ඕස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැටින්සන්, අයහපත් හැසිරීම හේතුවෙන් (player abuse) පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් කරන්නට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අගර්වාල්ගේ පිත්ත ඉදිරියේ බංගලියෝ හිස නමති
ලෝක ටෙස්ට් ශූරතාවයේ තරගාවලියක් වශයෙන් සංචාරක බංග්ලාදේශ හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් …
පැටින්සන්, වික්ටෝරියා කණ්ඩායම හා ක්වීන්ස්ලන්ඩ් කණ්ඩායම අතර Sheffield පලිහ වෙනුවෙන් පැවති තරගයක දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රීඩක චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කර ඇති බව ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.
ඔහු එහි දී වෙනත් ක්‍රීඩකයෙකුට යමක් පවසා ඇති අතර එලෙස පැවසූ දෙය පැහැදිලි නැතත්, “පන්දු රැකීමේ දී වෙනත් ක්‍රීඩකයෙකු පෞද්ගලිකව අවමානයට ලක් කිරීම” යන වරද පසුගිය මාස 18 ඇතුළත තෙවැනි වතාවටත් සිදු කිරීම නිසා මෙලෙස ඔහුට එක් තරගයක තරග තහනමක් හිමිව තිබෙනවා.
“අපිට වගකීමක් තිබෙනවා ක්‍රීඩකයින්ගේ හැසිරීම ඉහළ මට්ටමක පවත්වා ගන්න හා මේ වගේ අවස්ථාවල දී ඉක්මනින් ගත හැකි පියවර ගන්න.” ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක ප්‍රධානි ෂෝන් කැරොල් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණා.
පැටින්සනගේ තරග තහනම නිසා ඔහු වෙනුවට එළඹෙන බ්‍රහස්පතින්දා බ්‍රිස්බේන් හි ආරම්භ වන ටෙස්ට් තරගය සඳහා මිචෙල් ස්ටාර්ක් ක්‍රීඩා කරනු ඇත.
පෙරදා සුපිරි දස්කම් දැක්වූ කොදෙව්වන්ට ඇස්වහා කටවහා!
සංචාරක ඇෆ්ගනිස්තාන හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතර ඉන්දියාවේ ලක්නව්හිදී පැවති …
ස්ටාර්ක් හා පැටින්සන් දෙදෙනාම එක් ස්ථානයකට තරග වැදුණේ අනෙක් ස්ථාන තුන ජොෂ් හේසල්වුඩ්, පැට් කමින්ස් හා නේතන් ලයන් තමන්ගේ නමට ලියාගෙන සිටිද්දීයි.
“මම ඒ අවස්ථාවේ වැරද්දක් කළා” පැටින්සන් වරද පිළිගනිමින් පවසා සිටියා. “එවෙලේම මම තේරුම් ගත්තා මම කරපු දේ වැරදියි කියලා. මම ඒ වෙලාවේම සමාව ඉල්ලුවා, ක්‍රීඩකයින්ගෙන් හා විනිසුරුවරුන්ගෙන් යන දෙගොල්ලන්ගෙන්ම. මම වැරැද්ද කළා ඒ වගේම මම මගේ දඬුවම භාර ගන්නවා. ටෙස්ට් තරගය අහිමි වීම ගැන මට ඉතා කනගාටුයි. නීති රීති පනවලා තිබෙනවා. සම්පූර්ණ වැරැද්ද මගේ.”
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<