2023 ආසියානු කුසලානයට දින ගනිද්දී මෙවර තරගාවලියට එක් වෙන කණ්ඩායම් සහ එම කණ්ඩායම්වල ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තැබෙන සටහනක් මේ.
ඉන්දියාව
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව හිමි කර ගන්නේ තෙවැනි ස්ථානයයි. එමෙන් ම ඉන්දියාවේ ආරම්භක පිතිකරු Shubman Gill ජාත්‍යන්තර එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දී සිව්වැනි ස්ථානය දිනා ගනිමින් එරට වෙනුවෙන් එම ලැයිස්තුවලින් ඉහළින් ම ශ්‍රේණිගත ක්‍රීඩකයා ලෙසින් මෙම කණ්ඩායම සමඟ එක් වෙනවා.
ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ජයග්‍රාහකයන් වී ඇත්තේ ඉන්දියාවයි. ඔවුන් අවස්ථා 6ක දී ශූරයන් වෙද්දී අවස්ථා 3ක දී අනුශූරයන් බවට පත් වෙනවා.
Span | Mat | Won | Lost | Tied | NR | %W | |
ODI | 1974- 2023 | 1032 | 541 | 439 | 9 | 43 | 52,42 |
Asia Cup | 1984 – 2018 | 49 | 31 | 16 | 1 | 1 | 65.62 |
Rohit Sharma
ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද පැවරී ඇති Rohit Sharma මෙවර ආසියානු තරගාවලිය තුළ පෙරළිකාර චරිත අතරින් ප්‍රමුඛයෙක් ලෙස හැඳින්විය හැකි. ඔහු ආසියානු කුසලාන තරගාවලියකට පළමු වරට සහභාගී වෙන්නේ 2008 වසරේ දී.
එතැන් සිට ඔහු මේ වෙද්දී තරග 2දෙක ඉනිම් 21ක දී ශතකයක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 745ක් ලබා සිටිනවා. ඔහු විසින් ආසියානු කුසලාන තරගාවලියක දී වාර්තා කරන ලද එක ම ශතකය පාකිස්තානයට එරෙහිව 2018 වසරේ දී ලබා ගන්නවා. එහි දී ඔහුගේ දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලබා ගන්නා ලද ලකුණු 111යි.
මේ වෙද්දී ඔහු එක්දින තරග 244කට සහභාගී වෙමින් ඉනිම 237ක දී ද්විත්ව ශතක 3ක්, ශතක 27ක් සහ අර්ධ ශතක 48ක් සමඟින් ලකුණු 9837ක් ලබා සිටිනවා. ඒ අතරින් ලකුණු 1807ක් ම රැස් කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. එහි දී ද්විත්ව ශතක 2ක්, ශතක 4ක් සහ අර්ධ ශතක 6ක් වාර්තා කිරීමට ද ඔහු සමත් වෙනවා.
එක්දින තරග ඉතිහාසයේ ඔහුගේ ඉහළ ම ඉනිම වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව 2014 වසරේ දී වාර්තා කරන ලද ලකුණු 264යි.
Virat Kohli
ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ සිටින අනෙක් ප්‍රහාරාත්මක පිතිකරු වන්නේ Virat Kohli. ආසන්නත ම ආසියානු කුසලාන තරගාවලියට සහභාගී නොවූ ඔහු 2010 වසරේ සිට 2014 වසර දක්වා ආසියානු කුසලාන තරග 11ක ඉනිම් 10කට සහභාගී වෙමින් ශතක 3ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 613ක් ලබා සිටිනවා. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 61.30ක් ලෙසින් ඉහළ අගයක් තබා ගැනීමට ද ඔහු සමත් වෙනවා.
පාකිස්තානයට එරෙහිව 2012 ආසියානු කුසලානයේ දී පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 183 Kohliගේ එක්දින තරග ඉතිහාසයේ ඉහළ ම දක්ෂතාව වෙනවා මෙන් ම එම ලකුණු ප්‍රමාණය ආසියානු කුසලාන තරගාවලියේ මෙතෙක් පිතිකරුවෙක් විසින් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් ව තිබෙනවා.
මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 275කට සහභාගී වී ඇති Virat Kohli ශතක 46ක් සහ අර්ධ ශතක 65ක් සමඟ ලකුණු 12898ක් ලබා සිටිනවා. ඒ අතරින් ශ්‍රී ලංකාවට එරෙහිව තරග 50ක ඉනිම් 29ක දී ශතක 10ක් සහ අර්ධ ශතක 11ක් සමඟින් ලකුණු 2503ක් ලබා සිටිනවා. ඒ අතර තිබෙන ශතක 10, Kohli විසින් එක් රටකට එරෙහිව වාර්තා කරන ලද වැඩිම ශතක සංඛ්‍යාව ලෙසින් ද සටහන් වෙනවා.
Ravindra Jadeja
ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන 34 හැවිරිදි තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Ravindra Jadeja මෙවර ආසියානු කුසලාන තරගාවලියේ පෙරළිකාර චරිත අතරට නිතැතින් ම එක් වෙන්නෙක්.
Jadeja මේ දක්වා ආසියානු කුසලාන තරග 14ක ඉනිම් 8ක දී පිටියට පිවිසෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 157ක් ලබා සිටින අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 19ක්.
වමත් පිතිකරුවෙක් වන ඔහු එක්දින ජාත්‍යන්තර තරගවල මේ දක්වා තරග 177කට සහභාගී වෙමින් අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 2560ක් ලබා සිටිනවා. වමතින් දඟපන්දු යවමින් ලබා ඇති එක්දින කඩුලු සංඛ්‍යාව 194ක්.
ශ්‍රී ලංකාවට එරෙහිව තරග 28ක ඉනිම් 17ක දී පිටියට පිවිස ඇති Jadeja අර්ධ ශතකයක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 344ක් වන අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 25ක්.
පාකිස්තානය
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව පළමු අසුන හිමි කණ්ඩායම ලෙසත් සහ එක්දින ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ දී පළමු පිතිකරුවන් 5 දෙනාගෙන් තිදෙනෙක්ගෙන් ම සමන්විත වඩාත් ප්‍රබල කණ්ඩායමක් ලෙසයි පාකිස්තානය මෙවර තරගාවලියට එක් වෙන්නේ.
එම ශ්‍රේණිගත කිරීමේ දී පළමු ස්ථානය Babar Azam වෙතත්, තෙවැනි ස්ථානය Imam-ul-Haq වෙතත් සහ 5 වැනි ස්ථානය Fakhar Zaman වෙතත් හිමි වෙනවා. එමෙන් ම තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතරින් 9 වැනි ස්ථානය Shaheen Afridi සතු කර ගන්නවා.
අවස්ථා දෙකක දී ආසියානු කුසලානයේ හිමිකරුවන් වන පාකිස්තානය ආසන්නත ම තරගාවලියේ මෙන් ම ඊට පෙර ද එක් වතාවක් ලෙසින් අවස්ථා දෙකක දී අනුශූරයන් බවට පත් වෙමින් මෙවර තරගාවලිය හා එක් වෙනවා.
Span | Mat | Won | Lost | Tied | NR | %W | |
ODI | 1973 – 2023 | 956 | 506 | 421 | 8 | 20 | 52.92 |
Asia Cup | 1984 – 2018 | 45 | 26 | 18 | 0 | 1 | 59.09 |
Babar Azam
පාකිස්තාන කණ්ඩායමේ නායකයා ද වන Babar Azam, මෙවර ආසියානු කුසලානයේ දී දක්ෂතා දක්වනු ඇතැයි බලාපොරොත්තු තබා සිටින පිතිකරුවන් අතරින් ඉදිරියෙන් ම සිටින ක්‍රීඩකයෙක්.
මේ බලාපොරොත්තුව රැඳී තිබුණ ද ඔහු මේ දක්වා ආසියානු කුසලාන තරග 5කට පමණයි සහභාගී වී සිටින්නේ. එම තරග 5 දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 156ක් ලබා ගැනීමට ඔහු සමත් වෙනවා. එහි සාමාන්‍ය 31.20ක්.
Babar Azam මේ දක්වා එක්දින තරග 103කට සහභාගී වෙමින් ශතක 18ක් සහ අර්ධ ශතක 28ක් සමඟින් ලකුණු 5202ක් ලබා සිටිනවා. ඒ අතරින් ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් එක්දින තරග 10ක ඉනිම් 9ක දී පිටියට පිවිසෙමින් ශතක 3ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 496ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය 62.00 වැනි ඉහළ අගයකින් තබා ගැනීමට ඔහු සමත් වෙනවා.
