රෝයිගේ අනුකම්පා විරහිත ප්‍රහාරය හමුවේ බංගලියෝ අසරණ වෙති!
ජේසන් රෝයිගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ 2019 ලෝක කුසලාන…
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය නායක විරාත් කෝලි පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවේ මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.
එම තීරණයේ නිරවද්‍යතාවය සනාථ කරමින් ඉන්දීය ඉනිම ආරම්භ කළ රෝහිත් ශර්මා හා ශිකර් ධවාන් පළමු කඩුල්ලට ලකුණු 127ක් එක් කළ අතර පළමු කඩුල්ල ලෙස ලකුණු 57ක් රැස් කර ගෙන සිටි රෝහිත් ශර්මා දවා ගැනීමට කෝල්ටර්-නයිල් සමත් විය.
අනතුරුව ශිකර් ධවාන් සමඟින් පිටියේ එක් වූ නායක විරාත් කෝලි තණතීරුවේ සහය හොඳින් උපයෝගී කර ගනිමින් ඉන්දීය ලකුණු පුවරුව තවත් ඉහළ දැමීමට කටයුතු කළේ විශාල ලකුණු සංඛ්‍යාවක බලාපොරොත්තු සිය කණ්ඩායම වෙත ලබා දෙමිනි.
මෙහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශිකර් ධවාන් පන්දු 109ක දී හතරේ පහර 16ක් සමඟින් ලකුණු 117ක් රැස් කළේ සිය 17 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය ද වාර්තා කරමිනි.
ධවාන් වෙත අනගි සහයක් ලබා දුන් විරාත් කෝලි පන්දු 77කින් ලකුණු 82ක් වාර්තා කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් හා හයේ පහර දෙකක් ඇතුළත් විය.
>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<
මුල්පෙළ පිතිකරුවන් ලබා දුන් සාර්ථක ආරම්භය එලෙසින්ම පවත්වා ගැනීමට ඉන්දීය මැදපෙළ පිතිකරුවන් සමත් වූ අතර මෙහි දී ඉනිම අග භාගයේ දී ක්‍රියාත්මක වූ හර්ඩික් පාන්ඩ්‍යා පන්දු 27ක දී හතරේ පහර 4ක් හා දැවැන්ත හයේ පහර 3ක් සමඟින් ලකුණු 48ක් වාර්තා කළ අතර මහේන්ද්‍ර සිං දෝනි ඊට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 14ක දී ලකුණු 27ක් රැස් කළේය.
නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඉන්දියානු පිළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 353ක් වාර්තා කළේ ඕස්ට්‍රේලියානු පිළට විශාල ඉලක්කයක අභියෝගය ලබා දෙමිනි.
පන්දු යැවීමේ දී මාකස් ස්ටොයිනිස් කඩුලු 2ක් ලබා ගත් අතර කමින්ස්, ස්ටාක් හා කෝල්ටර්-නයිල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. කෙසේ වුව ද ඉන්දීය පිතිකරුවන් මෙල්ල කරමින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අපොහොසත් විය.
නීශම් – ෆර්ගියුසන් සුසංයෝගය ඇෆ්ගනිස්තානයට හරස් වෙයි!
මේ දිනවල සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානය යොමුවී ඇති 2019….
ලකුණු 353ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් හඹා යෑමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන්ට වේගයෙන් ලකුණු රැස් කිරීමට ඉන්දීය වේගපන්දු යවන බුවනේෂ්වර් කුමාර් හා ජස්ප්‍රිට් බුම්රා ඉඩ ලබා දුන්නේ නැත.
ඉනිම ආරම්භයේ සිටම නිවැරදි ඉලක්කයට පන්දු යැවූ ඔවුන් දෙදෙනා හමුවේ ඒරන් ෆින්ච් තරමක් සාර්ථක වුවද” ඩේවිඩ් වෝනර් හට ලකුණු ලබා ගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදු විය.
ඒරන් ෆින්ච් ලකුණු 36කට දුවද්දී දැවී ගිය පසු පිටියට පිවිසි ස්ටීවන් ස්මිත් එක් අන්තයක සිට ලකුණු ලබා ගැනීමට උත්සහ කළ ද, අනෙක් අන්තයේ සිටි වෝනර්ගේ මන්දගාමී ඉනිම නැවතත් ඕස්ට්‍රේලියාවේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට හරස් විය.
අවසානයේ දී වෝනර් ලකුණු 56කට චාහල්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඔහු ඒ සඳහා පන්දු 84ක් වැය කර තිබුණි.
වෝනර්ගේ දැවී යෑමෙන් අනතුරුව ස්මිත් හා එක් වූ උස්මාන් කවාජා හා ග්ලේන් මැක්ස්වෙල් ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කළ ද, පැවති ලකුණු ලබා ගත යුතු වේගය පසු කිරීමට එම උත්සහය ප්‍රමාණවත් නොවීය.
උස්මාන් කවාජා ලකුණු 42කට පිටියෙන් ඉවත් කිරීමට බුම්රා සමත් වූ අතර ස්මිත් ලකුණු 69කට දවා ගත් බුවනේෂ්වර් කුමාර් එම පන්දු වාරයේ දී ම මාක්ස් ස්ටොයිනිස් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගත්තේ ය.
ජේසන් රෝයිට නායකයාගෙන් පැසසුම්!
