ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 2023 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ආබාධයට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ආදේශ කිරීමට තරගාවලියේ තාක්ෂණික කමිටුව අවසර ලබා දී තිබෙනවා.
බිනුර පසුගිය දා ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයේ දී ආබාධයට ලක් වූ අතර එම ආබාධය නිසා ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධයට ලක් වීම නිසාවෙන් අසිත ප්‍රනාන්දු, මතීෂ පතිරණ සහ නිරෝෂන් දික්වැල්ල අතිරේක ක්‍රීඩකයින් ලෙස කණ්ඩායමට එක් කළා.
ඒ අනුව එම ක්‍රීඩකයින්ගෙන් අසිත ප්‍රනාන්දු මූලික සංචිතයට එකතු කර ඇති අතර ඔහු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමඟින් එකතු වීමට නියමිතයි.
- තවත් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙකුට ලෝක කුසලානය අහිමි වෙයි
- ශ්‍රී ලංකා තරගයට ක්‍රීඩා කළ අයර්ලන්ත ක්‍රීඩකයෙකුට කොරෝනා
- පැතුම් සහ ප්‍රමෝද් ඕස්ට්‍රේලියා සටනට සූදානම්
- පරාජයෙන් පසුව පාකිස්තාන නායකයාගේ අදහස
දේශීය තරගය පිටියේ කැපී පෙනෙන පන්දු යවන්නෙකු වන අසිත ප්‍රනාන්දු විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනක දී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර ඔහු නිමා වූ ආසියානු කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා සංචිතයට ද ඇතුළත් වුනා.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ආබාධ හයක් වාර්තා වූ අතර එයින් දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මධුශංක, ධනුෂ්ක ගුණතිලක සහ බිනුර ප්‍රනාන්දු හට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.
සුපිරි 12 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එහි පෙරමුණේ පසුවන නවසීලන්තය සමඟ සෙනසුරාදා (29) තරග වැදීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම විඳ ගන්න රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<