2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පැවති තවත් තීරණාත්මක තරගයක් අද (6) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩුබායි හිදී නිමාවට පත්වුනා.
එම තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් හිමිකරගත් ශ්‍රී ලංකාව මේ වන විට අඛණ්ඩව විස්සයි විස්ස තරග තුනක් ජයගෙන තිබෙනවා. තීරණාත්මක සාධකයක් වුනු කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සුපුරුදු පරිදි පළමුව පන්දු රැකීමට තීරණය කළා.
තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,
ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kusal Mendis (wk), Charith Asalanka, Danushka Gunathilaka, Bhanuka Rajapaksa, Dasun Shanaka (c), Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Asitha Fernando, Dilshan Madushanka
ඉන්දියාව – KL Rahul, Rohit Sharma (c), Virat Kohli, Suryakumar Yadav, Rishabh Pant (wk), Deepak Hooda, Hardik Pandya, Ravichandran Ashwin, Bhuvneshwar Kumar, Yuzvendra Chahal, Arshdeep Singh
ඉන්දීය ඉනිම ආරම්භ කරමින් Rahul සහ Sharma පිටියට පිවිසුණා. ඔවුන් දෙදෙනාගේම වැඩි දුර්වලතාවයක් වන වමත් වේගපන්දු යවන්නෙක් භාවිතා කරමින් මදුශංක නව පන්දුවෙන් පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළා. අනතුරුව තීක්ෂණ විසින් ක්‍රියාත්මක කරන ලද සිය පළමු පන්දුවාරයේ දී Rahulගේ කඩුල්ල ලකුණු 6කට දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
වයස අවුරුදු 21ක් වන වමතින් වේගපන්දු යවන මදුශංක සිය 4 වැනි ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයේ දී ලකුණු 24කට කඩුලු 3ක් දවාගෙන සුපිරි දස්කමක් දැක්වූවා. එහි පළමු ගොදුර බවට පත්වුණ සුපිරි පිතිකරු Kohli ලකුණු ලබා ගැනීමටත් පෙර ක්‍රීඩාගාරයට හරවා යැවීමට මදුශංක සමත් වුනේ වැඩි ජවයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලබා දෙමින්.
ලකුණු 13කට කඩුලු 2ක් බිඳ වැටී අසීරු අවස්ථාවක සිටි මොහොතේ දී Yadav සමඟ එක්වුණු Sharma තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58ක දී ලකුණු 97ක සබඳතාවයක් (Powerplay අවස්ථාව තුල 43/2) ගොඩනංවමින් දැඩි පීඩනයකට හසුව සිටි ඉන්දීය කණ්ඩායමට යම් සහනයක් රැගෙන එන්නට සමත් වුනා.
මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වන විට ඉන්දීය ඉනිමට සවිමත් අඩිතාලමක් ලබා දුන් නායක Sharma ශ්‍රී ලංකා පන්දු යවන්නට දැඩි ප්‍රහාරයක් දියත් කළ අතර ඔහු බවුන්සර් පන්දුවලට කිසිදු පැකිලීමකින් තොරව 6 පහරවල්වලින් සංග්‍රහ කළා. ඔහු සිය ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ ලබා ගත් 28 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 41ක් තුල ලකුණු 72ක් ලබා ගත්තේ 4 පහර 5ක් සහ දැවැන්ත 6 පහර 4ක් එල්ල කරමිනි.
ඉන්දීය ඉනිමේ 13 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී ශ්‍රී ලංකාවට අවශ්‍යවම තිබූ Sharmaගේ කඩුල්ල කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් දවා ගැනීමට සමත් වූ අතර, ඒ වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 110ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක පසුවුනා.
කෙසේ නමුත් එතැන් පටන් ඉන්දීය ඉනිමේ නියමිත පන්දුවාර 20 අවසන් වන තෙක් ගෙවුණු පන්දු 46 තුල කඩුලු 5ක් දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 63ක් පමණයි.
