මෙම වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන දින සහ ස්ථාන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙවර තරගාවලිය අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලිය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇත.
සමස්ත තරග 13කින් යුත් මෙම තරගාවලියේ පළමු තරග හතර පාකිස්තානයේ දී පැවැත්වෙන අතර අනෙක් තරග සියල්ල පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ දීයි.
- ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත සංචිතය නම් කරයි
- එක්දින ලෝක කුසලානයේ දල කාලසටහන එළියට
- බංග්ලාදේශ ආරම්භක පිතිකරුවාට ආබාධයක්
- ඉන්දියාව අංක 1 ටෙස්ට් පන්දු යවන්නා එළියට දැම්මේ ඇයි?
මෙම තරගාවලිය සඳහා මෙවර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ ඇෆ්ගනිස්ථානය සහභාගී වීමට නියමිතව තිබෙනවා.
තරගාවලියේ පළමු වටයේ දී කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ දෙකකට වෙන් කර තරග පැවැත්වෙන අතර එයින් සිය කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් ද්විත්වය සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබනවා.
සුපිරි හතර දෙනාගේ වටයේ දී කණ්ඩායම් සියල්ල අනෙක් කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ තරග වැදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මතභේදාත්මක තත්වයක් හට ගත් නමුත් පසුව පාකිස්තානය විසින් ඉදිරිපත් කළ දෙමුහුන් ආකෘතිය සඳහා රටවල් සියල්ලේ ක්‍රිකට් ආයතන සිය එකඟත්වය පල කළා.
2023 ආසියානු කුසලානය ඇතුළු දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<