ප්‍රබල ඕස්ට්‍රේලියාව හමුවේ නැමීබියාව අසරණ වෙයි

ICC T20 World Cup 2024

65

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරගයකින් නැමීබියාව පරාජය කරමින් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලැබීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් සමත් වුණා.

Antigua හී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියා නායකයාගේ ආරාධනාවෙන් පිටියට පිවිසි නැමීබියා පිතිකරුවන් හට පන්දුවාර 17ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 72ක් පමණයි.

නැමීබියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක Gerhard Erasmus ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් වැඩිම ලකුණු ලාභියා වූ Michael van Lingen ලබා ගත්තේ ලකුණු 10ක් පමණයි.

පන්දු යැවීමේ දී නැමීබියා ක්‍රීඩකයින් අසරණ කළ පා දඟ පන්දු යවන ක්‍රීඩක Adam Zampa ලකුණු 12 කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර Josh Hazlewood සහ Marcus Stoinis අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ලකුණු 73ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් නැමීබියා ක්‍රීඩකයින්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් පන්දුවාර 5.4ක් අවසානයේ දී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Travis Head පන්දු 17ක් තුළ නොදැවී ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් David Warner ලකුණු 20ක් සහ Mitchell Marsh නොදැවී ලකුණු 18ක් ලබා ගත්තා.

මෙම ජයග්‍රහණය සමඟ සිය කාණ්ඩයේ පෙරමුණ තහවුරු කර ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට සමත් වූ අතර නැමීබියා කණ්ඩායම වෙනුවෙන් David Wiese කඩුල්ලක් දවා ගත්තා.

කෙටි ලකුණු පුවරුව,

  • නැමීබියාව – 72/10 (17): Gerhard Erasmus 36, Adam Zampa 4/12, Marcus Stoinis 2/9.
  • ඕස්ට්‍රේලියාව – 74/1 (5.4): Travis Head 34*, David Warner 20, Mitchell Marsh 18*.

ඕස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<