එංගලන්තය හා බංගලාදේශය අතර පැවති තරගයේ දී ලකුණු 153ක්…
පන්දු 14කින් ලකුණු 28ක් ලබා ගත් මැක්ස්වෙල්ගේ දැවී යෑමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම තරගය තමන් සතු කර ගත් නමුත් ඉනිම අග භාගයේ දී කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරිගේ වේගවත් ඉනිම ඕස්ට්‍රේලියාවට යම් බලාපොරොත්තුවක් ගෙන දුන්නේ ය.
නමුත් අනෙක් අන්තයේ කඩුලු බිඳ වැටීම හා පැවති ඉහළ ලකුණු ලබා ගත යුතු වේගය හමුවේ කේරිගේ උත්සහය අපතේ ගිය අතර ඔහු පන්දු 35කින් නොදැවී ලකුණු 55ක් රැස් කළේය.
අවසානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 316කට දැවී ගියේ ඉන්දියාවට ලකුණු 36ක ජයක් හිමි කර දෙමිනි.
ඉන්දියාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ බුම්රා හා බුවනේෂ්වර් කුමාර් කඩුලු 3 බැගින් ලබා ගත් අතර ඊට අමතරව යුස්වේන්ද්‍ර චාහල් කඩුලු 2ක් ලබා ගත්තේ ය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කළ ශිකර් ධවාන් තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.
මෙම තරගාවලියේ තවත් තරගයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර සවුත්හැම්ප්ටන්හි දී හෙට (10) පැවැත්වෙනු ඇත.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rohit Sharma | c Alex Carey b Nathan Coulter-Nile | 57 | 70 | 3 | 1 | 81.43 |
Shikhar Dhawan | c Nathan Lyon b Mitchell Starc | 117 | 103 | 16 | 0 | 113.59 |
Virat Kohli | c Pat Cummins b Marcus Stoinis | 82 | 77 | 4 | 2 | 106.49 |
Hardik Pandya | c Aaron Finch b Pat Cummins | 48 | 27 | 4 | 3 | 177.78 |
MS Dhoni | c & b Marcus Stoinis | 27 | 14 | 3 | 1 | 192.86 |
Lokesh Rahul | not out | 11 | 3 | 1 | 1 | 366.67 |
Kedar Jadhav | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 10 (b 0 , lb 3 , nb 0, w 7, pen 0) |
Total | 352/5 (50 Overs, RR: 7.04) |
Fall of Wickets | 1-127 (22.3) Rohit Sharma, 2-220 (36.6) Shikhar Dhawan, 3-301 (45.5) Hardik Pandya, 4-338 (49.1) MS Dhoni, 5-348 (49.5) Virat Kohli, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Pat Cummins | 10 | 0 | 55 | 1 | 5.50 | |
Mitchell Starc | 10 | 0 | 74 | 1 | 7.40 | |
Nathan Coulter-Nile | 10 | 1 | 63 | 1 | 6.30 | |
Glenn Maxwell | 7 | 0 | 45 | 0 | 6.43 | |
Adam Zampa | 6 | 0 | 50 | 0 | 8.33 | |
Marcus Stoinis | 7 | 0 | 62 | 2 | 8.86 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
David Warner | c Bhuvneshwar Kumar b Yuzvendra Chahal | 56 | 84 | 5 | 0 | 66.67 |
Aaron Finch | run out (Kedar Jadhav) | 36 | 35 | 3 | 1 | 102.86 |
Steve Smith | lbw b Bhuvneshwar Kumar | 69 | 70 | 5 | 1 | 98.57 |
Usman Khawaja | b Jasprit Bumrah | 42 | 39 | 4 | 1 | 107.69 |
Glenn Maxwell | c Ravindra Jadedja b Yuzvendra Chahal | 28 | 14 | 5 | 0 | 200.00 |
Marcus Stoinis | b Bhuvneshwar Kumar | 0 | 2 | 0 | 0 | 0.00 |
Alex Carey | not out | 55 | 35 | 5 | 1 | 157.14 |
Nathan Coulter-Nile | c Virat Kohli b Jasprit Bumrah | 4 | 9 | 0 | 0 | 44.44 |
Pat Cummins | c MS Dhoni b Jasprit Bumrah | 8 | 7 | 1 | 0 | 114.29 |
Mitchell Starc | run out (Bhuvneshwar Kumar) | 3 | 3 | 0 | 0 | 100.00 |
Adam Zampa | c Ravindra Jadedja b Bhuvneshwar Kumar | 1 | 3 | 0 | 0 | 33.33 |
Extras | 14 (b 3 , lb 3 , nb 1, w 7, pen 0) |
Total | 316/10 (50 Overs, RR: 6.32) |
Fall of Wickets | 1-61 (13.1) Aaron Finch, 2-133 (24.4) David Warner, 3-202 (36.4) Usman Khawaja, 4-238 (39.4) Steve Smith, 5-238 (39.6) Marcus Stoinis, 6-244 (40.4) Glenn Maxwell, 7-283 (44.5) Nathan Coulter-Nile, 8-300 (46.6) Pat Cummins, 9-313 (49.1) Mitchell Starc, 10-316 (49.6) Adam Zampa, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Bhuvneshwar Kumar | 10 | 0 | 50 | 3 | 5.00 | |
Jasprit Bumrah | 10 | 1 | 61 | 3 | 6.10 | |
Hardik Pandya | 10 | 0 | 68 | 0 | 6.80 | |
Kuldeep Yadav | 9 | 0 | 55 | 0 | 6.11 | |
Yuzvendra Chahal | 10 | 0 | 62 | 2 | 6.20 | |
Kedar Jadhav | 1 | 0 | 14 | 0 | 14.00 |