විශිෂ්ට සබඳතාවය නිසා මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුල්ම ජයග්‍රහණය වාර්තා කිරීමට අද (04) B-Love Kandy කණ්ඩායමට හැකි වුනා.
ඔවුන් දෙදෙනාට අමතරව ඇෆ්ගන් ක්‍රීඩක Mujeeb Ur Rahmanගෙන් ද කණ්ඩායම ඉටු වුනේ විශිෂ්ට සේවයක්.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති උණුසුම් තරග 5කින් අනතුරුව කණ්ඩායම් 5ම කන්ද උඩරටට සංක්‍රමණය වීමෙන් පසු පැවැත්වුනු පළමු තරගය වූයේ මෙයයි. තරගය වෙනුවෙන් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට සැලකිය යුතු ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියා. එහි දී කාසියේ වාසිය දිනා ගත් Dambulla Aura නායක කුසල් මෙන්ඩිස් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා.
මේ වන විට තමන් මුහුණ දුන් තරග දෙකෙන්ම පරාජය වී සිටි B-Love Kandy අද තරගයට එක්වී තිබුණේ වෙනස්කම් දෙකක් සමඟයි. ඒ අනුව තානුක දාබරේ වෙනුවට Fakhar Zaman සහ Aamer Jamal වෙනුවට දුෂ්මන්ත චමීරත් කණ්ඩායමට ඇතුලත් වී සිටියා. Dambulla කණ්ඩායම අද තරගය වෙනුවෙන් කිසිදු වෙනස්කමක් සිදුකර තිබුණේ නැහැ.
වසර ගණනාවකට පසු ඇන්ජලෝ මැතිව්ස් විස්සයි විස්ස තරගයක පළමු පන්දුවාරය ක්‍රියාත්මක කරනු අද දැක ගන්නට ලැබුණු අතර ඔහු කඩුලු දඩයම් කර ගැනීමට තරම් වාසනාවන්ත වුනේ නැහැ. නමුත් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග අතරේ ආබාධයකට ලක්වුනු දුෂ්මන්ත චමීර අද Kandy වෙනුවෙන් පළමු කඩුල්ල දවා ගත්තා.
එහි දී නායක වනිඳු හසරංග විසින් හතරේ පහරකින් පසු ශෝට් මිඩ්-විකට් ක්‍රීඩකයා රැඳ වූ වහාම කුසල් මෙන්ඩිස් ඔහු වෙත උඩපන්දුවක් ලබා දීම විශේෂත්වයක්. සදීර සමරවික්‍රම පැමිණි විගස හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් උදුරා ගත්ත ද, අවසානයේ Mujeeb Ur Rahmanගේ පන්දුවක් හමුවේ දැවී ගියා. පිටියේ විනිසුරු එය නොදැවීමක් ලෙස සංඥා කළ ද, DRS අවස්ථාවේ පිහිටෙන් එය දැවී යාමක් බව තහවුරු වුනා.
කුසල් පෙරේරා එල්ල කළ රිවර්ස් ස්වීප් පහර ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරන විට ඔහු ලබා සිටියේ ලකුණු 4ක් පමණයි. පවර්ප්ලේ අවස්ථාව තුල පන්දුවාර 3ක්ම ක්‍රියාත්මක කිරීමේ අභියෝගය ලැබුණු Mujeeb අද ලකුණු 17ට කඩුලු 2ක් දවා ගනිමින් තම පන්දු යැවීම අතිසාර්ථකව අවසන් කළේ ඒ අනුවයි. අවිශ්ක ප්‍රනාන්දු අද ලකුණු 32ක් ලබා ගත්තත් ඒ වෙනුවෙන් ඔහු පන්දු 31ක් වැය කළා. ඔහු අද LPL පිටියේ ලකුණු 1000 පසුකර යාම ද වාර්තා වුනා.
