මෙරට සංචාරයේ නියුතු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්සයි ක්‍රිකට් තරගාවලියේ දී සංචාරකයන් දැනටමත් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය හිමි කරගෙන සිටිය දී දෙරට A කණ්ඩායම් අතර පැවති එක්දින තරගාවලිය 1-1ක් සේ සම කිරීමට ශ්‍රී ලංකා A ක්‍රීඩකයන් අද (10) සමත් වුනා.
මෙම කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම පළමු පෙළ එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 7කින් පරාජය වූ අතර අද එම ක්‍රීඩාංගණයේ දීම පැවති තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුනා.
කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා A කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 312ක් රැස් කරගත්තා. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා A ක්‍රීඩකයන් කඩුලු 6ක් දැවී ලකුණු 315ක් වාර්තා කරගත්තා.
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්
- 2022 LPL තරගාවලියට දින නියම වෙයි
- ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා සංචාරයට CDB සමාගමත් එකතු වෙයි
- ඕස්ට්‍රේලියාවට එරෙහි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය නිකුත් කරයි
ඕස්ට්‍රේලියා ඉනිම වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා නොකළ 28 හැවිරිදි ආරම්භක වමත් පිතිකරු Travis Head පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 110ක් රැස් කරගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරගවල 110 වැනි ඉනිම වූ අතර එය ඔහුගේ 11 වැනි ශතකයයි.
ශ්‍රී ලංකාවට හිසරදයක් වූ මේ පිතිකරුවා සහ ආරම්භක පිතිකරු Josh Philippe (34) අතර පළමු කඩුල්ලට ලකුණු 83ක සබඳතාවක් එක් වුනා. අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් Marcus Harris (31) සමඟ කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් ද ගොඩනැගුවා. ඔහු දැවී යන විට ඕස්ට්‍රේලියා ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 200ක් ලෙස දැක්වුනා.
අනතුරුව එම ඉනිම තව තවත් ගොඩනැගීමේ සබඳතාවක් එක් කළේ 6 වැනි කඩුල්ල වෙනුවෙන්. එහි දී ප්‍රමුඛතාව ගත්තේ නායක Henry Hunt. ඔහු Aaron Hardie සමඟ එක්වෙමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක සබඳතාවක් එක් කළා. Henry Hunt පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් වාර්තා කරගත්තා.
23 හැවිරිදි දකුණත් පිතිකරු Aaron Hardie තම පළමු පෙළ එක්දින තරගවල මංගල අර්ධ ශතකය අද රැස් කළා. ඔහු තම ඉනිම අවසන් කඩුල්ල ලෙස අවසන් කරන විට පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 58ක් රැස් කරගෙන සිටියා.
පන්දු යැවීමේ දී 28 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ප්‍රමෝද් මධුශාන් ලකුණු 50කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතරව නිසල තාරක සහ සහන් ආරච්චිගේ කඩුලු 2 බැගින් දවා ගත් අතර ධනංජය ද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්සේ ද එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සංචාරක ඕස්ට්‍රේලියා අභියෝගය තවත් පන්දු 7ක් ඉතිරිව තිබිය දී සපුරා ගත්තා. එහි දී මැදපෙළ පිතිකරු 23 හැවිරිදි අශේන් බණ්ඩාර පසුපෙළ ද ආරක්ෂා කරගනිමින් පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 73ක් රැස් කරගත්තා. මෙම ඉනිමේ දී අශේන් බණ්ඩාර තම පළමු පෙළ එක්දින ලකුණු 1000 වැනි කඩඉම පසු කිරීමට ද සමත් වීම කැපී පෙනුනා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ මූලික අඩිතාලම දැමීමේ දී ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල දැක්වූ දායකත්වය සුවිශේෂයි. ඔහු පළමු කඩුල්ල වෙනුවෙන් ඕෂඳ ප්‍රනාන්දු (24) සමඟ එක්වෙමින් ලකුණු 43ක සබඳතාවක් ගොඩනැගූ අතර දෙවැනි කඩුල්ල ලෙසින් දික්වැල්ල දැවී යන විට පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 83ක් වාර්තා කරගෙන සිටියා.
තෙවැනි කඩුල්ල වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් සමඟ ඕෂඳ ප්‍රනාන්දු ගොඩනැගූ සබඳතාව ලකුණු 116ක්. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද වුනා. කමිඳු මෙන්ඩිස් තෙවැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 167ක් ලෙස දැක්වුනු අතර ඔහු පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් රැස් කරගෙන සිටියා.
සිව්වැනි කඩුල්ල ලෙසින් ජනිත් ලියනගේ ලකුණු නොලබාම දැවී ගිය පසු නායක ධනංජය ද සිල්වා සහ අශේන් බණ්ඩාර 5 වැනි කඩුල්ලට ලකුණු 38ක සබඳතාවක් එක්කළා. ධනංජය පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් වාර්තා කරගත්තා.
නායකයාගේ නික්ම යෑමෙන් අනතුරුව ජයග්‍රහණයේ වගකීම භාරගත් අශේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ සමඟ එක්වෙමින් 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 85ක සබඳතාවක් ගොඩනැගුවා. සහන් ආරච්චිගේ පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 31ක් රැස් කරගත්තා. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 6ක් දැවී ලකුණු 290ක් ලෙසයි.
