ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතාවයට ඇතුළත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අද (08) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
දිනයේ පළමු දිනය අවසන් වන විට කාසියේ වාසිය දිනා ගෙන සිය පළමු ඉනිම දියත් කරන ඕස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 298ක් වාර්තා කරගෙන ඉතාමත් හොඳ මට්ටමක සිටියා.
ශ්‍රී ලංකාව වෙනස්කම් 4ක් සිදුකරමින් අද තරගයට අවතීර්ණ වුනා. ඒ අනුව ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, අසිත ප්‍රනාන්දු සහ ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයින් සිව්දෙනා හටම COVID-19 වෛරසය ආසාදනය වීම නිසා ඔවුන් මේ තරගයට කළේ නැහැ. එසේම පළමු ටෙස්ට් තරගයේ දී සිය සුපුරුදු රිද්මයට පැමිණීමට අපොහොසත් වුනු ලසිත් ඇඹුල්දෙණිය ද මේ තරගයට ක්‍රීඩා නොකරන අතර ඔහු මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ද නිදහස් කර තිබෙනවා.
ඒ අනුව වමතින් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය, දකුණතින් පිට දඟපන්දු යවන මහීෂ් තීක්ෂණ සහ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මේ තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වුනු අතර කසුන් රාජිත ද මේ තරගයට ක්‍රීඩා කළා.
ඕස්ට්‍රේලියාව සිය කණ්ඩායමේ එකඳු හෝ වෙනසක් සිදු නොකරමින් මේ තරගයට ක්‍රීඩා කරන අතර ඔවුන් නිමා වුන පාකිස්තාන තරග සංචාරයේ සිට නොකඩවා ටෙස්ට් තරග 4කට (මේ තරගය ද ඇතුළත්ව) එකම ක්‍රීඩකයින් 11 දෙනෙක් ටෙස්ට් තරග සඳහා ක්‍රීඩා කරවීම විශේෂත්වයක්.
දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,
ශ්‍රී ලංකා කණ්ඩායම – Dimuth Karunaratne (captain), Pathum Nissanka, Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Kamindu Mendis, Niroshan Dickwella (wk), Ramesh Mendis, Maheesh Theekshanna, Prabath Jayasuriya, Kasun Rajitha.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම – David Warner, Usman Khawaja, Marnus Labuschagne, Steve Smith, Travis Head, Cameron Green, Alex Carey (wk), Pat Cummins (captain), Mitchell Starc, Nathan Lyon, Mitch Swepson.
අද දිනයේ දී Marnus Labuschagne සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7 වැනි සහ ඕස්ට්‍රේලියාවෙන් එපිට වාර්තා කරගත් පළමු ටෙස්ට් ශතකය ලබාගැනීමට අද සමත් වුනා. ඔහුගේ ඉනිම ආරම්භයේ දීම ස්ටම්ප්ස් කිරීමකට හසු කරගනිමින් දවා ගැනීමට තිබුණු අවස්ථාවක් නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී ගියා. කෙසේ නමුත් සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ප්‍රභාත් ජයසූරිය ලකුණු 104ක් රැස් කරගෙන සිටි Labuschagneගේ කඩුල්ල ස්ටම්ප්ස් කිරීමකට හසු කරගනිමින් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුනා.
එසේම ටෙස්ට් ඉනිම 19කට සහ මස 18කට වැඩි කාලයකට පසුව ටෙස්ට් ශතකයක් වාර්තා කරගැනීමට Steven Smith සමත් වුනා. එය Smithගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 28 වැනි ටෙස්ට් ශතකය වූ අතර දිනය අවසන් වන විට ඔහු නොදැවී ලකුණු 109*ක් වාර්තා කරගෙන සිටියා. ඔහු සහ Labuschagne එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 134ක සබඳතාවය දිනයේ වාර්තා වුනු හොඳම සබඳතාවය වූ අතර ප්‍රභාත් ජයසූරිය දිනය තුළ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ David Warner සහ Usman Khawajaගේ සබඳතාවය
දිනය ආරම්භයේ දීම අවසන් කරමින් Warnerගේ කඩුල්ල ලකුණු 5කට දවා ගැනීමට රාජිත සමත් වුනා. අනතුරුව පිටියේ එක්වුනු Khawaja සහ Labuschagne දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක සබඳතාවයක් ගොඩනංවමින් ඕස්ට්‍රේලියානු ඉනිමට හොඳ මුල්පෙළ අඩිතාලමක් සකස් කර දුන්නා.
