කසකස්තානයේ පැවැත්වෙන 27 වැනි ආසියානු කුසලාන මේස පන්දු ශූරතාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානයට එරෙහි ව තරග 3-2ක ජයග්‍රහණයක් ලබා ගැනිමට අද (08) සමත් වුනා.
කසකස්තානයේ Beeline Arena හි Daulet ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්තාන සහභාගී වෙන්නේ 17 වැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම තෝරා ගැනීමේ තරගටයි. එම තරගයේ දී ශ්‍රී ලංකා නායිකා ලෙසන්යා සෙතුම්දි එක් තරගයක් ද සහ ශමල්ෂා දෙව්මි පෙරේරා තරග 2ක් ද ජයග්‍රහණය කිරීමට සමත් වෙමින් මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිකර දීමට සමත් වෙනවා.
තරගයේ ආරම්භක තරගයට ශ්‍රී ලංකා වෙනුවෙන් එක් වෙන්නේ නායිකා ලෙසන්යා සෙතුම්දි. Hassan Haiqa ඇයගේ ප්රතිවාදීනිය වූ අතර දෙදෙනා අතර පැවැති 1 වැනි වටයේ තරගයෙන් 12-10ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ලෙසන්යා සමත් වුනා. ඒ සමඟින් ක්‍රියාත්මක වූ ලෙසන්යා ප්රතිවාදීනිය පාලනය කරමින් තරගය ඉදිරියට පවත්වාගෙන යෑමට උත්සාහ කළ ද ඇයට ඊට පසු තරග වට අවසන් කිරීමට සිදු වෙන්නේ 11-9ක්, 11-4ක් සහ 11-8ක් ලෙසින් තරග වට 3-1ක් ලෙසින් පරාජයට පත් වෙමින්.
දෙවැනි තරගයට සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ශමල්ෂා දෙව්මි පෙරේරා එක් වූ අතර පාකිස්තානයෙන් තරග පිටියට පිවිසියේ Fawad Hoor. ඔවුන් දෙදෙනා අතර පැවැති තරගය තියුණු මුහුණුවරක් ගත් අතර අවසානයේ ලකුණු පුවරුව කියැවුණේ 11-5ක්, 11-10ක් සහ නැවතත් 11-10ක් ලෙසින් තරග වට 3-0ක ජයග්‍රහණයක් ශමල්ෂා ට හිමිකර දෙමින්.
එම ජයග්‍රහණයත් සමඟින් දෙරට ක්‍රීඩිකාවෝ තරගය 1-1ක් ලෙසින් සම කර ගත් අතර අනතුරුව තෙවැනි තරගයේ තරගකාරියන් වූයේ මේකලා ප්‍රනාන්දු සහ Khan Kalsoon. ඔවුන් දෙදෙනා අතර පැවැති තරගයේ පළමු වටයේ තරගයෙන් 11-8ක් ලෙසින මේකලා පරාජයට පත් වූව ද දෙවැනි වටයේ තරගයෙන් 11-4ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඇය සමත් වූනා. නමුත් අවසන් තරග ද්විත්වයේ දී 11-8ක් සහ 11-2ක් ලෙසින් ජයග්‍රහණ කරමින් තරග වට 3-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ප්‍රතිවාදී ක්‍රීඩිකාව සමත් වෙනවා. ඒ තරගයේ 3-1ක් ලෙසින් ඉදිරියට ද පැමිණෙමිනුයි.
නමුත් ඊට පසු ව පිටියට පිවිසි නායිකා ලෙසන්යා සෙතුම්දි පාකිස්තාන ක්‍රීඩිකා Fawad Hoor තරග වට 3-0කින් පරාජයට පත් කිරීමට සමත් වුනා. ලකුණු පුවරුව කියැවුණේ 16-14ක්, 11-5ක් සහ 12-10ක් ලෙසයි. ඒ අනුව ලෙසන්යා එම තරගයෙන් තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලද අතර තරගය 2-2ක් ලෙසින් සම කිරීමට ද ඇය සමත් වුනා.
අනතුරු ව පැවැතියේ තීරණාත්මක තරගයයි. එම තරගයට ශ්‍රී ලංකාවෙන් නැවත වරක් ශමල්ෂා දෙව්මි පෙරේරා එක් වූ අතර පාකිස්තානය නියෝජනය කළේ Hassan Haiqa. එම තරගයේ දී 11-9ක්, 11-9ක් සහ 11-8ක් ලෙසින් තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශමල්ෂා සමත් වෙනවා.
