කසකස්තානයේ පැවැත්වෙන 27 වැනි ආසියානු කුසලාන මේස පන්දු ශූරතාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතුරින් අද (10) දවසේ කැපී පෙනෙන තරගයක නිරත වීමට මනීශා ශලින්දි සමත් වුනා.
කාන්තා ඒකල ඉසව්වේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2 වැනි ක්‍රීඩිකාව ලෙසින් පිටියට එක් වූ මනීශා ශලින්දි ප්‍රතිවාදී තායිලන්ත ක්‍රීඩිකා Vijitviriyagul Kulapassr සමඟ තරග වට 4ක් දක්වා තරගය ගෙන ගියා. එහි දී මනීශා ශලින්දි පළමු තරග වට ද්විත්වයේ දී 11-7ක් සහ 11-8ක් ලෙසින් පරාජයට පත් වූ අතර 3 වැනි වටය 11-3ක් ලෙසින් ජයග්‍රහණය කළා. නමුත් සිව් වැනි වටයේ දී ලකුණු 11-6ක පරාජයකට මුහුණ දෙන්නට මනීශා ශලින්දි ට සිදූ වූ අතර ඒ අනුව තරගය වට 3-1ක් ලෙසින් ප්‍රතිවාදී ක්‍රීඩිකාවට ජයග්‍රහණය හිමිකර දෙමින් තරගය නිමා වූවා.
කාන්තා ඒකල ඉසව්වේ දී අද ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන් ම තරගයට එක් වුණේ ශමල්ෂා දෙව්මි පෙරේරා. ඇය ගේ ප්‍රතිවාදීනිය වූයේ තායිවානයේ Wang Yi-Ju. මෙම තරගයේ දී 11-4ක්, 11-9ක් සහ 11-2ක් ලෙසින් තරග වට 3-0ක පරාජයකට මුහුණ දීමට ශමල්ෂා දෙව්මි පෙරේරා ට සිදු වුණා.
- ශ්‍රී ලංකා ක්රීඩිකාවෝ පාකිස්තානය පරාජය කරයි
- චමීර සහ චනුල් තියුණු තරගයකින් පසුව පරදියි
- ආසියානු ජය සොයන මේස පන්දු කණ්ඩායම් කසකස්තානයේ
- 92 වැනි ජොන් ටාබට් ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන් වෙයි
- කාලිංග ජපානයට
ශ්‍රී ලංකා නායිකා ලෙසන්‍යා සෙතුම්දී තරගයට එක් වෙන්නේ ඉන් අනතුරුවයි. ඇයගේ ප්‍රතිවාදිනිය වන්නේ ඉරානයේ 11-8, 12-10ක් සහ 11-9ක් ලෙසින් තරග වට 3-0ක පරාජයකට මුහුණ දීමට සිදු වූවා.
අද පැවැති තරගවල දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතුරුන් සිව් වැනියට තරග බිමට පිවිසියේ මේකලා ප්‍රනාන්දු. ඇය සිංගප්පුරුවේ Ser Lin Qian සමඟ තරගයට එක් වූ අතර එහි දී 11-7ක්, 11-1ක් සහ නැවතත් 11-1ක් ලෙසින් තරග වට 3-0ක පරාජයකට මුහුණ දීමට ඇයට සිදු වෙනවා.
මේ අතර හෙට (11) කාන්තා යුගල ඉසව්වේ 32 ගේ වටයට එක් වූ ශමල්ෂා දෙව්මි පෙරේරා සහ මිකයිලා ප්‍රනාන්දු තායිවානය සමඟ ද පිරිමි ඒකල ඉසව්වේ තරගෙවලට එක් වන ඉමන්ත උදන්ජය ජපානය සමඟ ද, පිරිමි කණ්ඩායමේ නායක චමීර ගිනිගේ කසකස්තානය සමඟ ද, චනුල් දුල්සෙන් ඉරානය සමඟ ද සහ ජනිත් බටුගෙදර තායිවාන සමඟ ද තරග පිටියට එක් වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.