සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතාවයේ පිලිපීන කණ්ඩායමට එරෙහිව අද (05) පැවති තරගයෙන් ලකුණු 99-37ක් ලෙස දැවැන්ත ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.
ඉන්දියාව සමඟ පැවති තරගයේ ලද විශාල ජයග්‍රහණය නිසා හොඳ මානසිකත්වයෙන් අද තරගයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු කාර්තුවේ දී ලකුණු 27ක් ලබා ගත් අතර පිලිපීන ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි වුනේ ලකුණු 04ක් පමණයි.
දෙවැනි කාර්තුවේ දී පිලිපීන ක්‍රීඩිකාවන් තරමක් තරගයට පිවිසෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූවත් එම කාර්තුවේ ද පෙරමුණ ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 25ක් ලබා ගන්නට සමත් වුනා.
ඒ අනුව තරගයේ දෙවැනි අර්ධය අවසන් වන විට ලකුණු 52-16ක් ලෙස වැඩි ආධිපත්‍ය රඳවා ගෙන තිබුණේ ශ්‍රී ලංකාවයි.
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක්
- ජාතික දැල්පන්දු ක්‍රීඩාවට Dialog සවිය තවදුරටත්
- ජාතික දැල්පන්දු ක්‍රීඩාවට Dialog සවිය තවදුරටත්
- ආසියාව ජය ගන්න යන ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය නම් කරයි
තෙවැනි කාර්තුවේ දී තරගයේ සම්පූර්ණ පාලනය ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තවත් ලකුණු 27ක් සිය ලකුණු පුවරුවට එක් කර ගනිද්දී, පිලිපීන ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි වුනේ ලකුණු 09ක් පමණයි.
එම කාර්තුවෙන් පසුව තරගයේ මුළු ලකුණු සංඛ්‍යාව දිස් වුනේ ලකුණු 79-25ක් ලෙසයි.
තරගයේ අවසන් කාර්තුවේ දී පිලිපීන ක්‍රීඩිකාවන් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වූ අතර එම අර්ධයේ ද එයට හොඳ පිළිතුරක් ලබා දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 20ක් ලබා ගන්නට සමත් වුනා.
ඒ අනුව මෙම තරගය අවසන් වුනේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 99-37ක් ලෙස තවත් දැවැන්ත ජයක් සඳහා උරුමකම් කියමිනුයි.
අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 99 – 37 පිලිපීනය
මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ මූලික වටයේ සහභාගී වූ තරග ද්විත්වයම විශිෂ්ට ලෙස ජය ගනිමින් සිය කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.
මෙම තරගාවලියේ සියලූම තොරතුරු දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<