- ශෙහාන් ජයසූරිය ඇමරිකා ක්‍රිකට් පිටිය දෙවනත් කරයි
- වසර 8කට පසුව Kohli පළමු 10යේ නැහැ!
- ක්‍රීඩකයින් තිදෙනෙක් දෙවැනි ටෙස්ට් තරගයෙන් හැලේ!
- ජැක්සන් වෝන් තම පියාට වූ පොරොන්දුව ඉටු කරයි
තණතීරුවේ මැද ඉන්නත් පිට ඉන්නත් අතර පතිත වුනු පිටතට දඟකැවුනු පන්දුව Khawajaගේ පිත්ත අභිබවා ගොස් පිට ඉන්නේ ඉහළ වැදුනු අතර ඒ නිසාවෙන් ඉතාමත් හොඳ රිද්මයකින් පන්දුවට පහරදෙමින් සිටි Khawajaව ලකුණු 37කට දවා ගැනීමට රමේෂ් හට හැකි වුනා.
ශ්‍රී ලංකාවට තර්ජනයක් වුනු තෙවැනි කඩුල්ලේ සබඳතාවය බිඳ දමමින් Labuschagneගේ කඩුල්ල මුළු ලකුණු 204 දී දවා ගත් ජයසූරිය තවත් ලකුණු 48ක් තුළ Head සහ Greenගේ කඩුලු 2ක බිඳ දමමින් නැවතත් ශ්‍රී ලංකාව තරගයට රැගෙන එන්නට සමත් වුනා.
කෙසේ නමුත් ලකුණු 252කට කඩුලු 5ක් දැවී ගොස් තිබුණු ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ මැදපෙළ සවිමත් කළ Smith සහ කඩුලු රකින පිතිකරු Alex Carey තරගයේ පළමු දිනය අවසන් වන විට 6 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුනු ලකුණු 46*ක සබඳතාවයක් ගොඩනංවා තරගයේ පීඩනය නැවතත් ශ්‍රී ලංකාව දෙසට යොමු කිරීමට සමත් වුනා. දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Carey සහ Smith පිළිවෙළින් ලකුණු 16*ක් සහ ලකුණු 109*ක් රැස් කරගෙන ගෙන සිටියා.
පළමු තරගයේ දී දුටු තණතීරුවට සාපේක්ෂව මේ තණතීරුව පිතිකරුවන්ට යම් සහනයක් තිබෙන තණතීරුවක් වුවත් දින ගතවත්ම දඟපන්දු යවන්නන්ට යම් වාසිදායක වන තණතීරුවක් බවට පත්වෙනු ඇති අතර ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 400+කට වැඩි ලකුණක් වෙත යාමට උත්සාහ කරනු ඇති. ඒ නිසාවෙන් දෙවන දිනය තුළ හැකි ඉක්මණින් ඕස්ට්‍රේලියානු ඉතිරි කඩුලු 5 අවම ලකුණු මට්ටමක් තුළ දවා ගැනීම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සැලසුම විය යුතුයි.
දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාවට කඩුලු 10ක පරාජයකට මුහුණ දීමට සිදුවුන අතර ඒ සමඟ 1-0ක් ලෙස ඕස්ට්‍රේලියාව දැනට තරගාවලියේ ඉදිරියෙන් සිටිනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Usman Khawaja | b Ramesh Mendis | 37 | 77 | 4 | 0 | 48.05 |
David Warner | b Kasun Rajitha | 5 | 13 | 1 | 0 | 38.46 |
Marnus Labuschagne | st Niroshan Dickwella b Prabath Jayasuriya | 104 | 156 | 12 | 0 | 66.67 |
Steve Smith | not out | 145 | 227 | 16 | 0 | 63.88 |
Travis Head | b Prabath Jayasuriya | 12 | 36 | 0 | 0 | 33.33 |
Cameron Green | lbw b Prabath Jayasuriya | 4 | 14 | 0 | 0 | 28.57 |
Alex Carey | c Ramesh Mendis b Prabath Jayasuriya | 28 | 61 | 4 | 0 | 45.90 |
Mitchell Starc | c Kusal Mendis b Prabath Jayasuriya | 1 | 8 | 0 | 0 | 12.50 |
Pat Cummins | lbw b Kasun Rajitha | 5 | 6 | 1 | 0 | 83.33 |
Nathan Lyon | lbw b Prabath Jayasuriya | 5 | 6 | 1 | 0 | 83.33 |
Mitchell Swepson | lbw b Maheesh Theekshana | 3 | 14 | 0 | 0 | 21.43 |
Extras | 15 (b 5 , lb 6 , nb 3, w 1, pen 0) |
Total | 364/10 (110 Overs, RR: 3.31) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 25 | 4 | 70 | 2 | 2.80 | |
Ramesh Mendis | 33 | 1 | 117 | 1 | 3.55 | |
Maheesh Theekshana | 16 | 2 | 48 | 1 | 3.00 | |
Prabath Jayasuriya | 36 | 3 | 118 | 6 | 3.28 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Mitchell Starc b Cameron Green | 6 | 25 | 0 | 0 | 24.00 |
Dimuth Karunaratne | lbw b Mitchell Swepson | 86 | 165 | 10 | 0 | 52.12 |
Kusal Mendis | lbw b Nathan Lyon | 85 | 161 | 9 | 0 | 52.80 |
Angelo Mathews | c Marnus Labuschagne b Mitchell Starc | 52 | 117 | 4 | 0 | 44.44 |
Dinesh Chandimal | not out | 206 | 326 | 16 | 5 | 63.19 |
Kamindu Mendis | b Mitchell Swepson | 61 | 137 | 7 | 0 | 44.53 |
Niroshan Dickwella | c Pat Cummins b Nathan Lyon | 5 | 13 | 0 | 0 | 38.46 |
Ramesh Mendis | lbw b Mitchell Starc | 29 | 98 | 0 | 0 | 29.59 |
Maheesh Theekshana | b Pat Cummins | 10 | 27 | 2 | 0 | 37.04 |
Prabath Jayasuriya | b Mitchell Starc | 0 | 9 | 0 | 0 | 0.00 |
Kasun Rajitha | lbw b Mitchell Swepson | 0 | 9 | 0 | 0 | 0.00 |
Extras | 14 (b 4 , lb 6 , nb 1, w 3, pen 0) |
Total | 554/10 (180 Overs, RR: 3.08) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mitchell Starc | 29 | 3 | 89 | 4 | 3.07 | |
Pat Cummins | 30 | 5 | 95 | 1 | 3.17 | |
Nathan Lyon | 64 | 5 | 194 | 2 | 3.03 | |
Cameron Green | 6 | 0 | 20 | 0 | 3.33 | |
Mitchell Swepson | 37 | 2 | 100 | 3 | 2.70 | |
Travis Head | 8 | 0 | 27 | 0 | 3.38 | |
Marnus Labuschagne | 6 | 0 | 16 | 0 | 2.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
David Warner | lbw b Ramesh Mendis | 24 | 44 | 4 | 0 | 54.55 |
Usman Khawaja | c Oshada Fernando b Prabath Jayasuriya | 29 | 47 | 4 | 0 | 61.70 |
Marnus Labuschagne | lbw b Prabath Jayasuriya | 32 | 59 | 3 | 0 | 54.24 |
Steve Smith | lbw b Prabath Jayasuriya | 0 | 4 | 0 | 0 | 0.00 |
Travis Head | b Ramesh Mendis | 5 | 4 | 1 | 0 | 125.00 |
Cameron Green | st Niroshan Dickwella b Prabath Jayasuriya | 23 | 32 | 2 | 0 | 71.88 |
Alex Carey | not out | 16 | 28 | 0 | 0 | 57.14 |
Mitchell Starc | c Prabath Jayasuriya b Kusal Mendis | 0 | 2 | 0 | 0 | 0.00 |
Pat Cummins | lbw b Maheesh Theekshana | 16 | 18 | 1 | 0 | 88.89 |
Nathan Lyon | lbw b Maheesh Theekshana | 5 | 3 | 1 | 0 | 166.67 |
Mitchell Swepson | b Prabath Jayasuriya | 0 | 5 | 0 | 0 | 0.00 |
Extras | 1 (b 1 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 151/10 (41 Overs, RR: 3.68) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 5 | 1 | 16 | 0 | 3.20 | |
Maheesh Theekshana | 5 | 0 | 28 | 2 | 5.60 | |
Ramesh Mendis | 15 | 2 | 47 | 2 | 3.13 | |
Prabath Jayasuriya | 16 | 2 | 59 | 6 | 3.69 |