ආසියානු රග්බි පළමු වටයටත් කොරෝනා බලපෑම්

174

ලොව පුරා COVID-19 පැතිරීම අවම කිරීම සඳහා දක්වන සහයෝගයක් ලෙස ආසියා රග්බි සම්මේලනය 2020 පෙබරවාරි 1 වැනිදා සිට 2020 ජුනි 30 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත සියලුම තරග සහ තරගාවලි අවලංගු කිරීමට තීරණය කර තිබේ.

උරුගුවේ කොරෝනා සටනට රග්බි ක්‍රීඩාංගණයක්

දකුණු ඇමරිකානු රග්බි ක්‍රීඩාවේ එක් ආභරණයක් වන Montevideo …….

මේ අනුව, මැයි මාසයේ පැවැත්වීමට නියමිත ආසියා රග්බි ශූරතාවලියේ 1 වැනි කාණ්ඩයේ තරගාවලිය මේ වසරේ අග භාගය වන තෙක් නොපැවැත්වීමට තීරණය කර ඇත. මේ කාලය තුල ආසියානු රග්බි සම්මේලනය ලෝක රග්බි සම්මේලනය සමඟින් එක්ව මෙම ගෝලීය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් කටයුතු කරන අතර තරගාවලි පැවැත්වීමේ හැකියාව පිළිබඳව ආසියා රග්බි සාමාජික සංගම් වෙත නිල යාවත්කාලීන කිරීමක් මේ මස අග වන විට දැනුම්දීමට නියමිතය. 

මෙම වසරේ අගෝස්තු මාසය වන විට පැවැත්වීමට නියමිත ආසියා සත් සාමාජික දින දර්ශනයට ද මෙම තීරණය බලපානු ඇත. ආසියාවේ රග්බි ක්‍රීඩාවට වසරක කාලසටහන නැවත් සුදුසුකම් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම සහ මාස හයක කාලයක් තුළ සියලුම තරග පැවැත්වීම ආසියානු රග්බි සම්මේලනය මීළඟට මුහුණපාන අභියෝගය වනු ඇත. 

රීසා රග්බි පිටියට ආයුබෝවන් කියයි

ඔහු රග්බි පිටියේ දේහදාරීම ක්‍රීඩකයා නොවන්නට ඇත. නමුත් ඔහුගේ නිර්භීත හදවත ……..

පසුගිය වසරේ ආසියා රග්බි ශූරතාවලියේ පළමු කාණ්ඩයේ තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරමක් අසාර්ථක වූ අතර රොෂාන් වීරරත්නගේ නායකත්වය යටතේ තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී පිලිපීනයට ලකුණු 39-22ක් ලෙස පරාජය වීමත් සමඟින් අලුතින් ව්‍යුහගත කළ තරගාවලියේ දෙවන අනුශූරයා බවට පත්විය. 

ආසියා රග්බි දින දර්ශනය ප්‍රතිව්‍යුහගත කර තරගාවලි වර්ෂයේ අවසාන මාස කීපය සඳහා නැවත සකස් කරනු ලැබුවහොත්, කාර්යබහුල සමයක් එළඹෙන බැවින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට විශාල පීඩනයක් එල්ල වනු ඇත. 

තරගාවලියේ සියලු තොරතුරු සඳහා ThePapare.com සමඟින් රැඳී සිටින්න. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<