ඉනිමේ මුල් කොටසේ සියලු ගෞරව B-Love Kandy සතු වෙද්දී, අවසන් පන්දුවාර කිහිපයේ දී ලකුණු වේගය වැඩිකර දීමට ධනංජය ද සිල්වාට සහ Alex Rossට හැකි වුනා. ඔවුන් දෙදෙනා අතරේ පස්වැනි කඩුල්ලට ගොඩ නැගුනු සබඳතාවය ලකුණු 40ක්. පන්දු 18කින් ලකුණු 21ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Alex Ross අවසානයේ කඩුල්ල විවෘත කර එල්ල කිරීමට ගිය පහර මගහැරී පන්දුව කෙලින්ම කඩුල්ලේ ගැටුණා.
නෙත පිනවන අලංකාර පහරවල් රැසක් එල්ල කළ ධනංජය ද සිල්වා තමන් ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම ආකෘතියකට සුදුසු බව තහවුරු කරමින් පන්දු 39කින් ලකුණු 61ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟයි.
මේ අනුව Dambulla Aura කණ්ඩායමට තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 156ක් ලබා ගැනීමට හැකි වුනා. පන්දු යැවීමේ දී Mujeebට අමතරව ඉසුරු උදාන කඩුලු 2ක් දවා ගත්තා.
- “Babar තමයි අංක එකේ පිතිකරුවා” – චමින්ද වාස්
- Seifertගේ මල්වෙඩි Titans ප්‍රසාද ලකුණු සටහනේ අංක 1ට ඔසවයි
- කොළඹ කලඹමින් Jaffna කණ්ඩායමෙන් රාජකීය ආරම්භයක්!
- සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට
මෙම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන ප්‍රවේගකාරී පිතිකරු Fakhar Zaman සහ දිනේෂ් චන්දිමාල් පළමු කඩුල්ලටම ලකුණු 69ක් එකතු කරමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමා දුන්නා. එහි දී Shahnawaz Dahani ක්‍රියාත්මක කළ තෙවැනි පන්දුවාරයේ දී Fakhar Zaman හතරේ පහර 4ක් එල්ල කිරීමත්, රවිඳු ප්‍රනාන්දු ක්‍රියාත්මක කළ පස්වැනි පන්දුවාරයට චන්දිමාල් පිට පිටම හතරේ පහර 4ක් වාර්තා කිරීමත් විශේෂත්වයක්.
Dambulla Aura කණ්ඩායමට දැඩි හිසරදයක්ව තිබූ මෙම සබඳතාවය අවසානයේ බිඳ දැමීමට සිදු වුනේත් පිත්තෙන් වැඩ පෙන්වා සිටි ධනංජය ද සිල්වාටමයි. ඔහු තම පන්දු යැවීමෙන් පසු Fakhar Zamanගෙන් ලැබුනු උඩපන්දුව දක්ෂ ලෙස රැක ගැනීමට ද සමත් වුනා. ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් පන්දු 29කින් ලකුණු 48ක් ලබාසිටි දිනේෂ් චන්දිමාල් අවසානයේ දුවද්දී දැවී ගියේ නොතිබූ ලකුණු 2ක් වෙනුවෙන් පැති මාරුකර ගැනීමට යාමේ දීයි.
අද කමිඳු මෙන්ඩිස් මන්දගාමී ඉනිමක් ගොඩ නගමින් පන්දු 28කින් ලකුණු 18ක් ලබා ගත්තත්, මේ වන විට B-Love Kandy අවශ්‍ය ලකුණු වේගය ළඟා කරගෙන සිටි නිසා එය ගැටලුවක් වුනේ නැහැ. අවසානයේ කමිඳු මෙන්ඩිස් වැර යොදා එල්ල කළ පහර පන්දු යැවූ Hayden Kerr විසින්ම රැක ගන්නා විට Kandy ඉනිම ලකුණු 129ට කඩුලු 3ක් ලෙස සටහන්ව තිබුණා.
මෙවන් අවස්ථා කළමනාකරණය කර ගැනීම සඳහා විශේෂ පළපුරුද්දක් ඇති මැතිව්ස් ඒ වන විට කඩුල්ලේ රැඳී සිටි අතර ඔහු B-Love Kandy සුරැකිව ජය කණුව කරා රැගෙන ගියා. ඒ තරගය අවසන් වීමට තවත් පන්දු 9ක් ඉතිරිව තිබිය දීයි. අශේන් බණ්ඩාරට සහ වනිඳු හසරංගට ඉහළින් පන්දුවට පහර දීමට පැමිණි පාකිස්තානු ක්‍රීඩක Asif Ali ඥානාන්විතව පිතිකරණයේ යෙදෙමින් පන්දු 8කින් ලකුණු 16ක් ලබා ගත්තා.
