ශ්‍රී ලංකා හිටපු මිටිය විසි කිරීමේ ශූරියකු වන අයේෂා මධුවන්ති වසරකට පසු මලල ක්‍රීඩා පිටියට පා තබමින් ඕස්ට්‍රේලියාවේ පැවති Victorian Track & Field Championship තරගාවලියට පසුගිය දා සහභාගි විය.
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දින තුනක් පුරාවට පැවති මෙම තරගාවලියේ මිටිය විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ අයේෂා එහි දී මීටර් 43.03ක දක්ෂතාවයක් දැක්වීමට සමත් වූ අතර ඇයට එහි දී පස්වැනි ස්ථානය හිමි විය.
තවත් මලල ක්‍රීඩා පුවත්:
- උස පැනීමෙන් තිවංක නව වාර්තාවකට
- ග්‍රීසියේ රිටි පැනීමේ ජාතික ශූරිය ලෙස ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩිකාවක්
- කාන්තා දිගුදුර ලෝක වාර්තාවක් බිඳ වැටේ
මිටිය විසිකිරීමේ ඉසව්වේ අවස්ථා කිහිපයක දී ජාතික ශූරිය වීමට සමත් වූ අයේෂා එම ඉසව්වේ මීටර් 48.62ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය වාර්තා කර තිබුණි.
පසුව සිය අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත් වූ 31 හැවිරිදි අයේෂා මේ වන විට ඕස්ට්‍රේලියානු පුහුණුකරු Gus Puopolo යටතේ පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටී.
අදියර කිහිපයක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක මංජුල කුමාර ද සහභාගි වූ අතර එහි මෙම තරගාවලියේ මුල් අදියරේ දී උස පැනීමේ ඉසව්වෙහි රිදී පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<