2024 Asia Emirates සත්සාමාජික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තෙවැනි ස්ථානයට ලබා ගැනීමට අද (05) සමත් වුනා.
එමෙන්ම කාන්තා කණ්ඩායමට මෙහි දී බඳුන ශූරතාව හිමි වුනා.
තරගාවලිය ඊයේ (04) සහ අද දිනවල ක්‍රියාත්මක වූ අතර, මෙහි දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම වඩාත් කැපී පෙනෙන අන්දමින් දක්ෂතා දැක්වූවා.
තරගාවලියේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගී වූ තරග ත්‍රිත්වය ම ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වූ අතර, මෙම තරග ත්‍රිත්ව තුළ දී ම ප්‍රතිවාදීන් වෙත ඔවුන් ලබා දුන්නේ ලකුණු 05ක් පමණක් වීම විශේෂත්වයක්.
- ශ්‍රී ලංකාව 43– 00 කසකස්තානය
- ශ්‍රී ලංකාව 36 –05 කටාර්
- ශ්‍රී ලංකාව 52– 00 සෞදි අරාබිය
මෙම තරග ත්‍රිත්වය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 134ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අනුව ඔවුන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය වෙත පහසුවෙන් ම සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, අද උදෑසන ඉන්දියාව සමඟ ඔවුන් තරග වැදුණා.
එම තරගයේ දී ද ඉන්දියාවට එකඳු ලකුණක් හෝ ලබා නොදී තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
- ශ්‍රී ලංකාව22 – 00 ඉන්දියාව
ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව තරග වටයේ දී ශ්‍රී ලංකාවට පිලිපීන කණ්ඩායම මුණ ගැසුණු අතර, ඔවුන්ට එහි දී සිය පළමු සහ එකම පරාජය අත් විඳීමට ද සිදු වුනා.
- පිලිපීනය 19– 12 ශ්‍රී ලංකාව
මේ අනුව ශ්‍රී ලංකාවට තරගාවලියේ ශූරතාව සඳහා සටන් වැදීමට තිබූ අවස්ථාව අහිමි වී ගිය අතර, ඔවුන්ට තෙවැනි ස්ථානය සඳහා උස්බෙකිස්තානය සමඟ තරග වැදීමට සිදු වුනා. එහි දී නැවතත් සිය සුපුරුදු රිද්මය සොයා ගත් ශ්‍රී ලංකාව තරගය පහසුවෙන් ම ජයග්‍රහණය කළා.
- ශ්‍රී ලංකාව 32– 00 උස්බෙකිස්තානය
පිලිපීනය හමුවේ ලද පරාජය නොවන්නට ශ්‍රී ලංකාවට තරගාවලියේ ශූරතාව වෙත පහසුවෙන් ම ළඟා වීමට ඉඩ තිබූ බව විශ්වාස කළ හැකි.
- වාර්තා අලුත් කරන 2024 Dialog පාසල් රග්බි ලීගයට සියල්ල සූදානම්
- 2024 පාසල් රග්බි උණුසුමේ පෙරදැක්ම
- Dialog පාසල් රග්බි ලීගයේ පළමු සතිඅන්තය සාර්ථකව අවසන් වෙයි
- කසකස්තානයට එරෙහිව පහසු ජයක් ලැබූ ශ්‍රී ලංකාවට ශූරතාව!
- වසර 33කට පසුව ක්ලිෆර්ඩ් කුසලානය පොලිසිය අතට
මේ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද ඊයේ දිනයේ තරග බිමට පිවිසුණු අතර, ඔවුන්ට නම් එතරම් සාර්ථක අයුරින් තරග වැදීමට හැකියාව ලැබුණේ නැහැ. මෙහි දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග තුනෙන් ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ එක් තරගයක් පමණයි.
- ඉන්දියාව 29– 10 ශ්‍රී ලංකාව
- ශ්‍රී ලංකාව 20– 00 ඉරානය
- ඉන්දුනීසියාව 17– 15 ශ්‍රී ලංකාව
ඒ අනුව අද දිනයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බඳුන ශූරතාව සඳහා සටන් වැදුණු අතර, එහි දී ඔවුන් නේපාලය සහ උස්බෙකිස්තානය පරාජය කරමින් බඳුන ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
- ශ්‍රී ලංකාව 17– 15 නේපාලය
- ශ්‍රී ලංකාව 21– 19 උස්බෙකිස්තානය
දෙස්, විදෙස් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.