තරගය අවසන් වනවිට මැතිව්ස් නොදැවී ලබා සිටි ලකුණු ගණන 28ක්. පන්දු 20ක් පමණක් වැය කළ ඔහු ඒ අතරේ හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් එල්ල කළා. පන්දු යැවීමේ දී Shahnawaz Dahani තම පන්දුවාර 3.3 දී ලකුණු 46ක් ලබා දීම විශේෂත්වයක්. බොහෝ දුරට ඔහු වෙනුවට ඉදිරි තරග වලදී Hasan Ali කණ්ඩායමට එකතු වීමට ඉඩ තිබෙනවා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Avishka Fernando | c Mujeeb ur Rahman b Isuru Udana | 32 | 31 | 3 | 1 | 103.23 |
Kusal Mendis | c Kamindu Mendis b Dushmantha Chameera | 7 | 9 | 1 | 0 | 77.78 |
Sadeera Samarawickrama | lbw b Mujeeb ur Rahman | 14 | 6 | 3 | 0 | 233.33 |
Kusal Janith | lbw b Mujeeb ur Rahman | 4 | 5 | 1 | 0 | 80.00 |
Dhananjaya de Silva | c Ashen Bandara b Isuru Udana | 61 | 39 | 5 | 3 | 156.41 |
Alex Ross | b Mohammad Hasnain | 21 | 18 | 3 | 0 | 116.67 |
Hayden Kerr | not out | 12 | 13 | 1 | 0 | 92.31 |
Extras | 5 (b 0 , lb 3 , nb 1, w 1, pen 0) |
Total | 156/6 (20 Overs, RR: 7.8) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Angelo Mathews | 1 | 0 | 5 | 0 | 5.00 | |
Mujeeb ur Rahman | 4 | 0 | 17 | 2 | 4.25 | |
Dushmantha Chameera | 4 | 0 | 40 | 1 | 10.00 | |
Wanindu Hasaranga | 4 | 0 | 23 | 0 | 5.75 | |
Mohammad Hasnain | 3 | 0 | 35 | 1 | 11.67 | |
Isuru Udana | 4 | 0 | 33 | 2 | 8.25 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Fakhar Zaman | c & b Dhananjaya de Silva | 28 | 26 | 5 | 0 | 107.69 |
Dinesh Chandimal | run out (Kusal Mendis) | 48 | 29 | 7 | 0 | 165.52 |
Kamindu Mendis | c & b Hayden Kerr | 18 | 28 | 1 | 0 | 64.29 |
Angelo Mathews | not out | 28 | 20 | 2 | 1 | 140.00 |
Asif Ali | not out | 16 | 8 | 3 | 0 | 200.00 |
Extras | 22 (b 5 , lb 1 , nb 0, w 16, pen 0) |
Total | 160/3 (18.3 Overs, RR: 8.65) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Binura Fernando | 3 | 0 | 21 | 0 | 7.00 | |
Dhananjaya de Silva | 3 | 0 | 16 | 1 | 5.33 | |
Shahnawaz Dahani | 3.3 | 0 | 46 | 0 | 13.94 | |
Ravindu Fernando | 1 | 0 | 17 | 0 | 17.00 | |
Hayden Kerr | 4 | 0 | 28 | 1 | 7.00 | |
Noor Ahmad | 4 | 0 | 26 | 0 | 6.50 |
තරගයේ වීරයා ලෙස තීරණාත්මක කඩුලු 2ක් දවා ගත් Mujeeb Ur Rahman සම්මාන දිනා ගත්තා. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සත්වැනි තරගය ලෙස Galle Titans සහ Jaffna Kings කණ්ඩායම් දෙක අද රාත්‍රියේ තරග වැදීමට නියමිතව තිබෙනවා. එහි උණුසුම් තතු විත්ති වෙනුවෙන් රැඳී සිටින්න සයිබර් අවකාශයේ ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්ම!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<