ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් තරගයේ අසුනක් තහවුරු කර ගැනීම සඳහා ඉතා තීරණාත්මක තරගාවලියක් ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.
කෙසේ නමුත් එම තීරණාත්මක තරගාවලියට පෙර ඕස්ට්‍රේලියාව තරමක පසුබෑමකට ඇද දමමින් ඔවුන්ගේ තුන් ඉරියව් ක්‍රීඩක Cameron Green හට පළමු ටෙස්ට් තරගයේ පන්දු යැවීමට නොහැකි වන බව වාර්තා වනවා.
දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගයේ දී ඇති වූ ආබාධයෙන් Green තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති අතර ආබාධයට සිදු කළ සැත්කම නිසා ඔහුට මෙවර බිග් බෑෂ් තරගාවලිය ක්‍රීඩා කිරීමට ද හැකි වුනේ නැහැ.
“Cameron Green සම්පූර්ණයෙන් සුවය ලබා ඇති නම් අපට සම්පූර්ණ පන්දු යැවීමේ බල ඇණිය ලබා ගැනීමට හැකි වෙනවා. නමුත් එය යථාර්ථවාදී නැහැ. ඔහු සම්පූර්ණයෙන් සුව වුනා නම් මේ සියලු ගැටලු දුරස් වෙලා තියෙයි.
පන්දු යැවීම තමයි ඔහුගේ විශාලතම අභියෝගය. ඔහු හෙට නැවතත් ශල්‍ය වෛද්‍යවරයා හමුවෙන්න නියමිත අතර එහි දී ඔහුට අස්ථිය සුව වී ඇති බවට ලකුණක් දිය යුතුයි.
ඉන්පසුව ඔහු විසින් ඔහුව ගොඩ නගා ගත යුතු අතර වැදගත්ම දේ වෙන්නේ විශ්වාසය ගොඩ නැගීමයි,” යැයි ඕස්ට්‍රේලියා ප්‍රධාන පුහුණුකරු Andrew McDonald ප්‍රකාශ කළා.
- ශ්‍රී ලංකා සභාපති කණ්ඩායමෙන් සුපිරි හඹා යෑමක්
- එංගලන්ත ලයන්ස්ට එරෙහි ශ්‍රී ලංකා A සංචිතය නම් කරයි
- නිශාන්ගේ අර්ධ ශතකයෙන් ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක්
- ICC නම් කළ 2022 වසරේ කණ්ඩායම්
එමෙන්ම ඕස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක Mitchell Starcගේ ආබාධ තත්වය පිළිබඳව අදහස් දක්වමින් McDonald ප්‍රකාශ කළේ,
“ඔහු අද උදෑසන පන්දු යැව්වා. නමුත් ඔහු තවමත් ඔහුගේ ඇඟිල්ල වෙළුම් පටියකින් බැඳ ගෙන ඉන්නේ. ඔහු දෙවැනි ටෙස්ට් තරගය සඳහා යොදා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බලාපොරොත්තු වෙනවා හැමදෙයක්ම හොඳින් වෙයි කියලා. නමුත් ආබාධයේ ස්වභාවය අනුව අපිට වේගවත්ව කටයුතු කරන්න බැහැ.”
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ආරම්භ වීමට නියමිත තරග හතරකින් යුත් ටෙස්ට් තරගාවලිය පෙබරවාරි 09 සිට මාර්තු 13 දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.
Hindustan Times ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<