ශ්‍රී ලංකා A සහ ඕස්ට්‍රේලියා A කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත නිල නොවන සිව්දින තරගාවලියේ පළමු තරගය අද (14) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු A කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 379ක් රැස් කරගෙන සිටියා.
තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,
ශ්‍රී ලංකා A – පබසර වඩුගේ, මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස් (c), නුවනිඳු ප්‍රනාන්දු, ලහිරු උදාර †, ලක්ෂිත මණසිංහ, සුමින්ද ලක්ෂාන්, ඩිල්ශාන් මදුසංක, නිසල තාරක, ප්‍රභාත් ජයසූරිය.
ඕස්ට්‍රේලියා A – Matt Renshaw, Marcus Harris (c), Henry Hunt, Travis Head, Nic Maddinson, Josh Philippe †, Aaron Hardie, Nathan McAndrew, Mark Steketee, Todd Murphy, Matthew Kuhnemann.
කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා A නායක Marcus Harris පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
එහි ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියා පළමු කඩුලු 5 ලකුණු 98ක් තුළ දවා ගැනීමට වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මදුශංක සහ දකුණතින් පිට දඟපන්දු යවන ලක්ෂිත මණසිංහ සමත් වුනා.
නමුත් ඉන් අනතුරුව පිටියේ එක්වූ කඩුලු රකින පිතිකරු Philippe සහ අංක 7 පිතිකරු Aaron Hardie එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූවා. එම සබඳතාවය ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ වාර්තා වූ හොඳම සබඳතාවයයි.
4 පහර 7ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් පන්දු 102ක් තුළ ලකුණු 94ක් රැස් කරගෙන සිටි දකුණත් පිතිකරු Philippe සිය ශතකය ආසන්නය සිටිය දී දවා ගැනීමට සුමින්ද ලක්ෂාන් සමත් වුනු අතර Philippe සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ 11 වැනි අර්ධ ශතකය අද වාර්තා කරගත්තා.
Philippe දැවී ගොස් පන්දු 9කට පසුව අනෙක් අන්තයෙන් ස්ථාවරත්වය ගොඩනංවාගෙන සිටි 23 හැවිරිදි Hardie සිය මංගල පළමු පෙළ අර්ධ ශතකය වාර්තා කරගත් අතර ඔහුගේ එම ඉනිමට 4 පහර 5ක් ඇතුළත් වුනා.
- ඉන්දියාව ජුනි අවසානයේ ශ්‍රී ලංකාවට
- සීමා මායිම් බිඳිමින් සිහිනය ජය ගත් Sadasivam Kalaiyarasi
- කාසියේ වාසිය ශ්‍රී ලංකාවට; දුනිත්ට ජාත්‍යන්තර වරම්
- සහෝදරයින්ගේ මහා සංග්‍රාමයේ වැඩි ගෞරවය ඉසිපතනයට
ලකුණු 226කට කඩුලු 7ක් බිඳ වැටී තිබුණු ඕස්ට්‍රේලියානු ඉනිම සවිමත් කිරීමට ඔවුන්ගේ පසුපෙළ පිතිකරුවන් සමත් වුනු අතර අංක 8 පිතිකරු Nathan McAndrew 4 පහර 5ක් එල්ල කරමින් පන්දු 132ක දී ලකුණු 92ක් රැස් කරගත්තා.
නමුත් ඔහුගේ කඩුල්ල ද ශතකයකට පෙර දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා. එය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ රැස් කර ගත් තෙවැනි අර්ධ ශතකය වුනු අතර Mark Steketee ලකුණු 47කට දැවී ගියා.
ඔවුන්ගේ ඉනිමේ වාර්තා වුනු දෙවැනි ශතක සබඳතාවය වාර්තා කර ගත් McAndrew සහ Steketee ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක සබඳතාවයක් ගොඩනැංවීම කැපී පෙනුණා.
