බංග්ලාදේශ ටෙස්ට් නායක මොමිනුල් හක් පවසා සිටින්නේ ෂකිබ් අල් හසන් තරග තහනමකට ලක්ව සිටින නිසා ඕස්ට්‍රේලියාව හා බංගලාදේශය අතර එරට දී පවත්වන්නට නියමිතව තිබුණු ටෙස්ට් තරගාවලිය කල් යාම වෙස්වලාගත් ආශීර්වාදයක් බවයි.
පුජාරාගේ එංගලන්ත ගමන නවතියි
ගෝලීය වසංගතයක් වන COVID-19 හමුවේ ලොව පුරා සියලු ක්‍රීඩා තරග මේ වන විට අවලංගු වී ඇත…
තරග දෙකකින් සමන්විත ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බංගලාදේශය සංචාරය ජුනි මස පැවැත්වීමට සැලසුම් කර තිබුණු අතර පැතිර යන කොරෝනා වයිරස වසංගතය නිසා එම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමුණා. ඕස්ට්‍රේලියානු හා බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් පසුගිය අප්‍රේල් 9 වැනිදා තරගාවලිය කල් දැමීමට ඒකමතිකව තීරණය කළා.
තරග පාවදීම් යෝජනා වාර්තා කිරීමට අපොහොසත් වීම නිසා ICC විසින් ෂකිබ් අල් හසන් හට වසරක ක්‍රිකට් තරග තහනමක් පනවන්නට තීරණය කර තිබුණා. ඕස්ට්‍රේලියානු තරගාවලිය ලබන වසර දක්වා තල්ලු වුනහොත් එළඹෙන ඔක්තෝබර් 29 වැනිදා ෂකිබ්ගේ තරහ තහනම අවසන් වීම නිසා ඔහුටත් එම තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වනු ඇත.
“ඕස්ට්‍රේලියානු සංචාරය කල් යෑම පිළිබඳව මම නම් අසතුටු නැහැ.” මොමිනුල් පවසා තිබුණ. “ඒ නිසාම අපිට අපේ මුළු ශක්තියෙන්ම ඕස්ට්‍රේලියාවට මුහුණ දෙන්න පුළුවන්. තරගාවලිය ලබන වසරට කල් ගියොත් ෂකිබ් හට නැවත කණ්ඩායමට පිවිසෙන්න පුළුවන්.”
“ෂකිබ් අපේ කණ්ඩායම සවිමත් කරනවා, ඔහු නැතිනම් මට තවත් වමත් දඟපන්දු යවන්නෙක් සොයන්නට සිදු වෙනවා. ඒ නිසාම එක පැත්තකින් මේ දේවල් වෙන විදිහ ගැන මට අකමැත්තක් නැහැ. තරගාවලිය ලබන අප්‍රේල් දක්වා කල් ගියොත් ෂකිබ් හට සූදානම් වෙන්න ඕනෑවට වඩා වෙලාවත් තිබෙනවා. නායකයෙක් විදිහට මම කැමතියි ඕස්ට්‍රේලියාව වැනි කණ්ඩායම් සමඟ ක්‍රීඩා කරන විට මගේ හොඳම ක්‍රීඩකයින් මා සතුව ඉන්නවා නම්.”
මොමිනුල් තවදුරටත් පවසා සිටින්නේ ඕස්ට්‍රේලියානු තරගාවලියත්, පාකිස්තානයට එරෙහිව හුදකලා ටෙස්ට් තරගයත්, නවසිලන්ත තරගාවලියත් යන තරගාවලි සියල්ල ICC ටෙස්ට් ශූරතා චක්‍රය තුල දී පවත්වා අවසන් කිරීමට හැකි වනු ඇති බවයි.
ක්‍රිකට් ප්‍රමාද දෝෂයට එංගලන්තයෙන් සැලසුමක්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය තවදුරටත් ප්‍රමාද වීම නොවැළැක්වි…
“මේ සිදුවන දේට කවුරුත් වගකිව යුතු නැහැ. ඒ ගැන සිත සිතා සිට ඵලක් නැහැ. මම හැම අවස්ථාවකම ධනාත්මකව සිතන කෙනෙක්. මේ තරග සියල්ල ටෙස්ට් ශූරතාවයේ තරග. ඒ නිසා මම හිතන්නේ මේ තරග පැවැත්විය යුතුමයි. ඒ තරග ක්‍රීඩා කරන්න නොහැකි වුනොත් අපිට වගේම ඔවුන්ටත් පාඩු වෙනවා. තරග සුදුසු කාලයට පවත්වන්න පුළුවන් වේවි.”
ගෙදරට සිරවී සිටින බංගලාදේශ නායකයා 1990 දශකයේ ඉන්දියානු පාකිස්තාන තරගවල සචින් ටෙන්ඩුල්කාර්ගේ ක්‍රීඩා රටාව අධ්‍යයනය කරන බව පවසා සිටියා.
“මම ටිකක් කනගාටුවෙන් ඉන්නේ පුහුණුවීම් කරන්න බැරි වීම ගැන. මම විද්‍යුත් ක්‍රමවලින් පිතිකරණයේ යෙදෙනවා. නැත්තම් මම දුවනවා මගේ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගන්න. මම සචින් ටෙන්ඩුල්කාර්ගේ තරග බලනවා. 90 දශකයේ ඉන්දියානු – පාකිස්තාන තරග”
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<