Home Sinhala සදීරගේ සටන්කාමී ඉනිම අපතේ

සදීරගේ සටන්කාමී ඉනිම අපතේ

ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

547

සංචාරක ඕස්ට්‍රේලියා A සහ සත්කාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම් අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති පළමු සිව්දින ක්‍රිකට් තරගය අද (17) අවසන් වුනේ ඕස්ට්‍රේලියා A ක්‍රීඩකයින් ලකුණු 68ක ජයක් ලබා ගනිමිනුයි.

වර්ෂාව නිසාවෙන් ඊයේ (16) තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 212ක් රැස්කරගෙන සිටි අතර ඔවුන් අද උදෑසන සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 317ක්.

එම ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 41ක් තුළ ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන්ට හැකි වුනේ පබසර වඩුගේ, කමිඳු මෙන්ඩිස් සහ නුවනිඳු ප්‍රනාන්දු ක්‍රීඩාගාරයට හරවා යවමිනුයි.

නමුත් ඉන්පසුව පිටියේ එක්වූ අත්දැකීම් සහිත පිතිකරුවන් වන මිනෝද් භානුක සහ සදීර සමරවික්‍රම එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 117ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව මිනෝද් ලකුණු 87කට දැවී ගියේ Aaron Hardieගේ පන්දුවක් හමුවේයි.

ඉන්පසු පිටියට පිවිසි ළහිරු උදාර ලකුණු දෙකකට සහ සුමින්ද ලක්ෂාන් ලකුණු 23කට දවා ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට හැකි වුනේ තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ගෙන එමිනුයි.

අවසන් දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 223ක් ලබාගෙන ජයග්‍රහණයට ලකුණු 93ක් පිටුපසින් සිටියා.

තේ පානයෙන් පසුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ Tanveer Sangha ලකුණු 05කට Tanveer Sanghaගේ පන්දුවක් හමුවේ දැවී යද්දී, නිසල තාරක ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වුනේ ඕස්ට්‍රේලියාව ජයග්‍රහණයට පියවරක් ලං කරමිනුයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් රැස් කළ සදීර සමරවික්‍රම ලකුණු 105කට  Tanveer Sanghaගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු 9ක් දැවී ලකුණු 238ක් ලෙසයි.

ශ්‍රී ලංකා  කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ලකුණු 09කට දවා ගැනීමත් සමඟ තරගය ලකුණු 68කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා A කණ්ඩායමට හැකි වුනා.

මෙම ජයග්‍රහණය සමඟින් තරග දෙකකින් යුත් සිව්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට හැකි වුනා.

Result


Sri Lanka A Team
274/10 (79.1) & 249/10 (72)

Australia A Team
379/10 (88.1) & 212/5 (46)

Batsmen R B 4s 6s SR
Matt Renshaw b Dilshan Madusanka 2 11 0 0 18.18
Marcus Harris b Dilshan Madusanka 0 3 0 0 0.00
Henry Hunt b Dilshan Madusanka 0 8 0 0 0.00
travis head b Lakshitha Manasinghe 39 29 5 0 134.48
Nic Maddinson st Lahiru Udara b Lakshitha Manasinghe 14 37 3 0 37.84
Josh Philippe c Lahiru Udara b Suminda Lakshan 94 102 7 3 92.16
Aaron Hardie b Suminda Lakshan 62 83 5 0 74.70
Nathan McAndrew b Dilshan Madusanka 92 132 5 0 69.70
Mark Steketee b Suminda Lakshan 47 83 4 0 56.63
Todd Murphy b Lakshitha Manasinghe 1 12 0 0 8.33
Matthew Kuhnemann not out 11 33 1 0 33.33


