ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය අද (9) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.
දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 184ක් ලබාගෙන සිටියේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 180ක් පසුපසින් සිටිමින්.
දෙවැනි දිනය ආරම්භ වන විට කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 298ක් ලබාගෙන ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමක සිටියා. Alex Carey සහ Steven Smith 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 77 සබඳතාවය ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ වාර්තා වුනු දෙවැනි හොඳම සබඳතාවය වුනා.
සබඳතාවය අවසන් කරමින් ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ ලකුණු 28ක් ලබාගෙන සිටි Carey ස්වීප් කිරීමකට ගොස් රමේෂ් මෙන්ඩිස් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යාමත් සමඟම දෙවැනි දිනයේ කඩුලු බිඳ වැටීම ආරම්භ වුනා.
අවසානයේ දී ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 37ක් බිඳ දැමීමට ජයසූරිය සහ කසුන් රාජිත ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා. මේ තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත් ජයසූරිය මංගල ටෙස්ට් තරගයේ දී ම කඩුලු 6ක් දවාගෙන හොඳම දස්කම් අතරට පැමිණීමට සමත් වීම කැපී පෙනුණා.
මංගල ටෙස්ට් තරගයේ දී ම කඩුලු 5ක් දවා ගත් 6 වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වුනු ජයසූරිය ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමු ඉනිමේ කඩුලු 6ක් ලකුණු 118ක් දවා ගත්තා. ඉනිම අවසානයේ දී නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි Smith 4 පහර 16ක් එල්ල කරමින් නොදැවී ලකුණු 145*ක් ලබා ගත්තා. පළමු දිනයට ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 364කට සීමා කිරීමට හැකි වීම ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලැබූ ජයග්‍රහණයක්.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සිය මංගල ටෙස්ට් තරගයේ දී දැක්වූ දෙවැනි හොඳම පන්දු යැවීමේ දස්කම (හොඳම දස්කම – ප්‍රවීන් ජයවික්‍රම 6/92) දැක්වූ ජයසූරිය ලකුණු 118කට කඩුලු 6ක් දවා ගන්නා විට, කසුන් රාජිත කඩුලු 2ක් දවා ගත්තා.
- Labuschagne සහ Smith ශතක අතරට; පළමු දිනයේ දී ප්‍රභාත්ගෙන් කඩුලු 3ක්
- ක්‍රීඩකයින් තිදෙනෙක් දෙවැනි ටෙස්ට් තරගයෙන් හැලේ!
- “2023 ඉන්දීය තරගාවලියට ශ්‍රී ලංකා සංචාරය හොඳ පුහුණුවක්” – Mitchell Swepson
- සනත් ජයසූරිය Kandy Falcons සමඟ එක්වෙයි
- ශෙහාන් ජයසූරිය ඇමරිකා ක්‍රිකට් පිටිය දෙවනත් කරයි
දිවා ආහාරයට ආසන්නව තිබිය දී සිය පිළිතුරු පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව දිවා ආහාරය වන විට කිසිවෙක් නොදැවී ලකුණු 8ක් ලබාගැනීමට සමත් වුනු අතර එම සැසිය තුල කඩුලු 5ක් බිඳ වැටීම කැපී පෙනුණා.
Mitchell Starcගේ පන්දුවක් හමුවේ gully කලාපයේ සිට Cameron Green රැකගත් දක්ෂ උඩපන්දුවක් නිසා පැතුම් නිස්සංක ලකුණු 6ක් ලබාගෙන සිටිය දී දැවී ගියා. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට හොඳම ස්ථාවරත්වයක් සහ හොඳ අඩිතාලමක් සකස් කර දුන් දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 152ක් දක්වා වර්ධනය කිරීමට නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් සමත් වුනා.
එය ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයක දී මේ දක්වා ගොඩනංවා තිබෙන හොඳම සබඳතාවය බවට ද පත්වුනා.
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 30 වැනි අර්ධ ශතකය ලබා ගත් කරුණාරත්න පන්දු 165ක දී 4 පහර 10ක් සමඟ ලකුණු 86ක් ලබාගෙන සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකරමින් දවා ගැනීමට Mitchell Swepson සමත් වුනා. එහි දී ශ්‍රී ලංකාවේ එක් විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීමේ අවස්ථාවක් ද අහිමිව ගියා.
