Home Sinhala නුවනිඳු සහ ලහිරු උදාර අර්ධ ශතක අතරට

නුවනිඳු සහ ලහිරු උදාර අර්ධ ශතක අතරට

ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

311
Nuwanidu-Fernando

ශ්‍රී ලංකා A සහ ඕස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවත්වෙන සිව්දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (15) සවස තේ පානයෙන් මදකට පසු, අයහපත් කාලගුණය මත තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 8කට ලකුණු 250ක් වාර්තා කරගෙන සිටියා.

ඕස්ට්‍රේලියා A කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා රැස් කළ ලකුණු 379ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා A කණ්ඩායම මේ වන විට ප්‍රථම ඉනිමේ කඩුලු දෙකක් ඉතිරිව ලකුණු 129ක් පිටුපසින් සිටිනවා.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

  • ශ්‍රී ලංකා A – පබසර වඩුගේ, මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස් (c), නුවනිඳු ප්‍රනාන්දු, ලහිරු උදාර †, ලක්ෂිත මණසිංහ, සුමින්ද ලක්ෂාන්, ඩිල්ශාන් මදුසංක, නිසල තාරක, ප්‍රභාත් ජයසූරිය.
  • ඕස්ට්‍රේලියා A – Matt Renshaw, Marcus Harris (c), Henry Hunt, Travis Head, Nic Maddinson, Josh Philippe †, Aaron Hardie, Nathan McAndrew, Mark Steketee, Todd Murphy, Matthew Kuhnemann.

ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම අද (15) උදෑසන ආරම්භ කිරීමෙන් පසු පන්දුවාර 15.2ක් වන විට ලකුණු 47කට මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙකු දැවී අසීරු තත්ත්වයක පසුවුනා. ඉන්පසු පිටියේ එක්වුනු නුවනිඳු ප්‍රනාන්දු (86), ලහිරු උදාර (50) සහ සදීර සමරවික්‍රම (29) ඉනිම ක්‍රමයෙන් ගොඩ ගැනීමට දායකත්වය දැක්වූවා.

මෙහි දී නුවනිඳු, සදීර සමඟ සිව්වැනි කඩුල්ලට ලකුණු 61ක් ද, පස්වැනි කඩුල්ලට උදාර සමඟ ලකුණු 93ක සබඳතාවයක් ද ගොඩනැංවීමට සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) උදෑසන ප්‍රථම ඉනිම ආරම්භ කළ අවස්ථාවේ ආරම්භක පිතිකරු මිනොද් භානුක (11) පළමු කඩුල්ල ලෙස මර්ෆී එවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියා.

16 වැනි පන්දුවාරය වන විට ශ්‍රී ලංකා නායක කමිඳු මෙන්ඩිස් (00) සහ පබසර වඩුගේ ද (30) දැවී ගිය අතර ශ්‍රී ලංකාව ලකුණු 47කට කඩුලු තුනක් දැවී අපහසු තත්ත්වයකට මුහුණ දී සිටියා.

දිවා ආහාරයේ සිට සවස තේ විවේකය තෙක් ශ්‍රී ලංකාව තවත් කඩුලු 3ක් දැවී ලකුණු 131ක් රැස් කරගැනීමට සමත් වුනා. සදීර (29) මුළු ලකුණු සංඛ්‍යාව 108ක් වන විට සිව්වැනි කඩුල්ල ලෙස දැවී යාමෙන් පසුව පස්වැනි කඩුල්ලට නුවනිඳු සහ උදාර මේ ඉනිමේ හොඳම සබඳතාවය ගොඩනැංවූවා.

ශතකය පෙනි පෙනී පන්දුවට පහර දෙමින් සිටි නුවනිඳු පන්දු 140කට මුහුණ දී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 86ක් රැස් කරගෙන සිටිය දී දැවී ගියා. උදාර පන්දු 62කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟ ලකුණු 50ක් ද, සදීර පන්දු 53ක දී හතරේ දෙකක් සමඟ ලකුණු 29ක් ද වාර්තා කරගත්තා.

ඕස්ට්‍රේලියා A – පළමු ඉනිම පන්දුවාර 88.1ක දී සියල්ලන් දැවී ලකුණු 379: Josh Philippe 94, Nathan McAndrew 92, Aaron Hardie 62, Mark Steketee 47, Travis Head 39, ඩිල්ෂාන් මදුසංක 4/62, සුමින්ද ලක්ෂාන් 3/59, ලක්ෂිත මණසිංහ 3/115.

ශ්‍රී ලංකා A – ප්‍රථම ඉනිම පන්දුවාර 71 ක දී කඩුලු 8ට ලකුණු 250 (දෙවන දිනය අවසානයේ): නුවනිඳු ප්‍රනාන්දු 86, ලහිරු උදාර 50, පබසර වඩුගේ 30, සදීර සමරවික්‍රම 29, ලක්ෂිත මණසිංහ 21*, Todd Murphy 4/52, Matthew Kuhnemann 2/42.

