ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ඊයේ (07) ක්‍රියාත්මක වුනා.
තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 229ක් ලබා සිටි අතර, ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 257කට සීමා වුනා.
මෙහි දී ඉනිම අවසාන වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 85ක් ලබා ගනිමින් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වීමට සමත් වූ අතර Nathan Lyon, Matthew Kuhnemann සහ Mitchell Starc අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
මින් පසුව ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකා පළමු ඉනිමට පිළිතුරු සැපයීම සඳහා කඩුල්ලට පිවිසුණු අතර, එහි දී ඔවුන් වෙනුවෙන් ඉනිම ආරම්භ කළ Usman Khawaja සහ Travis Head පිළිවලින් ලකුණු 36ක් සහ ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනා.
නිශාන් පීරිස් ඔවුන් දෙදෙනා ම නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වන අතරේ, Marnus Labuschagne ද ලකුණු 04කට දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුනේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 91කට කඩුලු 03ක් ලෙස සටහන් කරවමිනුයි.
කෙසේ වෙතත් ඉන් පසුව කඩුල්ලේ එක් වූ Alex Carey සහ නායක Steven Smith දිනය නිමා වන තෙක් නොදැවී පිතිකරණයේ යෙදීමට සමත් වූ අතර, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 239ක දැවැන්ත සබඳතාවක් කරා යාමට ද ඔවුන් සමත් වීම විශේෂත්වයක්.
මෙහි දී Steven Smithගේ පිත්තෙන් ලකුණු 120ක් වාර්තා වන අතර, Alex Careyගේ පිත්තෙන් ලකුණු 139ක් වාර්තා වුනා.
දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 330ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඔවුන් මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 73ක් ඉදිරියෙන් පසු වනවා.
තරගයේ තෙවැනි දිනය අද (08) ක්‍රියාත්මක වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<