Home Sinhala ප්‍රභාත් සහ මැතිව්ස් කැපී පෙනෙන දස්කම් අතරට

ප්‍රභාත් සහ මැතිව්ස් කැපී පෙනෙන දස්කම් අතරට

16
Australia Tour Of Sri Lanka 2025

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ඊයේ (08) ක්‍රියාත්මක වුනා. 

දෙවැනි දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි ඕස්ට්‍රේලියාව විසින් කඩුලු 3ක් දැවී ලකුණු 330ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

ඊයේ දිනය ආරම්භයේ දී එතෙක් වේලා විශිෂ්ට ද්විත්ව ශතක සබඳතාවක නිරත වෙමින් සිටි Alex Carey සහ Steven Smith ගේ සබඳතාව ලකුණු 259ක දී නතර කිරීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුනා. 

එතැන් සිට ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු ඉතා ඉක්මනින් දවා ගනිමින් තරගයට නැවත අවතීර්ණ වීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, මෙහි දී ප්‍රභාත් ජයසූරිය විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 05ක් දවා ගැනීමට සමත් වුනා. 

මීට අමතරව නිශාන් පීරිස් කඩුලු 3ක් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. 

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් නායක Steven Smith ලකුණු 131ක් ලබා ගන්නා අතරේ, Alex Carey ලකුණු 156ක් වාර්තා කිරීමට සමත් වුනා. 

ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 157ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාව එම අභියෝගය තරණය කිරීමට සිය දෙවන ඉනිම ආරම්භ කළා. 

මෙහි දී තම අවසන් ටෙස්ට් ඉනිම දියත් කිරීම සඳහා දිමුත් කරුණාරත්න පැතුම් නිස්සංක සමඟ පිටියට අවතීර්ණ වූ නමුත්, මෙවරත් ඔහුට බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට හැකි වුනේ නැහැ. 

දිමුත්ගේ අවසන් ටෙස්ට් ඉනිම ලකුණු 14කට සීමා වන අතරේ, ශ්‍රී ලංකා මුල් පෙළ සහ මැද පෙළ පිතිකරුවන් නැවතත් අසාර්ථක පිතිකරණයකට මුල පිරුවා. 

මෙවර ශ්‍රී ලංකා ඉනිමේ ගෞරවය බේරා ගැනීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස් විසින් බාරගත් අතර, ඔහු ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලකුණු 76ක් ලබා ගත්තා. 

මේ අතර නැවතත් සාර්ථක පිතිකරණයක නියැලීමට සමත් වූ කුසල් මෙන්ඩිස් දිනය නිමා වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳෙමින් ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වුනා. 

අද දිනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 08ක් දැවී ලකුණු 211ක් ලබා ගැනීමට සමත් වී සිටියා. මේ වන විට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 54ක් ඉදිරියෙන් පසු වනවා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Matthew Kuhnemann කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර, Nathan Lyon කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. 

තරගයේ සිව්වැනි දිනය අද (09) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Sri Lanka
257/10 (97.4) & 231/10 (68.1)

Australia
414/9 (106.4) & 75/1 (17.4)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Nathan Lyon 11 31 2 0 35.48
Dimuth Karunaratne b Nathan Lyon 36 83 3 0 43.37
Dinesh Chandimal st Alex Carey b Matthew Kuhemann 74 163 6 1 45.40
Angelo Mathews c Alex Carey b Nathan Lyon 1 26 0 0 3.85
Kamindu Mendis c Steve Smith b Travis Head 13 21 2 0 61.90
Dhananjaya de Silva c Beau Webster b Mitchell Starc 0 1 0 0 0.00
Kusal Mendis not out 85 139 10 1 61.15
Ramesh Mendis c Alex Carey b Mitchell Starc 28 94 2 0 29.79
Prabath Jayasuriya c Steve Smith b Mitchell Starc 0 1 0 0 0.00
Nishan Peiris b Matthew Kuhemann 0 3 0 0 0.00
Lahiru Kumara c Beau Webster b Matthew Kuhemann 2 26 0 0 7.69


