අසිත ප්‍රනාන්දුට County ක්‍රිකට් වරම්

County Championship 2023

2450
Asitha Fernando set to make County Cricket debut

ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු,  මේ දිනවල පැවැත්වෙන County Championship 2023 තරගාවලියේ Nottinghamshire County Cricket Club වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වරම් දිනාගෙන තිබෙනවා. 

ඒ අනුව ඔහු ඉදිරියේ දී පැවැත්වීමට නියමිත Kent, Lancashire සහ Middlesex කණ්ඩායම්වලට එරෙහි තරග සඳහා සහභාගී වීමට නියමිතයි. 

අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ වඩාත් හුරුපුරුදු සාමාජිකයෙකු වුවත්, එළඹෙන 2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය සඳහා ඔහුව තෝරාගෙන නැහැ.  

26 හැවිරිදි වියේ පසු වන අසිත ටෙස්ට් තරග 12කට සහභාගී වෙමින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 35ක්. එමෙන්ම ඔහු පළමු පෙළ තරග 63කට සහභාගී වී කඩුලු 193ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.  

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<