2019 ලෝක කුසලාන තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ (01) එංගලන්තයේ බ්‍රිස්ටල් නුවර දී පැවැත්විය. ඇෆ්ගනිස්ථානය හා ඕස්ට්‍රේලියාව අතර දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාවට දරා ගත නොහැකි පරාජයක්
නවසීලන්තයේ ආරම්භක පිතිකරුවන් වූ මාටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝගේ….
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තානු නව නායක ගුල්බඩින් නයිබ් පළමුව පන්දුවට පහර දීම තෝරා ගත් අතර පන්දුවාර 38යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 207ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 34යි පන්දු පහක දී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් විය.
ඇෆ්ගනිස්තානු ආරම්භක පිතිකරුවන් යුගලය ඉනිමේ පළමු පන්දුවාර දෙක තුළ දී ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඕස්ට්‍රේලියානු වේගපන්දු සුසංයෝගය වන ස්ටාක් හා කමින්ස් සමත් වීමත් සමඟ ඉනිම ගොඩ ගැනීමේ වගකීම පැවරුණේ රහමට් ෂා හා හස්මතුල්ලා ශහිඩි වෙත යි.
ඔවුන් දෙදෙනා ලකුණු 51ක සබඳතාවයක් ගොඩ නගා සිටි අවස්ථාවේ ඇඩ්ම් සැම්පා ක්‍රියාත්මක වූයේ හස්මතුල්ලා ලකුණු 18කට දවා ගනිමිනි. ඇෆ්ගනිස්තානු ඉනිමට තවත් ලකුණු 19ක් එක් වන විට ලකුණු 43ක් ලබා සිටි රහමට් ෂා, ස්ටීවන් ස්මිත්ගේ විශිෂ්ට උඩ පන්දු රැකීම හමුවේ දැවී ගියේ ද සැම්පාගේ පන්දුවක් හමුවේ විය. කලකට පසු ජාත්‍යන්තර පිටිය නියෝජනය කිරීමට වරම් දිනා ගත් ස්මිත්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ඇෆ්ගනිස්ථානයට තවත් කඩුල්ලක් අහිමි වූයේ ලකුණු අතර සිටිනා මොහොමඩ් නබී දුවද්දී දැවී යාමට හසු වීමත් සමඟිනි.
>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<
විටෙක ලකුණු 77ට කඩුලු 5ක් දැවී අසීරු අඩියක සිටි ඇෆ්ගනිස්තානු ඉනිම ගොඩ ගැනීමට දායක වූ නායක නයිබ් හා නජිබුල්ලා සඩ්රාන් පිළිවෙළින් ලකුණු 31ක් හා ලකුණු 51ක් වාර්තා කරමින් ඇෆ්ගන් ලකුණු පුවරුව ඉහළ නැංවූහ. පන්දු 49කින් වාර්තා වූ සඩ්රාන්ගේ අර්ධ ශතකය හතරේ පහර 7කින් හා හයේ පහර 2කින් වර්ණවත් විය.
ඉනිමේ අවසාන භාගයේ දී රෂීඩ් කාන් පන්දු 11ක් තුළ දී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් වාර්තා කළ අතර එය ඇෆ්ගනිස්ථානය ගෞරවාන්විත ස්ථානයක් කරා රැගෙන යෑමට ඉවහල් විය.
අවසානයේ දී පන්දු වාර 38යි පන්දු 2ක් තුළ දී සියලු දෙනා දැවී ඇෆ්ගනිස්තානු ඉනිම ලකුණු 207කට සීමා විය.
පන්දු යැවීමේ දී පැට් කමින්ස් හා ඇඩම් සැම්පා කඩුලු 3 බැගින් ලබා ගත් අතර මාකස් ස්ටොයිනිස් කඩුලු 2ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 96ක් වූ අතර එය බිඳ වැටුණේ නායක ඒරන් ෆින්ච් ලකුණු 66කට දැවී යාමත් සමඟිනි. පන්දු 49කින් වාර්තා වූ ඔහුගේ වේගවත් ඉනිම හතරේ පහර 6කින් හා දැවැන්ත හයේ පහර 4කින් වර්ණවත් විය.
තරග තහනමෙන් පසු සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ ඩේව්ඩ් වෝනර් සෙසු පිතිකරුවන් හා එක්ව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ අතර අවසානයේ දී පන්දුවාර 34යි පන්දු 5ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.
ඒ වන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි ඩේවිඩ් වෝනර් ලකුණු 89ක් හා ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 4ක් ලබා සිටියහ.