Extras 7 (b 4 , lb 1 , nb 2, w 0, pen 0)
Total 257/10 (97.4 Overs, RR: 2.63)
Bowling O M R W Econ
Mitchell Starc 16 3 37 3 2.31
Matthew Kuhemann 33.4 9 63 3 1.89
Nathan Lyon 34 5 96 3 2.82
Beau Webster 3 0 13 0 4.33
Cooper Connolly 3 1 12 0 4.00
Travis Head 8 0 31 1 3.88
Batsmen R B 4s 6s SR
Travis Head c Dhananjaya de Silva b Nishan Peiris 21 22 3 0 95.45
Usman Khawaja lbw b Nishan Peiris 36 57 3 0 63.16
Marnus Labuschagne lbw b Prabath Jayasuriya 4 6 1 0 66.67
Steve Smith c Kusal Mendis b Prabath Jayasuriya 131 254 10 1 51.57
Alex Carey b Prabath Jayasuriya 156 188 15 2 82.98
Josh Inglis b Prabath Jayasuriya 0 2 0 0 0.00
Beau Webster b Ramesh Mendis 31 62 3 0 50.00
Cooper Connolly c Ramesh Mendis b Nishan Peiris 4 6 1 0 66.67
Mitchell Starc b Prabath Jayasuriya 8 29 0 0 27.59
Nathan Lyon not out 2 6 0 0 33.33
Matthew Kuhemann not out 6 8 1 0 75.00


Extras 15 (b 6 , lb 9 , nb 0, w 0, pen 0)
Total 414/9 (106.4 Overs, RR: 3.88)
Bowling O M R W Econ
Lahiru Kumara 7 1 37 0 5.29
Dhananjaya de Silva 5 0 18 0 3.60
Nishan Peiris 31 4 94 3 3.03
Prabath Jayasuriya 38 6 151 5 3.97
Ramesh Mendis 22.4 0 81 2 3.62
Kamindu Mendis 3 0 18 0 6.00
Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Matthew Kuhemann 8 8 2 0 100.00
Dimuth Karunaratne c Alex Carey b Matthew Kuhemann 14 28 1 0 50.00
Dinesh Chandimal c Beau Webster b Nathan Lyon 12 40 1 0 30.00
Angelo Mathews c Beau Webster b Nathan Lyon 76 149 4 1 51.01
Kamindu Mendis c Usman Khawaja b Nathan Lyon 14 35 1 0 40.00
Dhananjaya de Silva c Steve Smith b Matthew Kuhemann 23 46 4 0 50.00
Kusal Mendis c Steve Smith b Nathan Lyon 50 54 5 1 92.59
Ramesh Mendis c Travis Head b Beau Webster 0 6 0 0 0.00
Prabath Jayasuriya c Steve Smith b Matthew Kuhemann 6 12 0 0 50.00
Lahiru Kumara b Beau Webster 9 18 1 0 50.00
Nishan Peiris not out 4 14 0 0 28.57


Extras 15 (b 8 , lb 1 , nb 1, w 0, pen 5)
Total 231/10 (68.1 Overs, RR: 3.39)
Bowling O M R W Econ
Mitchell Starc 4 0 22 0 5.50
Matthew Kuhemann 23 5 63 4 2.74
Travis Head 9 0 33 0 3.67
Nathan Lyon 28 3 84 4 3.00
Cooper Connolly 2 0 9 0 4.50
Beau Webster 2.1 0 6 2 2.86


Batsmen R B 4s 6s SR
Usman Khawaja not out 27 44 3 0 61.36
Travis Head c Kusal Mendis b Prabath Jayasuriya 20 23 3 0 86.96
Marnus Labuschagne not out 26 39 4 0 66.67


Extras 2 (b 2 , lb 0 , nb 0, w 0, pen 0)
Total 75/1 (17.4 Overs, RR: 4.25)
Bowling O M R W Econ
Ramesh Mendis 3 1 16 0 5.33
Nishan Peiris 8 0 35 0 4.38
Prabath Jayasuriya 6 1 20 1 3.33
Dimuth Karunaratne 0.4 0 3 0 7.50