Extras 17 (b 11 , lb 2 , nb 4, w 0, pen 0)
Total 379/10 (88.1 Overs, RR: 4.3)
Bowling O M R W Econ
Dilshan Madusanka 14.1 2 62 4 4.40
Nisala Tharaka 12 1 61 0 5.08
Lakshitha Manasinghe 28 2 115 3 4.11
Pramod Madushan 18 1 69 0 3.83
Suminda Lakshan 16 1 59 3 3.69
Batsmen R B 4s 6s SR
Pabasara Waduge c travis head b Nathan McAndrew 30 57 3 0 52.63
Minod Bhanuka lbw b Todd Murphy 11 27 1 0 40.74
Kamindu Mendis b Todd Murphy 0 8 0 0 0.00
Nuwanidu Fernando c Matt Renshaw b Matthew Kuhnemann 86 140 11 1 61.43
Sadeera Samarawickrama lbw b Mark Steketee 29 53 2 0 54.72
Lahiru Udara c Matt Renshaw b Matthew Kuhnemann 50 62 5 0 80.65
Suminda Lakshan c Josh Philippe b Todd Murphy 12 31 1 0 38.71
Lakshitha Manasinghe c Josh Philippe b Mark Steketee 35 61 6 0 57.38
Nisala Tharaka c & b Todd Murphy 0 3 0 0 0.00
prabath jayasuriya c Henry Hunt b Mark Steketee 10 26 1 0 38.46
Dilshan Madusanka not out 1 7 0 0 14.29


Extras 10 (b 7 , lb 3 , nb 0, w 0, pen 0)
Total 274/10 (79.1 Overs, RR: 3.46)
Bowling O M R W Econ
Mark Steketee 15.1 5 51 3 3.38
Aaron Hardie 8 2 29 0 3.62
Nathan McAndrew 13 4 38 1 2.92
Todd Murphy 23 7 67 4 2.91
Matthew Kuhnemann 14 2 41 2 2.93
travis head 6 0 38 0 6.33
Batsmen R B 4s 6s SR
Marcus Harris lbw b Lakshitha Manasinghe 32 39 5 0 82.05
Matt Renshaw lbw b prabath jayasuriya 32 36 1 0 88.89
Henry Hunt c Oshada Ferenado b Lakshitha Manasinghe 0 5 0 0 0.00
Nic Maddinson c b Suminda Lakshan 59 95 8 0 62.11
Josh Philippe b Dilshan Madusanka 69 70 10 0 98.57
jimmy peirson not out 13 23 1 0 56.52
Aaron Hardie not out 4 9 1 0 44.44


Extras 3 (b 2 , lb 0 , nb 1, w 0, pen 0)
Total 212/5 (46 Overs, RR: 4.61)
Bowling O M R W Econ
Dilshan Madusanka 8 1 43 1 5.38
Nisala Tharaka 2 0 17 0 8.50
Lakshitha Manasinghe 17 0 83 2 4.88
prabath jayasuriya 13 4 45 1 3.46
Suminda Lakshan 5 1 16 1 3.20
Nuwanidu Fernando 1 0 6 0 6.00


Batsmen R B 4s 6s SR
Minod Bhanuka c Josh Philippe b Aaron Hardie 87 142 11 1 61.27
Pabasara Waduge lbw b Aaron Hardie 2 13 0 0 15.38
Kamindu Mendis c jimmy peirson b Nathan McAndrew 5 11 0 0 45.45
Nuwanidu Fernando c Aaron Hardie b Nathan McAndrew 3 18 0 0 16.67
Sadeera Samarawickrama c Nic Maddinson b Tanveer Sangha 105 145 9 0 72.41
Lahiru Udara c Josh Philippe b Aaron Hardie 2 15 0 0 13.33
Suminda Lakshan c Josh Philippe b Tanveer Sangha 23 39 3 0 58.97
Lakshitha Manasinghe b Tanveer Sangha 5 9 0 0 55.56
Nisala Tharaka c Todd Murphy b Nathan McAndrew 0 4 0 0 0.00
prabath jayasuriya c Aaron Hardie b Tanveer Sangha 9 18 1 0 50.00
Dilshan Madusanka not out 4 17 0 0 23.53


Extras 4 (b 4 , lb 0 , nb 0, w 0, pen 0)
Total 249/10 (72 Overs, RR: 3.46)
Bowling O M R W Econ
Mark Steketee 12 1 50 0 4.17
Aaron Hardie 12 3 35 3 2.92
Nathan McAndrew 15 4 31 3 2.07
Todd Murphy 18 0 62 0 3.44
Tanveer Sangha 13 0 56 4 4.31
Nic Maddinson 2 0 11 0 5.50



තරගාවලියේ දෙවැනි සිව්දින එක්දින තරගය එළඹෙන 21 වැනිදා හම්බන්තොට දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<