පන්දු යැවීමේ දී කිසිදු ඇෆ්ගන් පන්දු යවන්නෙකු ප්‍රතිවාදී කණ්ඩායම වෙත බලපෑමක් කිරීමට අපොහොසත් වූ අතර දැවී ගිය කඩුලු 3 මුජීබ් රහමන්, ගුල්බඩින් නයිබ් හා රෂීඩ් කාන් අතරේ බෙදී ගියේ ය.
ලකුණු 89ක් ලබා ගත් ඩේවිඩ් වෝනර් තරගයේ වීරයා ලෙස පිදුම් ලැබූ අතර එම ජයග්‍රහණයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
මෙම තරගාවලියේ මීළඟ තරගය අද (02) බංගලාදේශය හා දකුණු අප්‍රිකාව අතර ලන්ඩන් හිදී පැවැත්වීමට නියමිත ය.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Mohammad Shahzad | b Mitchell Starc | 0 | 3 | 1 | 0 | 0.00 |
Hazratullah Zazai | c Alex Carey b Pat Cummins | 0 | 2 | 0 | 0 | 0.00 |
Rahmat Shah | c Steve Smith b Adam Zampa | 43 | 60 | 6 | 0 | 71.67 |
Hashmatullah Shahidi | st Alex Carey b Adam Zampa | 18 | 34 | 3 | 0 | 52.94 |
Mohammad Nabi | run out () | 7 | 22 | 0 | 0 | 31.82 |
Gulbadin Naib | c Alex Carey b Marcus Stoinis | 31 | 33 | 4 | 0 | 93.94 |
Najibullah Zadran | c Alex Carey b Marcus Stoinis | 51 | 49 | 7 | 2 | 104.08 |
Rashid Khan | lbw b Adam Zampa | 27 | 11 | 2 | 3 | 245.45 |
Dawlat Zadran | c Alex Carey b Pat Cummins | 4 | 6 | 1 | 0 | 66.67 |
Mujeeb ur Rahman | b Pat Cummins | 13 | 9 | 1 | 1 | 144.44 |
Hamid Hassan | not out | 1 | 2 | 0 | 0 | 50.00 |
Extras | 12 (b 0 , lb 3 , nb 1, w 8, pen 0) |
Total | 207/10 (38.2 Overs, RR: 5.4) |
Fall of Wickets | 1-0 (0.3) Mohammad Shahzad, 2-5 (1.2) Hazratullah Zazai, 3-56 (13.5) Hashmatullah Shahidi, 4-75 (19.2) Rahmat Shah, 5-77 (22.2) Mohammad Nabi, 6-160 (33.1) Gulbadin Naib, 7-162 (33.5) Najibullah Zadran, 8-205 (37.3) Rashid Khan, 9-207 (38.2) Mujeeb ur Rahman, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mitchell Starc | 7 | 1 | 31 | 1 | 4.43 | |
Pat Cummins | 8.2 | 0 | 40 | 3 | 4.88 | |
Nathan Coulter-Nile | 8 | 1 | 36 | 0 | 4.50 | |
Marcus Stoinis | 7 | 1 | 37 | 2 | 5.29 | |
Adam Zampa | 8 | 0 | 60 | 3 | 7.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Aaron Finch | c Mujeeb ur Rahman b Gulbadin Naib | 66 | 49 | 6 | 4 | 134.69 |
David Warner | not out | 89 | 114 | 8 | 0 | 78.07 |
Usman Khawaja | lbw b Rashid Khan | 15 | 20 | 1 | 0 | 75.00 |
Steve Smith | c Hazratullah Zazai b Mujeeb ur Rahman | 18 | 27 | 1 | 0 | 66.67 |
Glenn Maxwell | not out | 4 | 1 | 1 | 0 | 400.00 |
Extras | 17 (b 0 , lb 1 , nb 2, w 14, pen 0) |
Total | 209/3 (34.5 Overs, RR: 6) |
Fall of Wickets | 1-96 (16.2) Aaron Finch, 2-156 (24.6) Usman Khawaja, 3-205 (34.4) Steve Smith, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mujeeb ur Rahman | 4.5 | 0 | 45 | 1 | 10.00 | |
Hamid Hassan | 6 | 2 | 15 | 0 | 2.50 | |
Dawlat Zadran | 5 | 0 | 32 | 0 | 6.40 | |
Gulbadin Naib | 5 | 0 | 32 | 1 | 6.40 | |
Mohammad Nabi | 6 | 0 | 32 | 0 | 5.33 | |
Rashid Khan | 8 | 0 | 52 | 1 | 6.50 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<