ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ඊයේ (31) නිමාවට පත් වුනා.
වර්ෂාව ඇද හැළීම නිසා බාධා එල්ල වූ මෙම දිනය තුළ ශ්‍රී ලංකා ඉනිමේ තවත් කඩුලු 2ක් බිඳ හෙළීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා.
ඊයේ තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඊයේ දිනය ආරම්භයේ දී ම කමිඳු මෙන්ඩිස් ලකුණු 15ක් ලබමින් පිටියෙන් ඉවත්ව ගියා.
ඉන් පසුව කඩුල්ලට පිවිසි නායක ධනංජය ද සිල්වා ද ලකුණු 22ක් ලබමින් පිටියෙන් ඉවත්ව ගිය අතර, ඉන් පසුව දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් කඩුල්ලේ එක් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
වර්ෂාව ඇද වැටී තෙවැනි දිනය වෙනුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 136ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, නොදැවී කඩුල්ලේ රැඳී සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 63ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
ශ්‍රී ලංකාව තවමත් ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 518ක් පිටුපසින් පසුවනවා.
තරගයේ සිව්වැනි දිනය අද (01) ක්‍රියාත්මක වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<