පුජාරාගේ පිත්ත නිහඬ කරන්න විජ්ජාවල් සොයන ඕස්ට්‍රේලියානුවෝ

105

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය තරමක අභියෝගාත්මක තරගාවලියක් විය හැකි බැවින් ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට සුවිශේෂී සැලැස්මක් අවශ්‍ය බව ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් ඉකුත් දා (22) පැවති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්වෙමින් සඳහන් කර සිටියේය.

මොහොමඩ් අමීර් හා හසන් අලිව කණ්ඩායමෙන් කැපුවා ද?

ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සන්නද්ධ අත්දැකීම් බහුල ඉන්දීය පිතිකරු බලඇණියේ කොඳුනාරටිය ලෙස ක්‍රියා කරමින් ප්‍රතිවාදී පන්දුව යවන්නන් හෙම්බත් වන තෙක් කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දෙන චෙතේෂ්වර් පුජාරාගේ කඩුල්ල ඉදිරි තරගාවලියේ දී අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇති බව කමින්ස් විශේෂයෙන් මතක් කර දෙන්නට විය.

තම අන්තය රැක ගනිමින් දිගු වේලාවක් පන්දුවට පහර දීමේ ඇති හැකියාව නිසාවෙන් ඉන්දීය සුපිරි පිතිකරු පුජාරා නිසැකවම ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් හට දැඩි හිසරදයක් විය හැකි බවත්, ඔහු ඇතුළු ප්‍රබල ඕස්ට්‍රේලියානු වේගපන්දු බලඇණිය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කල්තියා සූදානමින් පසුවන බවත් ප්‍රකාශ කර සිටියේය.

“2018-19 දී පැවතිච්ච තරගාවලිය සම්පූර්ණයෙන්ම කණපිට හැරෙව්වේ පුජාරගේ පිතිහරඹය. ක්‍රීඩා කරපු හැම තරගයක දී ම ලොකු ලකුණු සංඛ්‍යාවන් වලට යන්න ඔහුට පුළුවන් වුනා. අනිත් එක පුජාරගේ පිතිකරණ රටාව ඔහුටම ආවේණික වුන එකක්. ඉනිම ගොඩනඟන්න ඔහු කලබල වෙන්නේ නැහැ වගේම ලකුණු රැස් කරන්න ලොකු ලොකු දේවල් කරන්න උත්සහ කරන්නේ නැහැ. පහුගිය වතාවේ විදියටම පුජාරා ඔහුට සුපුරුදු පිතිහරඹ රටාවේ නියැලුණොත් අපිට අනිවාර්‍යෙන්ම සිදු වෙනවා ඒ වෙනුවෙන් අළුත් සැලසුමක් සකස් කරන්න.”

කොරෝනා වලින් පස්සේ ක්‍රිකට් පටන් ගන්නේ මෙහෙමයි

“අනිත් එක කියන්න ඕනෑ ඒ තරගාවලියේ සකස් කරපු තණතීරු වැඩි හරියක් සහය දැක්වුවේ පිතිකරුවන්ට. තණතිල්ලෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සහ කරපු ගොඩක් අවස්ථාවන් වලදී පන්දුව නතර වුනේ හතරේ සීමාවේ. ඒක නිසා මම හිතනවා පහුගිය වතාවෙන් අපි යමක් ඉගෙන ගන්න ඇති කියලා. ඉපිලීමක් තියෙන විදියට තණතීරුව සකස් කළොත් අපේ වේගපන්දු යවන්නන්ට හොඳ අවස්ථාවක් තියෙනවා පුජාරට ලොකු පීඩනයක් එල්ල කරන්න. අප ඉදිරියේ දී කොහොම වෙයි ද කියලා.”

ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුව සවිබල ගන්වන ප්‍රධානතම බලකණු දෙක ලෙස සැලකෙන ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝර්නර්ගේ සහ ස්ටිව් ස්මිත්ගේ සේවය එම තරගාවලියේ දී අහිමි වී යාම ඔවුන්ගේ අනපේක්ෂිත පසුබෑමට බෙහෙවින් බලපෑ බවට නොරහසක් වන අතර එයින් උපරිම ඵල නෙලා ගනිමින් යොවුන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නෝ වගබලා ගත්හ.

අසාර්ථක වූ සෑම මොහොතක දී ම ඉන් යමක් ඉගෙන ගැනීමට තමන් උත්සහ කළ බවත් එවැනි කැපවීමකින් කටයුතු කළ නිසාවෙන් ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට කෙටි කලක් තුල දී පත්වීමට තමන්ට හැකි වුන බවත් කමින්ස් සඳහන් කර සිටියේය.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ තවත් අර්බුදයක්!

“ඉන්දීය තරගාවලි පරාජයෙන් පස්සේ ටෙස්ට් තරග 10-15ත් අතර ගණනක් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණ නිසා තිබුණ අඩුපාඩු කිහිපය ඉක්මනින් නිවැරදි කරගන්න මට පුළුවන් වුනා. හොඳ සම්මිශ්‍රණයකින් යුතුව පන්දු යැව්ව නිසා පිතිකරුවන්ට පන්දුව තෝරා බේරා ගන්න ටිකක් අපහසු වුනා කියලා මම හිතනවා. පුළුවන් හැම වෙලාවෙම පන්දුවේ සීමයෙන් වැඩක් ගන්න වේග පන්දු යවන්නන් උත්සහ කරන්න ඕන.”

“සමහර විට ටෙස්ට් තරගයක් කියන්නේ විශ්වකෝෂයක්. එක තරගයකින් උනත් ඉගෙන ගන්න දේවල් බොහොමයක් තියෙනවා. ටෙස්ට් ක්‍රීඩා කරනවා කියන එක සමහරක් විට සුන්දර අත්දැකීමක් වෙන්න පුළුවන් වගේම වෙලාවකට ඉතාමත් අමිහිරි, කටුක අත්දැකීමක් වෙන්නත් පුළුවන්. කඩුලු දවා ගන්න වෑයම් නොකරන තාක් කල් ප්‍රතිවාදී පිතිකරුවන්ට පුළුවන් තරගයේ පාලනය එයාලගේ අතේ තියාගන්න. ඉන්දීය තරගාවලියෙන් මම ඉගෙන ගත් දේ ඒක. ඉහළ තලයේ ඉන්න කණ්ඩායමක් එක්ක පෑහෙන්න නම් අපිත් ඒ මට්ටමට හැකියා දක්ෂතා දියුණු කරගන්න එක අත්‍යාවශ්‍යයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<