චීනයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බැවින් එය 2024 ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගයක් වීම පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බව ජාත්‍යන්තර හොකී සම්මේලනයේ සභාපති Ikram Tayyab ප්‍රකාශ කළා.
ආසියානු ක්‍රීඩා උළෙල පසුගිය වසරේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුනත්, කොරෝනා වසංගතය නිසා එය කල් දැමීමට සංවිධායකයින්ට සිදු වුනා.
හොකී සම්මේලනයේ සභාපති Ikram Tayyab ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුවේ ද සාමාජිකයෙකු වන අතර එම ක්‍රීඩා උළෙල ගැන අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට අවශ්‍ය කටයුතු 100%ක් සූදානම් බවයි.
“ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා, එය 100%ක් සූදානම්. මම එහි සංවිධායක කමිටුවේ සාමාජිකයෙක් වෙනවා වගේම මම ඒ තනතුරේ දිගටම කටයුතු කරනවා. මාර්තු මාසයේ දී කමිටුව රැස් වෙන්න නියමිතයි.
තරගාවලිය පැවැත්වෙන ස්ථානය සහ ක්‍රීඩාංගණ පසුගිය වසරේ ඉඳන්ම සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා ආසියානු ක්‍රීඩා උළෙල 2024 ඔලිම්පික් හොකී සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් වීම ගැටලුවක් නෙවෙයි.
ඒ වගේම චීනයට ආසියානු ක්‍රීඩා උළෙල පවත්වන්න බැරි වුනොත් අපිට වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් තියන්න හරි කාලය තියෙනවා,” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.
ආසියානු ක්‍රීඩා උළෙල සාමාන්‍යයෙන් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් වන නමුත් එය නියමිත පරිදි පැවැත්වීමට නොහැකි වූ නිසා හොකී සුදුසුකම් ලබා ගැනීම ගැන ගැටලුවක් මතුව තිබුණා.
- දැල්පන්දු පුහුණුකාරිත්වයේ වගකීම නැවතත් තිලකා ජිනදාසට
- වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ නව නිලධාරීන් පත් කෙරේ
- 2023 දැල්පන්දු ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ප්‍රතිවාදීන් තීන්දුයි
- සුපිරි හඹා යෑමක් සමඟින් ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට
පැරිස් ඔලිම්පික් උළෙලේ සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රමයන්ට අනුව කාන්තා සහ පිරිමි කණ්ඩායම් 12 බැගින් තරගාවලියේ තරග වැදීමට නියමිතයි.
සත්කාරක ප්‍රංශය මෙම තරගාවලියට නිතරගයෙන් සුදුසුකම් ලබා ගන්නා අතර ආසියානු, අප්‍රිකා, Pan America, Oceania සහ යුරෝපා කලාපීය ශූරයින් මෙම කණ්ඩායම් 12ට සුදුසුකම් ලබයි.
තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම් හය 2024 වසරේ මුල් භාගයේ පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි දෙකකින් තෝරා ගැනීමට සැලසුම් කර තිබෙනවා.
එම සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා කණ්ඩායම් 16ක් සහභාගී වීමට නියමිත අතර කණ්ඩායම් 08 බැගින් තරගාවලි දෙකක් පැවැත්වෙනු ඇත.
Times of India ඇසුරිනි.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<