මේ ඉනිමේ දී ඔවුන්ගේ අංක 6, 7, 8 සහ 9 යන පසුපෙළ පිතිකරුවන් ලකුණු 295ක් වාර්තා කරගෙන ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් අතින් ගිලිහී ගිය වගකීම සාර්ථකව ඉටු කිරීමට සමත් වුනා.
පන්දු යැවීමේ දී 21 හැවිරිදි මදුශංක කඩුලු 4ක් දවා ගන්නා විට දඟපන්දු යවන මණසිංහ සහ සුමින්ද කඩුලු 3 බැගින් දවාගෙන දිනය අවසානයේ දී ඕස්ට්‍රේලියානු A පළමු ඉනිම අවසන් කිරීමට සමත් වුනා.
හෙට (15) මේ තරගයේ දෙවැනි දිනයයි. තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න, ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Matt Renshaw | b Dilshan Madusanka | 2 | 11 | 0 | 0 | 18.18 |
Marcus Harris | b Dilshan Madusanka | 0 | 3 | 0 | 0 | 0.00 |
Henry Hunt | b Dilshan Madusanka | 0 | 8 | 0 | 0 | 0.00 |
travis head | b Lakshitha Manasinghe | 39 | 29 | 5 | 0 | 134.48 |
Nic Maddinson | st Lahiru Udara b Lakshitha Manasinghe | 14 | 37 | 3 | 0 | 37.84 |
Josh Philippe | c Lahiru Udara b Suminda Lakshan | 94 | 102 | 7 | 3 | 92.16 |
Aaron Hardie | b Suminda Lakshan | 62 | 83 | 5 | 0 | 74.70 |
Nathan McAndrew | b Dilshan Madusanka | 92 | 132 | 5 | 0 | 69.70 |
Mark Steketee | b Suminda Lakshan | 47 | 83 | 4 | 0 | 56.63 |
Todd Murphy | b Lakshitha Manasinghe | 1 | 12 | 0 | 0 | 8.33 |
Matthew Kuhnemann | not out | 11 | 33 | 1 | 0 | 33.33 |
Extras | 17 (b 11 , lb 2 , nb 4, w 0, pen 0) |
Total | 379/10 (88.1 Overs, RR: 4.3) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dilshan Madusanka | 14.1 | 2 | 62 | 4 | 4.40 | |
Nisala Tharaka | 12 | 1 | 61 | 0 | 5.08 | |
Lakshitha Manasinghe | 28 | 2 | 115 | 3 | 4.11 | |
Pramod Madushan | 18 | 1 | 69 | 0 | 3.83 | |
Suminda Lakshan | 16 | 1 | 59 | 3 | 3.69 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pabasara Waduge | c travis head b Nathan McAndrew | 30 | 57 | 3 | 0 | 52.63 |
Minod Bhanuka | lbw b Todd Murphy | 11 | 27 | 1 | 0 | 40.74 |
Kamindu Mendis | b Todd Murphy | 0 | 8 | 0 | 0 | 0.00 |
Nuwanidu Fernando | c Matt Renshaw b Matthew Kuhnemann | 86 | 140 | 11 | 1 | 61.43 |
Sadeera Samarawickrama | lbw b Mark Steketee | 29 | 53 | 2 | 0 | 54.72 |
Lahiru Udara | c Matt Renshaw b Matthew Kuhnemann | 50 | 62 | 5 | 0 | 80.65 |
Suminda Lakshan | c Josh Philippe b Todd Murphy | 12 | 31 | 1 | 0 | 38.71 |
Lakshitha Manasinghe | c Josh Philippe b Mark Steketee | 35 | 61 | 6 | 0 | 57.38 |
Nisala Tharaka | c & b Todd Murphy | 0 | 3 | 0 | 0 | 0.00 |
prabath jayasuriya | c Henry Hunt b Mark Steketee | 10 | 26 | 1 | 0 | 38.46 |
Dilshan Madusanka | not out | 1 | 7 | 0 | 0 | 14.29 |
Extras | 10 (b 7 , lb 3 , nb 0, w 0, pen 0) |