Fakhar Zaman
33 හැවිරිදි වියේ පසුවන පාකිස්තානයේ ආරම්භක වමත් පිතිකරු Fakhar Zaman ආසියානු කුසලානයක මේ දක්වා සහභාගී වී ඇත්තේ පසුගිය ආසන්නත ම තරගාවලියට පමණයි. එහි දී තරග 5කට සහභාගී වෙන ඔහුට රැස් කර ගත හැකි වන්නේ ලකුණු 56ක් පමණයි.
කෙසේ වෙතත් ඔහුගේ එක්දින ජාත්‍යන්තර ගිණුමේ සටහන් ව ඇති ලකුණු ප්‍රමාණය 3207ක්. ඒ තරග 73කට එක් වෙමිනුයි. ඊට සිම්බාබ්වේට එරෙහිව නොදැවී වාර්තා කරන ලද ලකුණු 210ක් සමඟින් තවත් ශතක 9ක් සහ අර්ධ ශතක 15ක් ද ඊට ඇතුළත්.
ශ්‍රී ලංකාවට ඔහු විසින් වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව තරග 8ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 328ක්.
- සිංහයන් රැකවල් දා සිටින ආසියානු කුසලාන ඉතිහාසය
- වනිඳුට සහ චමීරට ආසියානු කුසලානය අහිමි වෙයි!
- ආසියානු කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ අලුත්ම වෙනස්කම්
- තවත් ශ්‍රී ලාංකිකයෙකුට ආසියානු කුසලානය මඟ හැරේ
ඇෆ්ගනිස්තානය
ඇෆ්ගනිස්තානය ද නවතම ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ දී දක්ෂතා දක්වන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම කැටිවයි මෙම තරගාවලියට එක් වෙන්නේ. ඒ අතර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දී තෙවැනි ස්ථානය Mujeeb Ur Rahman වෙත ද, සිව්වැනි ස්ථානය Rashid Khan වෙත ද හිමි වෙනවා. තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරින් දෙවැනි අසුනට හිමිකම් කීමට Mohammad Nabi සමත් වෙනවා.
කණ්ඩායමක් ලෙසින් ඔවුන් 9 වැනි ස්ථානයේ ස්ථාවර වී සිටිනවා. ආසියානු කුසලානයේ මෙතෙක් ඔවුන් ආ ඉහළ ම ස්ථානය වන්නේ නිමා වූ තරගාවලියේ සුපිරි 4 වටයට පිවිසීමයි.
Span | Mat | Won | Lost | Tied | NR | %W | |
ODI | 2009 – 2023 | 150 | 73 | 72 | 1 | 4 | 48.66 |
Asia Cup | 2014 – 2018 | 9 | 3 | 5 | 1 | 0 | 38.89 |
Najibullah Zadran
30 හැවිරිදි වියේ පසුවන ඇෆ්ගනිස්තානයේ Najibullah Zadran ද මෙවර ආසියානු කුසලානයේ දී ප්‍රතිවාදීන්ට තරමක හිසරදයක් වන ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්විය හැකි. එක්දින පිටියේ තරග 88කට සහභාගී වී ඇති ඔහු මේ දක්වා ඉනිම 80ක දී ශතකයක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 2013ක් ලබා සිටිනවා.
මේ අතරින් ආසියානු කුසලාන තරග 7ක ඔහුගේ දක්ෂතාව ලෙසින් සඳහන් වෙන්නේ ලකුණු 75ක් පමණයි.
ශ්‍රී ලංකාවට එරෙහිව තරග 10කට එක් වී ඇති Zadran අර්ධ ශතකයක් සමඟින් ලකුණු 220ක් ලබා සිටිනවා.
Rahmanullah Gurbaz
21 හැවිරිදි වියේ පසුවන ඇෆ්ගනිස්තානයේ Rahmanullah Gurbazගේ මංගල ආසියානු කුසලාන තරගාවලිය මෙයයි.
මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 24කට සහභාගී වී ඇති Gurbaz ශතක 5ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 953ක් ලබා සිටිනවා. එම ඉනිම් අතර ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වූයේ පසුගිය දිනවල හම්බන්තොට දී පැවති පාකිස්තානය හා සමඟ තරගාවලියේ දෙවැනි තරගයේ දී පන්දු 151ක් වැය කරමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් වාර්තා කරන ලද ලකුණු 151යි.
ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරග 6ක ඉනිම් 6ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 150ක් ලබා ගැනීමට ඔහු සමත් ව සිටිනවා.
බංග්ලාදේශය
බංග්ලාදේශය මෙවර ආසියානු කුසලාන තරගාවලියට එක් වෙන්නේ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල දී අංක 1 තුන් ඉරියව් ක්‍රීඩකයා වන Shakib Al Hasan කැටිවයි. ඔවුන් කණ්ඩායමක් ලෙස මෙම ලැයිස්තුවේ 7 වැනි ස්ථානයට පත් ව සිටිනවා.
ආසියානු කුසලාන තරගාවලියේ දී 2012 සහ 2018 වසර ද්විත්වයේ අනුශූරයන් බවට පත් වෙන්නේ බංග්ලාදේශයයි.
Span | Mat | Won | Lost | Tied | NR | %W | |
ODI | 1986 -2023 | 414 | 152 | 254 | 0 | 9 | 36.62 |
Asia Cup | 1986 – 2018 | 43 | 7 | 36 | 0 | 0 | 16.28 |
Shakib Al Hasan
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන බංග්ලාදේශය නායක Shakib Al Hasan එරට කණ්ඩායමේ ප්‍රධාන ගැලවුම්කරු ලෙසින් හැඳින්වෙනවා.
2010 වසරේ සිට ආසියානු කුසලාන තරගාවලිය නියෝජනය කරන ඔහු මේ දක්වා තරග 13කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 3ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 402ක්. ඊට කඩුලු 19ක් ද එක් කර ගැනීමට ඔහු සමත් වෙනවා.
Shakib මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 235කට සහභාගී වෙමින් ශතක 9ක් සහ අර්ධ ශතක 53ක් සමඟින් ලකුණු 7211ක් ලබා සිටිනවා. එමෙන් ම වමතින් දඟපන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 305ක්.
ශ්‍රී ලංකාවට එරෙහිව තරග 25කට ක්‍රීඩා කර ඇති ඔහු අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 626ක් සහ කඩුලු 18ක් ලබා සිටිනවා.
Mushfiqur Rahim
බංග්ලාදේශ කණ්ඩායමේ ඉහළින් ම බලාපොරොත්තු තබා සිටින තවත් ක්‍රීඩකයෙක් ලෙසින් 36 හැවිරිදි වියේ පසුවන කඩුලු රකින පිතිකරු Mushfiqur Rahim හැඳින්විය හැකි.
ඔහු ආසියානු කුසලාන තරගාවලිය සමඟ සම්බන්ධ වෙන්නේ 2008 වසරේ සිටයි. එතැන් සිට මේ දක්වා ආසියානු කුසලාන තරග 21ක ඉනිම් 21ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 699ක් ලබා ගැනීමට ඔහු සමත් වෙනවා. මේ ලකුණුවල සාමාන්‍ය 36.78ක්
2018 වසරේ ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 150කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 144 ඔහුගේ තරග දිවියේ ඉහළ ම දක්ෂතාවයි.
ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 251කට සහභාගී වෙමින් ශතක 9ක් සහ අර්ධ ශතක 45ක් සමඟින් ලකුණු 7257ක් ලබා සිටිනවා. ඒ අතරින් තරග 33ක ඉනිම් 31ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1020ක් වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.
නේපාලය
නවතම ශ්‍රේණිගත කිරීම් අතර නේපාලය 15 වැනි අසුන හිමි කර ගනිමින් මෙවර පළමු වතාවට ආසියානු කුසලානය හා එක් වෙනවා.
Span | Mat | Won | Lost | Tied | NR | %W | |
ODI | 2018 – 2023 | 57 | 30 | 25 | 1 | 1 | 52.63 |
Asia Cup | 2023 – 2023 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
Rohit Paudel
ආසියානු කුසලාන තරගාවලියට එක් වන නවකයන් වන නේපාල කණ්ඩායමේ නායකයා ද වන 20 හැවිරිදි වියේ පසුවන Rohit Paudel තමන්ට ලැබුණ මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනු ඇතැයි සිතිය හැකි.
ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 5දෙක ඉනිම් 51ක දී පිටියට පිවිසෙමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1469ක්. ඊට පැපුවා නිව් ගිනියාවට එරෙහිව පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගත් ලකුණු 126ක් ද සහ තවත් අර්ධ ශතක 8ක් ද ඇතුළත්.
2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<