ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 242ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියාව අද (01) සමත් වුනා.
තරගයේ සිව්වැනි දිනය ලෙස අද තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 136ක් ලබා සිටි අතර, අද උදෑසන එම පළමු ඉනිම ලකුණු 165කට සීමා වුනා. මෙහි දී ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉනිමේ පසු පෙළ පිතිකරුවන්ට එතරම් සාර්ථක ලෙස ලකුණු කරා යාමට හැකියාව ලැබුණේ නැහැ.
මෙහි දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Matthew Kuhnemann කඩුලු 05ක් දවා ගන්නා අතරේ, Nathan Lyon කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
ඉන් පසුව ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා සිය දෙවැනි ඉනිම ද ආරම්භ කළ අතර, එය පළමු ඉනිමෙන් කිසිඳු වෙනස් කමක් සිදු නොවී ම අසාර්ථක ලෙස නිමා වුනා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය නැවතත් අසාර්ථක වූ අතර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා යන සියලු පිතිකරුවන් ලකුණු 30 සීමාව ඉක්මවා යමින් තම ඉනිම්වලට සාර්ථක ආරම්භයන් ලබා ගැනීමට සමත් වුනත්, ඒ එකඳු ක්‍රීඩකයකු හෝ අර්ධ ශතකයක සීමාවටවත් ළඟා වීමට සමත් වුනේ නැහැ.
කෙසේ වෙතත් ඉනිමේ අංක 09 පිතිකරු වූ ජෙෆ්‍රි වැන්ඩසේ ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් පන්දු 47කින් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ නිසා ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 200 සීමාව ද ඉක්මවා ගියා.
කෙසේ වෙතත් පන්දුවාර 54 පන්දු 3ක් තුළ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ද ලකුණු 247කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු දඟ පන්දුව සමත් වූ අතර, මෙහි දී Matthew Kuhnemann සහ Nathan Lyon කඩුලු 04 බැගින් දවා ගැනීමට සමත් වුනා.
ඒත් සමඟින් ඕස්ට්‍රේලියාවට මෙම ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 242ක ජයග්‍රහණයක් උරුම වුනා. තරගයේ වීරයා ලෙස Usman Khawaja සම්මාන දිනාගත්තා.
දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 06 වැනි දා ආරම්භ කිරීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Usman Khawaja | c Kusal Mendis b Prabath Jayasuriya | 232 | 352 | 16 | 1 | 65.91 |
Travis Head | c Dinesh Chandimal b Prabath Jayasuriya | 57 | 40 | 10 | 1 | 142.50 |
Marnus Labuschagne | c Dhananjaya de Silva b Jeffery Vandersay | 20 | 50 | 2 | 0 | 40.00 |
Steve Smith | lbw b Jeffery Vandersay | 141 | 251 | 12 | 2 | 56.18 |
Josh Inglis | c Kamindu Mendis b Prabath Jayasuriya | 102 | 94 | 10 | 1 | 108.51 |
Alex Carey | not out | 46 | 69 | 1 | 0 | 66.67 |
Beau Webster | c Kamindu Mendis b Jeffery Vandersay | 23 | 50 | 1 | 0 | 46.00 |
Mitchell Starc | not out | 19 | 19 | 0 | 0 | 100.00 |
Extras | 14 (b 2 , lb 11 , nb 1, w 0, pen 0) |
Total | 654/6 (154 Overs, RR: 4.25) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 15 | 1 | 77 | 0 | 5.13 | |
Nishan Peiris | 41 | 1 | 189 | 0 | 4.61 | |
Prabath Jayasuriya | 60 | 8 | 193 | 3 | 3.22 | |
Jeffery Vandersay | 38 | 0 | 182 | 3 | 4.79 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lasith Croospulle | lbw b Matthew Kuhemann | 7 | 10 | 1 | 0 | 70.00 |
Dimuth Karunaratne | c McSweeney b Mitchell Starc | 7 | 13 | 1 | 0 | 53.85 |
Dinesh Chandimal | lbw b Nathan Lyon | 72 | 139 | 9 | 0 | 51.80 |
Angelo Mathews | c Travis Head b Nathan Lyon | 7 | 18 | 1 | 0 | 38.89 |
Kamindu Mendis | c Alex Carey b Mitchell Starc | 15 | 38 | 1 | 1 | 39.47 |
Dhananjaya de Silva | st Matthew Kuhemann b Alex Carey | 22 | 34 | 3 | 0 | 64.71 |
Kusal Mendis | c Todd Murphy b Matthew Kuhemann | 21 | 40 | 1 | 1 | 52.50 |
Prabath Jayasuriya | st Alex Carey b Matthew Kuhemann | 0 | 6 | 0 | 0 | 0.00 |
Jeffery Vandersay | c Mitchell Starc b Matthew Kuhemann | 4 | 7 | 1 | 0 | 57.14 |
Nishan Peiris | c Josh Inglis b Nathan Lyon | 5 | 9 | 1 | 0 | 55.56 |
Asitha Fernando | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 5 (b 0 , lb 4 , nb 1, w 0, pen 0) |
Total | 165/10 (52.2 Overs, RR: 3.15) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mitchell Starc | 8 | 1 | 13 | 2 | 1.62 | |
Matthew Kuhemann | 18.2 | 3 | 63 | 5 | 3.46 | |
Nathan Lyon | 20 | 3 | 57 | 3 | 2.85 | |
Todd Murphy | 6 | 1 | 28 | 0 | 4.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lasith Croospulle | lbw b Mitchell Starc | 6 | 10 | 1 | 0 | 60.00 |
Dimuth Karunaratne | b Todd Murphy | 0 | 4 | 0 | 0 | 0.00 |
Dinesh Chandimal | c Travis Head b Nathan Lyon | 31 | 49 | 3 | 0 | 63.27 |
Angelo Mathews | c Travis Head b Nathan Lyon | 41 | 59 | 6 | 0 | 69.49 |
Kamindu Mendis | c Mitchell Starc b Matthew Kuhemann | 32 | 26 | 4 | 1 | 123.08 |
Dhananjaya de Silva | c Beau Webster b Matthew Kuhemann | 39 | 50 | 8 | 0 | 78.00 |
Kusal Mendis | st Alex Carey b Nathan Lyon | 34 | 47 | 4 | 0 | 72.34 |
Prabath Jayasuriya | b Nathan Lyon | 1 | 3 | 0 | 0 | 33.33 |
Jeffery Vandersay | c Mitchell Starc b Matthew Kuhemann | 53 | 47 | 7 | 2 | 112.77 |
Nishan Peiris | b Matthew Kuhemann | 0 | 14 | 0 | 0 | 0.00 |
Asitha Fernando | not out | 6 | 18 | 0 | 1 | 33.33 |
Extras | 4 (b 0 , lb 4 , nb 0, w 0, pen 0) |
Total | 247/10 (54.3 Overs, RR: 4.53) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mitchell Starc | 5 | 1 | 11 | 1 | 2.20 | |
Todd Murphy | 11 | 0 | 57 | 1 | 5.18 | |
Matthew Kuhemann | 17.3 | 2 | 86 | 4 | 4.97 | |
Nathan Lyon | 19 | 4 | 78 | 4 | 4.11 | |
Travis Head | 2 | 0 | 8 | 0 | 4.00 |