ශ්‍රී ලංකා ඉනිම පුරාවට ඉතාමත් හොඳ සංයමයකින් යුතුව පන්දුවට පහර දෙන මෙන්ඩිස් දිනය අවසන් වන විට නොදැවී අකුණු 84*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා. ඔහුගේ ඉනිමට 4 පහර 10ක් දැනට අන්තර්ගත වී තිබෙන අතර මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 14 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට අද සමත් වුනා. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 6*යි. පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන Starc සහ දකුණතින් පා දඟපන්දු යවන Swepson කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ දෙවැනි දිනයේ පළමු සැසිය තුල ප්‍රතිවාදීන්ගේ කඩුලු 5ක් සහ අවසන් සැසි දෙක තුල පමණක් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 176ක් ලබාගෙන දිනයේ වැඩි ගෞරවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. හෙට (10) තරගයේ තීරණාත්මක තෙවැනි දිනයයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Usman Khawaja | b Ramesh Mendis | 37 | 77 | 4 | 0 | 48.05 |
David Warner | b Kasun Rajitha | 5 | 13 | 1 | 0 | 38.46 |
Marnus Labuschagne | st Niroshan Dickwella b Prabath Jayasuriya | 104 | 156 | 12 | 0 | 66.67 |
Steve Smith | not out | 145 | 227 | 16 | 0 | 63.88 |
Travis Head | b Prabath Jayasuriya | 12 | 36 | 0 | 0 | 33.33 |
Cameron Green | lbw b Prabath Jayasuriya | 4 | 14 | 0 | 0 | 28.57 |
Alex Carey | c Ramesh Mendis b Prabath Jayasuriya | 28 | 61 | 4 | 0 | 45.90 |
Mitchell Starc | c Kusal Mendis b Prabath Jayasuriya | 1 | 8 | 0 | 0 | 12.50 |
Pat Cummins | lbw b Kasun Rajitha | 5 | 6 | 1 | 0 | 83.33 |
Nathan Lyon | lbw b Prabath Jayasuriya | 5 | 6 | 1 | 0 | 83.33 |
Mitchell Swepson | lbw b Maheesh Theekshana | 3 | 14 | 0 | 0 | 21.43 |
Extras | 15 (b 5 , lb 6 , nb 3, w 1, pen 0) |
Total | 364/10 (110 Overs, RR: 3.31) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 25 | 4 | 70 | 2 | 2.80 | |
Ramesh Mendis | 33 | 1 | 117 | 1 | 3.55 | |
Maheesh Theekshana | 16 | 2 | 48 | 1 | 3.00 | |
Prabath Jayasuriya | 36 | 3 | 118 | 6 | 3.28 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Mitchell Starc b Cameron Green | 6 | 25 | 0 | 0 | 24.00 |
Dimuth Karunaratne | lbw b Mitchell Swepson | 86 | 165 | 10 | 0 | 52.12 |
Kusal Mendis | lbw b Nathan Lyon | 85 | 161 | 9 | 0 | 52.80 |
Angelo Mathews | c Marnus Labuschagne b Mitchell Starc | 52 | 117 | 4 | 0 | 44.44 |
Dinesh Chandimal | not out | 206 | 326 | 16 | 5 | 63.19 |
Kamindu Mendis | b Mitchell Swepson | 61 | 137 | 7 | 0 | 44.53 |
Niroshan Dickwella | c Pat Cummins b Nathan Lyon | 5 | 13 | 0 | 0 | 38.46 |
Ramesh Mendis | lbw b Mitchell Starc | 29 | 98 | 0 | 0 | 29.59 |
Maheesh Theekshana | b Pat Cummins | 10 | 27 | 2 | 0 | 37.04 |
Prabath Jayasuriya | b Mitchell Starc | 0 | 9 | 0 | 0 | 0.00 |
Kasun Rajitha | lbw b Mitchell Swepson | 0 | 9 | 0 | 0 | 0.00 |
Extras | 14 (b 4 , lb 6 , nb 1, w 3, pen 0) |
Total | 554/10 (180 Overs, RR: 3.08) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mitchell Starc | 29 | 3 | 89 | 4 | 3.07 | |
Pat Cummins | 30 | 5 | 95 | 1 | 3.17 | |
Nathan Lyon | 64 | 5 | 194 | 2 | 3.03 | |
Cameron Green | 6 | 0 | 20 | 0 | 3.33 | |
Mitchell Swepson | 37 | 2 | 100 | 3 | 2.70 | |
Travis Head | 8 | 0 | 27 | 0 | 3.38 | |
Marnus Labuschagne | 6 | 0 | 16 | 0 | 2.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
David Warner | lbw b Ramesh Mendis | 24 | 44 | 4 | 0 | 54.55 |
Usman Khawaja | c Oshada Fernando b Prabath Jayasuriya | 29 | 47 | 4 | 0 | 61.70 |
Marnus Labuschagne | lbw b Prabath Jayasuriya | 32 | 59 | 3 | 0 | 54.24 |
Steve Smith | lbw b Prabath Jayasuriya | 0 | 4 | 0 | 0 | 0.00 |
Travis Head | b Ramesh Mendis | 5 | 4 | 1 | 0 | 125.00 |
Cameron Green | st Niroshan Dickwella b Prabath Jayasuriya | 23 | 32 | 2 | 0 | 71.88 |
Alex Carey | not out | 16 | 28 | 0 | 0 | 57.14 |
Mitchell Starc | c Prabath Jayasuriya b Kusal Mendis | 0 | 2 | 0 | 0 | 0.00 |
Pat Cummins | lbw b Maheesh Theekshana | 16 | 18 | 1 | 0 | 88.89 |
Nathan Lyon | lbw b Maheesh Theekshana | 5 | 3 | 1 | 0 | 166.67 |
Mitchell Swepson | b Prabath Jayasuriya | 0 | 5 | 0 | 0 | 0.00 |
Extras | 1 (b 1 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 151/10 (41 Overs, RR: 3.68) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 5 | 1 | 16 | 0 | 3.20 | |
Maheesh Theekshana | 5 | 0 | 28 | 2 | 5.60 | |
Ramesh Mendis | 15 | 2 | 47 | 2 | 3.13 | |
Prabath Jayasuriya | 16 | 2 | 59 | 6 | 3.69 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<