පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නිත්‍ය නායකයා වන Azhar Ali මෙම වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව ඇති පාකිස්තාන කණ්ඩායමේ නවසීලන්ත සංචාරයට පෙර එම ධුරයෙන් ඉවත් කිරීමට වැඩි ඉඩකඩක් ඇති බව ESPN Cricinfo වෙබ් අඩවිය වාර්තා කරන ලදි.
පසුගිය වසරේ පාකිස්තාන ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කළ Sarfaraz Ahmed එම ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම මෙහෙය වීමේ වගකීම Azhar හට හිමි වූ නමුත්, ටෙස්ට් කණ්ඩායමේ කිසිදු ප්‍රගතියක් පෙන්වීමට ඔහු අපොහොසත් වීමත්, එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු සංචාරවල දී ටෙස්ට් කණ්ඩායම ලද පසුබෑමත් නිසාවෙන් ඔහුට සිය නායකත්වය අහිමි වනු ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කරන ලදි.
තවද මේ වන විටත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක නිලධාරි Wasim Khan විසින් Azhar Aliව මුණගැසී ඇති බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම වෙබ් අඩවියට තහවුරු කර තිබූ අතර මේ දක්වා නායකත්වය පිළිබඳව නිල තීරණයක් ගෙන නොමැති බවත්, එම තීරණය ගැනීමට හැකියාව ඇත්තේ පාලක මණ්ඩලයේ ප්‍රධානියාට පමණක් බවත්, ඔහු විසින් ඉදිරි දින 10 තුළ දී Azhar Ali හමුවීමට නියමිතව ඇති බවත්, ඔවුන් ප්‍රකාශ කර තිබුණි.
35 හැවිරිදි Azhar Ali ටෙස්ට් තරග 9ක දී පාකිස්තාන කණ්ඩායම මෙහෙයවා, ඉන් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරග දෙකක් පමණක් වන අතර පසුගිය එංගලන්ත සංචාරයේ දී ඔහුගේ දුර්වල නායකත්වය පාකිස්තාන ක්‍රිකට් කමිටු සාමාජිකයෙකු මෙන්ම විස්තර විචාරකයෙකු වන Wasim Akramගේ දැඩි විවේචනයට ද ලක්විය.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න:
- එංගලන්ත – දකුණු අප්‍රිකා සටනට කොළ එළියක්
- පාකිස්තානයෙන් එංගලන්තයට ආරාධනාවක්
- Karthik නායකත්වයෙන් ඉල්ලා අස්වේ
- දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලොකු පාඩුවක්
ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමට ප්‍රථම Azhar Ali 2015 වසරේ පාකිස්තාන එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්වෙමින් 2017 දක්වා වසර දෙකක් නායකත්වය හෙඹ වූ අතර 2017 වසරේ දී පාකිස්තාන ටෙස්ට් නායකත්වය ලබාගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලීමක් සිදු කළත්, ඔහු එය ප්‍රතික්ෂේප කරන ලදි.
පසුව 2019 වසරේ ටෙස්ට් නායකත්වයට පත්වීමෙන් අනතුරුව වසරක පමණ කාලයක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම මෙහෙය වීමේ වගකීම Azhar Ali හට හිමි වූවත්, එම කාලය අතරතුර දී සිය කණ්ඩායමට අවශ්‍ය ප්‍රගතිය ලබා දීමට ඔහු අපොහොසත් විය.
යම් හෙයකින් Azhar Ali ටෙස්ට් නායකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කළහොත් බොහෝ විට කඩුලු රකින ක්‍රීඩක Mohammad Rizwan, පසුගිය පාකිස්තාන දේශීය පන්දුවාර විස්ස තරගාවලියේ දී සිය කණ්ඩායම මෙහෙයවමින් දැක්වූ දස්කම් නිසාවෙන් ඔහුට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හිමි වීමට වැඩි ඉඩකඩක් ඇතැයි වාර්තා කර තිබුණි.
ඉතා දක්ෂ පිතිකරුවෙකු වන Mohammad Rizwan, හිටපු නායක Sarfaraz Ahmed නිසාවෙන් කණ්ඩායමට තේරී පත්වීමට අපොහොසත්ව සිටි අතර Sarfaraz කණ්ඩායමෙන් ඉවත් කිරීමෙන් පසු ලද අවස්ථාවන් ඉතා සාර්ථක කරගනිමින් නිමා වූ ටෙස්ට් තරගවල දී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වීමට ඔහු සමත් විය.
මොහුට අමතරව පාකිස්තාන එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන්ම ටෙස්ට් කණ්ඩායමේ වත්මන් උපනායකයා වන සුපිරි පිතිකරු Babar Azam හට ද මෙම නායකත්වය හිමි වීමට ඉඩකඩක් පවතී.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<