ආසියානු රග්බි ශුරතාවලියේ පළමු කාණ්ඩයේ තරඟ 2 ක් අද පැවැත්විණි.
ඒවා නම් ශ්‍රී ලංකාවට එරෙහිව සත්කාරක මැලේසියාව අතර එක් තරඟයක් හා සිංගප්පූරුවට එරෙහිව පිලිපීනය අතර තරගයයි. එම තරඟ අද (11) මැලේසියාවේ ක්වාලාලම්පුර් හි රෝයල් සැලෙන්ජර් පිටියේදී පැවැත්විණි.
සිංගප්පූරුව මවිත කරමින් ශ්‍රී ලංකාවට පළමු ජය
එම තරඟ වලදී සත්කාරක මැලේසියාව ලකුණු 42 කට 17 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කල අතර සිංගප්පූරුවට එරෙහිව පිලිපීන තරඟයේ දී සිංගප්පූරුව ලකුණු 28 – 24 ක් ලෙස ජය වාර්තා කරන ලදි.
මෙම තරඟයේ දී මුල සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කල මැලේසියානු ක්‍රිඩකයින් මුල සිටම තරඟය තමා අතට ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගත් අතර එම තරඟයේ පළමු අර්ධය නිමා වූයේ සත්කාරක මැලේසියාව ලකුණු ලකුණු 20 ට 10 ක් ලෙස පෙරමුණේ සිටිමිනි.
අනතුරුව දෙවන අර්ධයේ දී තරමක් වෙනස් විලාසයකට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කලද මැලේසියානු කණ්ඩායම එම ක්‍රීඩාශීලී රටාව හදුනාගෙන ක්‍රීඩා කල බවක් පෙනෙන්නට තිබිණි.
තරඟය නිමවූයේ ලකුණු 17 කට 42 ක් ලෙස මැලේසියානු කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවිදු පෙරේරා , බුවනක උදන්ගමුව එක් උත්සාහක දිනුමක් බැගින් ලබා ගන්නා ලදි.
රග්බි කණ්ඩායමේ නායක ධුරය මුතුට
රීසා මුබාරක් ප්‍රවර්ථන අවස්ථා 2 ක් හා එක් දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු 17 ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ සටහන් කරන ලදි.
මැලේසියානු කණ්ඩායම වෙනුවෙන් මුන්ටි, සකුරු , ජමාලුදීන්, අස්රාෆ් රොයිල් හා රොස්ලාන් විසින් උත්සාහක දිනුම් 5 ක් වාර්තා කල අතර සුඩින් විසින් ප්‍රවර්ථන අවස්ථා 3 ක් හා දඩුවම් පහර 3 ක් සාර්ථක කරගැනීමට සමත් විය. එසේම කම්සෝල් විසින් එක් ප්‍රවර්ථන අවස්ථාවක් සාර්ථක කරගන්නා ලදි.
තරඟයේ වීරයා වූයේ මැලේසියානු කණ්ඩායමේ එටොනියෝ සකුරුය.
ප්‍රසාද ලකුණු 5 ක් සමඟ මේ වන විට මෙම තරඟාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වන ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ඇති අතර පළමු ස්ථානය ප්‍රසාද ලකුණු 6 ක් සමඟ පිලිපීන කණ්ඩායමට හිමිව ඇත.
ශ්‍රී ලංකාව මෙම තරඟාවලියේ සහභාගි වන අවසන් තරඟය මේ මස 14 වැනිදා පිලිපීන කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.
තවත් පුවත් සිංහලෙන් කියවන්න පිවිසෙන්න