අනතුරුව අශේන් බණ්ඩාර සහ දුනිත් වෙල්ලාලගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 25 පන්දු 13ක් තුළ වාර්තා කරගැනීමට සමත් වුනා . එහි දී දුනිත් වෙල්ලාලගේ පන්දු 8කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර එක බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 17ක් රැස් කරගත්තා.
පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන Matthew Kuhnemann ලකුණු 43කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව Tanveer Sangha කඩුලු 2ක් දවා ගත් අතර Nick Maddinson එක් කඩුල්ලක් දවා ගත්තා.
දෙරට අතර පැවැත්වෙන පළමු නිල නොලත් ටෙස්ට් තරගය මේ මස 14 වැනිදා සිට හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ඕස්ට්‍රේලියා A කණ්ඩායම – සියලු දෙනා දැවී 312 (48.4): Josh Philippe 34, Travis Head 110, Marcus Harris 31, Henry Hunt 40, Aaron Hardie 58, ප්‍රමෝද් මධුශාන් 4/50, නිසල තාරක 2/48, සහන් ආරච්චිගේ 2/58.
ශ්‍රී ලංකා A කණ්ඩායම – කඩුලු 6ක් දැවී 315 (48.5): නිරෝෂන් දික්වැල්ල 83, අශේන් බණ්ඩාර නොදැවී 73, කමිඳු මෙන්ඩිස් 40, සහන් ආරච්චිගේ 31, ධනංජය ද සිල්වා 30, ඕෂඳ ප්‍රනාන්දු 24, Matthew Kuhnemann 3/43, Tanveer Sangha 2/72.
තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Josh Philippe | c Oshada Ferenado b Pramod Madushan | 34 | 25 | 5 | 1 | 136.00 |
travis head | c Oshada Fernando b Sahan Arachchige | 110 | 86 | 15 | 2 | 127.91 |
Matt Renshaw | b Dhananjaya de Silva | 2 | 9 | 0 | 0 | 22.22 |
Marcus Harris | c & b Sahan Arachchige | 31 | 32 | 3 | 0 | 96.88 |
Nic Maddinson | lbw b Jeffrey Vandersay | 8 | 9 | 1 | 0 | 88.89 |
Henry Hunt | c Ashen Bandara b Nisala Tharaka | 40 | 53 | 1 | 1 | 75.47 |
Aaron Hardie | c Niroshan Dickwella b Janith Liyanage | 58 | 50 | 2 | 2 | 116.00 |
Mark Steketee | b Nisala Tharaka | 11 | 15 | 0 | 1 | 73.33 |
Todd Murphy | b Janith Liyanage | 3 | 7 | 0 | 0 | 42.86 |
Matthew Kuhnemann | b Janith Liyanage | 0 | 2 | 0 | 0 | 0.00 |
Tanveer Sangha | not out | 4 | 4 | 1 | 0 | 100.00 |
Extras | 11 (b 0 , lb 3 , nb 0, w 8, pen 0) |
Total | 312/10 (48.4 Overs, RR: 6.41) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nisala Tharaka | 7 | 0 | 48 | 2 | 6.86 | |
Pramod Madushan | 8.4 | 0 | 50 | 4 | 5.95 | |
Sahan Arachchige | 8 | 0 | 58 | 2 | 7.25 | |
Dhananjaya de Silva | 5 | 0 | 28 | 1 | 5.60 | |
Janith Liyanage | 6 | 0 | 41 | 0 | 6.83 | |
Jeffrey Vandersay | 9 | 0 | 59 | 1 | 6.56 | |
Dunith Wellalage | 5 | 0 | 25 | 0 | 5.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | c travis head b Matthew Kuhnemann | 83 | 73 | 10 | 1 | 113.70 |
Oshada Ferenado | c Henry Hunt b Matthew Kuhnemann | 24 | 24 | 3 | 1 | 100.00 |
Kamindu Mendis | c & b Tanveer Sangha | 40 | 53 | 2 | 0 | 75.47 |
Dhananjaya Lakshan | c Josh Philippe b Matthew Kuhnemann | 30 | 26 | 5 | 0 | 115.38 |
Janith Liyanage | c Henry Hunt b Tanveer Sangha | 0 | 1 | 0 | 0 | 0.00 |
Ashen Bandara | not out | 73 | 63 | 3 | 2 | 115.87 |
Sahan Arachchige | c Aaron Hardie b Nic Maddinson | 31 | 43 | 1 | 0 | 72.09 |
Dunith Wellalage | not out | 17 | 8 | 1 | 1 | 212.50 |
Extras | 17 (b 0 , lb 3 , nb 0, w 14, pen 0) |
Total | 315/6 (48.5 Overs, RR: 6.45) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mark Steketee | 7 | 0 | 52 | 0 | 7.43 | |
Matthew Kuhnemann | 10 | 1 | 43 | 3 | 4.30 | |
Todd Murphy | 9 | 0 | 68 | 0 | 7.56 | |
Matt Renshaw | 4 | 0 | 25 | 0 | 6.25 | |
Aaron Hardie | 5 | 0 | 32 | 0 | 6.40 | |
Tanveer Sangha | 9.5 | 0 | 72 | 2 | 7.58 | |
Nic Maddinson | 4 | 0 | 20 | 1 | 5.00 |