තරගයේ තෙවැනි දිනය හෙටයි (16). තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka A Team
274/10 (79.1) & 249/10 (72)

Australia A Team
379/10 (88.1) & 212/5 (46)

Batsmen R B 4s 6s SR
Matt Renshaw b Dilshan Madusanka 2 11 0 0 18.18
Marcus Harris b Dilshan Madusanka 0 3 0 0 0.00
Henry Hunt b Dilshan Madusanka 0 8 0 0 0.00
travis head b Lakshitha Manasinghe 39 29 5 0 134.48
Nic Maddinson st Lahiru Udara b Lakshitha Manasinghe 14 37 3 0 37.84
Josh Philippe c Lahiru Udara b Suminda Lakshan 94 102 7 3 92.16
Aaron Hardie b Suminda Lakshan 62 83 5 0 74.70
Nathan McAndrew b Dilshan Madusanka 92 132 5 0 69.70
Mark Steketee b Suminda Lakshan 47 83 4 0 56.63
Todd Murphy b Lakshitha Manasinghe 1 12 0 0 8.33
Matthew Kuhnemann not out 11 33 1 0 33.33


Extras 17 (b 11 , lb 2 , nb 4, w 0, pen 0)
Total 379/10 (88.1 Overs, RR: 4.3)
Bowling O M R W Econ
Dilshan Madusanka 14.1 2 62 4 4.40
Nisala Tharaka 12 1 61 0 5.08
Lakshitha Manasinghe 28 2 115 3 4.11
Pramod Madushan 18 1 69 0 3.83
Suminda Lakshan 16 1 59 3 3.69
Batsmen R B 4s 6s SR
Pabasara Waduge c travis head b Nathan McAndrew 30 57 3 0 52.63
Minod Bhanuka lbw b Todd Murphy 11 27 1 0 40.74
Kamindu Mendis b Todd Murphy 0 8 0 0 0.00
Nuwanidu Fernando c Matt Renshaw b Matthew Kuhnemann 86 140 11 1 61.43
Sadeera Samarawickrama lbw b Mark Steketee 29 53 2 0 54.72
Lahiru Udara c Matt Renshaw b Matthew Kuhnemann 50 62 5 0 80.65
Suminda Lakshan c Josh Philippe b Todd Murphy 12 31 1 0 38.71
Lakshitha Manasinghe c Josh Philippe b Mark Steketee 35 61 6 0 57.38
Nisala Tharaka c & b Todd Murphy 0 3 0 0 0.00
prabath jayasuriya c Henry Hunt b Mark Steketee 10 26 1 0 38.46
Dilshan Madusanka not out 1 7 0 0 14.29


Extras 10 (b 7 , lb 3 , nb 0, w 0, pen 0)
Total 274/10 (79.1 Overs, RR: 3.46)
Bowling O M R W Econ
Mark Steketee 15.1 5 51 3 3.38
Aaron Hardie 8 2 29 0 3.62
Nathan McAndrew 13 4 38 1 2.92
Todd Murphy 23 7 67 4 2.91
Matthew Kuhnemann 14 2 41 2 2.93
travis head 6 0 38 0 6.33
Batsmen R B 4s 6s SR
Marcus Harris lbw b Lakshitha Manasinghe 32 39 5 0 82.05
Matt Renshaw lbw b prabath jayasuriya 32 36 1 0 88.89
Henry Hunt c Oshada Ferenado b Lakshitha Manasinghe 0 5 0 0 0.00
Nic Maddinson c b Suminda Lakshan 59 95 8 0 62.11
Josh Philippe b Dilshan Madusanka 69 70 10 0 98.57
jimmy peirson not out 13 23 1 0 56.52
Aaron Hardie not out 4 9 1 0 44.44


Extras 3 (b 2 , lb 0 , nb 1, w 0, pen 0)
Total 212/5 (46 Overs, RR: 4.61)
Bowling O M R W Econ
Dilshan Madusanka 8 1 43 1 5.38
Nisala Tharaka 2 0 17 0 8.50
Lakshitha Manasinghe 17 0 83 2 4.88
prabath jayasuriya 13 4 45 1 3.46
Suminda Lakshan 5 1 16 1 3.20
Nuwanidu Fernando 1 0 6 0 6.00


Batsmen R B 4s 6s SR
Minod Bhanuka c Josh Philippe b Aaron Hardie 87 142 11 1 61.27
Pabasara Waduge lbw b Aaron Hardie 2 13 0 0 15.38
Kamindu Mendis c jimmy peirson b Nathan McAndrew 5 11 0 0 45.45
Nuwanidu Fernando c Aaron Hardie b Nathan McAndrew 3 18 0 0 16.67
Sadeera Samarawickrama c Nic Maddinson b Tanveer Sangha 105 145 9 0 72.41
Lahiru Udara c Josh Philippe b Aaron Hardie 2 15 0 0 13.33
Suminda Lakshan c Josh Philippe b Tanveer Sangha 23 39 3 0 58.97
Lakshitha Manasinghe b Tanveer Sangha 5 9 0 0 55.56
Nisala Tharaka c Todd Murphy b Nathan McAndrew 0 4 0 0 0.00
prabath jayasuriya c Aaron Hardie b Tanveer Sangha 9 18 1 0 50.00
Dilshan Madusanka not out 4 17 0 0 23.53


Extras 4 (b 4 , lb 0 , nb 0, w 0, pen 0)
Total 249/10 (72 Overs, RR: 3.46)
Bowling O M R W Econ
Mark Steketee 12 1 50 0 4.17
Aaron Hardie 12 3 35 3 2.92
Nathan McAndrew 15 4 31 3 2.07
Todd Murphy 18 0 62 0 3.44
Tanveer Sangha 13 0 56 4 4.31
Nic Maddinson 2 0 11 0 5.50