Total | 274/10 (79.1 Overs, RR: 3.46) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mark Steketee | 15.1 | 5 | 51 | 3 | 3.38 | |
Aaron Hardie | 8 | 2 | 29 | 0 | 3.62 | |
Nathan McAndrew | 13 | 4 | 38 | 1 | 2.92 | |
Todd Murphy | 23 | 7 | 67 | 4 | 2.91 | |
Matthew Kuhnemann | 14 | 2 | 41 | 2 | 2.93 | |
travis head | 6 | 0 | 38 | 0 | 6.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Marcus Harris | lbw b Lakshitha Manasinghe | 32 | 39 | 5 | 0 | 82.05 |
Matt Renshaw | lbw b prabath jayasuriya | 32 | 36 | 1 | 0 | 88.89 |
Henry Hunt | c Oshada Ferenado b Lakshitha Manasinghe | 0 | 5 | 0 | 0 | 0.00 |
Nic Maddinson | c b Suminda Lakshan | 59 | 95 | 8 | 0 | 62.11 |
Josh Philippe | b Dilshan Madusanka | 69 | 70 | 10 | 0 | 98.57 |
jimmy peirson | not out | 13 | 23 | 1 | 0 | 56.52 |
Aaron Hardie | not out | 4 | 9 | 1 | 0 | 44.44 |
Extras | 3 (b 2 , lb 0 , nb 1, w 0, pen 0) |
Total | 212/5 (46 Overs, RR: 4.61) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dilshan Madusanka | 8 | 1 | 43 | 1 | 5.38 | |
Nisala Tharaka | 2 | 0 | 17 | 0 | 8.50 | |
Lakshitha Manasinghe | 17 | 0 | 83 | 2 | 4.88 | |
prabath jayasuriya | 13 | 4 | 45 | 1 | 3.46 | |
Suminda Lakshan | 5 | 1 | 16 | 1 | 3.20 | |
Nuwanidu Fernando | 1 | 0 | 6 | 0 | 6.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Minod Bhanuka | c Josh Philippe b Aaron Hardie | 87 | 142 | 11 | 1 | 61.27 |
Pabasara Waduge | lbw b Aaron Hardie | 2 | 13 | 0 | 0 | 15.38 |
Kamindu Mendis | c jimmy peirson b Nathan McAndrew | 5 | 11 | 0 | 0 | 45.45 |
Nuwanidu Fernando | c Aaron Hardie b Nathan McAndrew | 3 | 18 | 0 | 0 | 16.67 |
Sadeera Samarawickrama | c Nic Maddinson b Tanveer Sangha | 105 | 145 | 9 | 0 | 72.41 |
Lahiru Udara | c Josh Philippe b Aaron Hardie | 2 | 15 | 0 | 0 | 13.33 |
Suminda Lakshan | c Josh Philippe b Tanveer Sangha | 23 | 39 | 3 | 0 | 58.97 |
Lakshitha Manasinghe | b Tanveer Sangha | 5 | 9 | 0 | 0 | 55.56 |
Nisala Tharaka | c Todd Murphy b Nathan McAndrew | 0 | 4 | 0 | 0 | 0.00 |
prabath jayasuriya | c Aaron Hardie b Tanveer Sangha | 9 | 18 | 1 | 0 | 50.00 |
Dilshan Madusanka | not out | 4 | 17 | 0 | 0 | 23.53 |
Extras | 4 (b 4 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 249/10 (72 Overs, RR: 3.46) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mark Steketee | 12 | 1 | 50 | 0 | 4.17 | |
Aaron Hardie | 12 | 3 | 35 | 3 | 2.92 | |
Nathan McAndrew | 15 | 4 | 31 | 3 | 2.07 | |
Todd Murphy | 18 | 0 | 62 | 0 | 3.44 | |
Tanveer Sangha | 13 | 0 | 56 | 4 | 4.31 | |
Nic Maddinson | 2 | 0 | 11 | 0 | 5.50 |