ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (25) චීනයේ Hangzhou හිදී ක්‍රියාත්මක වුනා.
එහි දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ ලකුණු 19කින් පරාජයට පත් වීම නිසා රන් පදක්කමේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය නමුත් එය රිදී පදක්කමක් බවට පරිවර්තනය කරගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
එය මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව ලබා ගත් පළමු පදක්කම වන අතර ආසියානු ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් දැක්වූ ඉහළම දස්කම ද මෙයයි.
කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහි දී ඔවුන් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 116ක් ලබා ගත්තා.
ආරම්භක පිතිකාරිණි Smriti Mandhana සහ Jemimah Rodrigues පිළිවෙළින් ලකුණු 46ක් සහ ලකුණු 42ක් ලබා ගනිමින් දැක්වූ දස්කම් හැරෙන්නට ඔවුන්ගේ අනෙක් ක්‍රීඩිකාවන් හට එතරම් දස්කම් අතරට එන්නට හැකියාවක් ලැබුණේ නැහැ.
පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝධනී, සුගන්ධිකා කුමාරි සහ ඉනෝකා රණවීර කඩුලු දෙක බැගින් දවා ගනිමින් දස්කම් දැක්වූවා.
- ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත නම් කෙරේ
- ලෝකයට අභියෝග කළ ආසියානුවන් ගැටෙන ක්‍රීඩා සැණකෙළිය ඇරඹේ!
- ලෝක කුසලාන ත්‍යාග මුදල් ප්‍රමාණ නිවේදනය කරයි
- ප්‍රධාන තුරුම්පුවක් නොමැතිව පාකිස්තානය ලෝක කුසලානයට
දඟපන්දු යවන්නන්ට තරමක් හිතකර මේ තණතීරුව මත ලකුණු 117ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 97ක් පමණයි.
එහි දී චමරි අතපත්තු ද ඇතුළුව ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3ක් ලකුණු 14ක් තුල දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය සුන් කරන්නට ප්‍රතිවාදීන් සමත් වුනා.
අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහනට යම් ජීවයක් එක් කිරීමට හසිනි පෙරේරා සහ නිලක්ෂි ද සිල්වා සමත් වුනා.
කෙසේ නමුත් හර්ශිතා සමරවික්‍රම ආබාධයක් නිසාවෙන් තීරණාත්මක අවසන් මහා තරගයට ක්‍රීඩා නොකිරීම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වුනා.
හසිනි ඉනිමේ වැඩිම ලකුණු ලාභි ක්‍රීඩිකාව වෙමින් ලකුණු 25ක් ලබා ගන්නා විට, නිලක්ෂි සහ ඕෂදී රණසිංහ පිළිවෙළින් ලකුණු 23ක් සහ ලකුණු 19ක් ලබාගෙන ගෞරවාන්විත අවසානයක් දක්වා ශ්‍රී ලංකාව රැගෙන ගියා.
පන්දු යැවීමේ දී Titas Sadhu නිලකුණු පන්දුවාරයක් සමඟ ලකුණු 6කට කඩුලු 3ක් දවා ගන්නා විට, Rajeshwari Gayakwad කඩුලු 2ක් දවාගෙන ශ්‍රී ලංකා ඉනිම පාලනය කළා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Smriti Mandhana | c Udeshika Prabodhani b Inoka Ranaweera | 46 | 45 | 4 | 1 | 102.22 |
Shafali Verma | st Anushka Sanjeewani b Sugandika Kumari | 9 | 15 | 1 | 0 | 60.00 |
Jemimah Rodrigues | c Vishmi Gunaratne b Udeshika Prabodhani | 42 | 40 | 5 | 0 | 105.00 |
Richa Ghosh | c Anushka Sanjeewani b Inoka Ranaweera | 9 | 6 | 0 | 1 | 150.00 |
Harmanpreet Kaur | c Anushka Sanjeewani b Udeshika Prabodhani | 2 | 5 | 0 | 0 | 40.00 |
Pooja Vastrakar | c Vishmi Gunaratne b Sugandika Kumari | 2 | 4 | 0 | 0 | 50.00 |
Deepti Sharma | not out | 1 | 3 | 0 | 0 | 33.33 |
Amanjot Kaur | run out (Anushka Sanjeewani) | 1 | 2 | 0 | 0 | 50.00 |
Extras | 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0) |
Total | 116/7 (20 Overs, RR: 5.8) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Oshadi Ranasinghe | 2 | 0 | 11 | 0 | 5.50 | |
Udeshika Prabodhani | 3 | 0 | 16 | 2 | 5.33 | |
Inoshi Priyadarshani | 3 | 1 | 1 | 0 | 0.33 | |
Sugandika Kumari | 4 | 0 | 30 | 2 | 7.50 | |
Chamari Athapaththu | 2.5 | 0 | 19 | 0 | 7.60 | |
Kavisha Dilhari | 1.1 | 0 | 7 | 0 | 6.36 | |
Inoka Ranaweera | 4 | 0 | 21 | 2 | 5.25 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Chamari Athapaththu | c Deepti Sharma b Titas Sadhu | 12 | 12 | 1 | 1 | 100.00 |
Anushka Sanjeewani | c Harmanpreet Kaur b Titas Sadhu | 1 | 5 | 0 | 0 | 20.00 |
Vishmi Gunaratne | b Titas Sadhu | 0 | 3 | 0 | 0 | 0.00 |
Hasini Perera | c Pooja Vastrakar b Rajeshwari Gayakwad | 25 | 22 | 4 | 1 | 113.64 |
Nilakshi de Silva | b Pooja Vastrakar | 23 | 34 | 1 | 1 | 67.65 |
Oshadi Ranasinghe | c Titas Sadhu b Deepti Sharma | 19 | 26 | 2 | 0 | 73.08 |
Kavisha Dilhari | c Richa Ghosh b Devika Vaidya | 5 | 8 | 0 | 0 | 62.50 |
Sugandika Kumari | st Richa Ghosh b Rajeshwari Gayakwad | 5 | 8 | 0 | 0 | 62.50 |
Inoshi Priyadarshani | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Udeshika Prabodhani | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 5 (b 2 , lb 3 , nb 0, w 0, pen 0) |
Total | 97/8 (20 Overs, RR: 4.85) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Deepti Sharma | 4 | 0 | 25 | 1 | 6.25 | |
Pooja Vastrakar | 4 | 1 | 20 | 1 | 5.00 | |
Titas Sadhu | 4 | 1 | 6 | 3 | 1.50 | |
Rajeshwari Gayakwad | 3 | 0 | 20 | 2 | 6.67 | |
Amanjot Kaur | 1 | 0 | 6 | 0 | 6.00 | |
Devika Vaidya | 4 | 0 | 15 | 1 | 3.75 |
2023 ආසියානු ක්‍රීඩා උළෙලේ තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<