ඒ අනුව එම තරග ප්‍රතිඵලයත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ කාන්තා කණ්ඩායම් ඉසව්වේ 17 වැනි ස්ථානයට පත් වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද පළමුවෙන් ම තරග පිටියට පිවිසෙන්නේ මාලදිවයින සමගයි. ඔවුන් මෙම තරගයේ දී තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. එරට වෙනුවෙන් පළමුවෙන් ම තරගට පිටියට පිවිසි Nazim Aishath සහ ලෙසන්යා සෙතුම්දි තරග වැදුණ අතර එහි දී ප්‍රතිවාදී ක්‍රීඩිකාව වෙතින් 12-10ක්, 11-8ක් සහ 11-8ක් ලෙසින් තරග වට 3-0ක පරාජයකට ද පත් වෙනවා.
අනතුරුව තරග පිටියට පිවිසෙන්නේ ශමල්ෂා දෙව්මි පෙරේරා. ඇයගේ ප්‍රතිවාදිනිය වන්නේ Ali Fathimath. මෙම තරගය ද තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ප්‍රතිවාදී ක්‍රීඩිකාව සමත් වෙනවා. එහි දී ලකුණු පුවරුව දැක් වුණේ 11-9ක්, 11-9ක් සහ 11-4ක් ලෙසයි.
එම පරාජයන් 2ත් සමඟින් මනීෂා ශාලින්දි තරගයේ තෙවැනි තරගකාරිය ලෙසින් පිටියට පිවිසි අතර ඇයගේ ප්‍රතිවාදිනිය වූයේ Mishka Mohamed. ඇය හා පැවැති පළමු තරග වට ද්විත්වයේ දී 13-11ක්, 11-7ක් ලෙසින් පරාජයට පත් වෙන මනීෂා තෙවැනි වටයේ තරගයේ දී 11-9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා. නමුත් දෙදෙනා අතර පැවැති සිව් වැනි වටයේ දී මනීෂා තරගයේ පෑ දුර්වල ම ප්‍රතිඵලය ගෙන ආවා. ලකුණු පුවරුව කියැවුණේ 11-2ක් ලෙසයි. ඒ අනුව ඇය මෙම ඉසව්වේ දී 3-1ක පරාජයකට මුහුණ දෙනවා.
- චමීර සහ චනුල් තියුණු තරගයකින් පසුව පරදියි
- ආසියානු ජය සොයන මේස පන්දු කණ්ඩායම් කසකස්තානයේ
- මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය අද සිට
- බිමන්දි සහ බේබි චනුකි ද්විත්ව ශූරතා දිනයි
- කාලිංග ජපානයට
මේ අතර පිරිමි කණ්ඩායම් ඉසව්වේ අද ඔවුන් කොරියාව සමඟින් තරග වදිනවා. එහි දී ඔවුන්ට සිදු වෙන්නේ තරග 3-0ක පරාජයකට මුහුණ දීමටයි.
එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමුවෙන් ම තරග පිටියට පිවිසෙන්නේ ඉමන්ත උදන්ජය. ඔහු ප්‍රතිවාදී Kim Song සමඟ කළ තරගයේ දී 11-3ක්, 11-1ක් සහ 11-3ක් ලෙසින් තරග වට 3-0ක පරාජයකට මුහුණ දෙනවා.
අනතුරු ව තරගයට එක් වූයේ චනුල් දුල්සෙන්. ඔහුගේ ප්රතිවාදීයා වූ Yu Jon සමඟ පැවැති පළමු වටයේ තරගයෙන් 11-9ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට චනුල් දුල්සෙන් සමත් වෙනවා. නමුත් එතැන් සිට ලකුණු පුවරුව 11-4ක්, 11-3ක් සහ නැවතත් 11-3ක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් ප්‍රතිවාදී ක්‍රීඩකයා චනුල් දුල්සෙන් ව තරග වට 3-1කින් පරාජයට පත් කරනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් 3 වැනියා ලෙසින් තරගයට පිවිසෙන්නේ ජනිත් බටුගෙදර. ප්‍රතිවාදී Jo Kum Gwang සමඟින් එක් වූ ඔහු තරග වට ත්‍රිත්වය නිමා කරන්නේ 11-5ක්, 11-6ක් සහ 11-4ක් ලෙසින් තරග වට 3-0ක පරාජයක් ලබමිනුයි.
තරගාවලියේ හෙට (9) පිරිමි කණ්ඩායම් ඉසව්වේ ශ්‍රී ලංකා සහභාගී වන උස්බකිස්තාන සමඟ තරගය පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කාන්තා යුගල සහ මිශු යුගල සහ පිරිමි යුගල ඉසව්වන්වලට සහභාගී වීමට නියමිත ව තිබේ.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.