ශ්‍රී ලංකා නිත්‍ය වේගපන්දු යවන ක්‍රීඩක අසිත පන්දුවාර දෙකක දී ලකුණු 28ක ප්‍රහාරයකට ලක්වුණු නිසා ශානක නැවතත් පන්දු යැවීමෙන් සිය දායකත්වය දක්වමින් නායකයෙක් ලෙස සිය වගකීම ඉටු කළා. එහි දී ඔහු සාර්ථක වෙමින් ලකුණු 26කට කඩුලු 2ක් දවා ගත් අතර Yadav සහ Pandya යන ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙදෙනා ශානකගේ ගොදුරු බවට පත්වුනා.
අවසානයේ දී ඉන්දීය කණ්ඩායමට සිය නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 173ක් පමණයි. පන්දු යැවීමේ දී මදුශංක කඩුලු 3ක් දවා ගන්නා විට, චාමික සහ ශානක අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.
- ඉන්දු – ශ්‍රී ලංකා ගැටුමට පෙර
- නවක ක්‍රීඩකයාගේ සහයට ආ Virat Kohli
- සුපිරි 4 වටයට ශ්‍රී ලංකාවෙන් සුපිරි ආරම්භයක්
- ශ්‍රී ලංකාවේ උපක්‍රම ගැන බංගලියන්ගේ නොසතුට!
- ශ්‍රී ලංකා Legends කාලසටහන නිකුත් කරයි
තරගාවලිය පුරාවටම ලකුණු හඹා යාම හොඳින්ම සිදු කළ ශ්‍රී ලංකාවට මෙවර හිමි වූ ඉලක්කය ලකුණු 174ක්. මෙන්ඩිස් සමඟ ඉනිම ආරම්භ කළ නිස්සංක පන්දු 67ක් තුල ලකුණු 97ක සබඳතාවයක් ගොඩනංවමින් (Powerplay අවස්ථාව තුල 57/0) ජයග්‍රහණය සඳහා අවශ්‍යවම තිබූ ආරම්භය සාර්ථක කර දුන්නා.
ඉන්දියාවට එරෙහිව පැවති විස්සයි විස්ස තරගයක දී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් ලබා ගත් දෙවැනි හොඳම සබඳතාවය ලෙස එය වාර්තා පොත් අතරට එක් වුනා.
එම සබඳතාවය අවසන් කරමින් පන්දු 37ක දී ලකුණු 52ක් ලබාගෙන සිය 6 වැනි ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය ලබා ගත් නිස්සංක Chahalගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර, නිස්සංකගේ ඉනිමට 4 පහර 4ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.
අනතුරුව අසලංක සහ ගුණතිලක හට නැවත වරක් අසාර්ථක පිතිකරුවන් ලෙස ක්‍රීඩාගාරයට හැරී යන්නට සිදු වූ අතර අසලංක අවාසනාවන්ත ලෙස මේ තරගාවලිය පුරාවටම පිතිකරුවෙක් ලෙස මේ දක්වා අසාර්ථක වී තිබෙනවා.
කෙසේ නමුත් ඉනිමේ පන්දුවාර 14කුත් එක් පන්දුවක් තිස්සේ කඩුල්ලේ රැඳී සිටි කඩුලු රකින පිතිකරු මෙන්ඩිස් සිය 8 වැනි ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය අද වාර්තා කරගත්තා. පන්දු 37ක දී ලකුණු 57ක් ලබා ගත් මෙන්ඩිස්ගේ ඉනිම 4 පහර 4කින් සහ 6 පහර 3කින් වර්ණ ගැන්වුනා.
ලකුණු 110කට කඩුලු 4ක් බිඳ වැටී තිබිය දී පිටියේ එක්වූ ශානක සහ රාජපක්ෂ හට තරගය ජයග්‍රහණ දක්වා රැගෙන යාම සඳහා, ඒ වන විට පන්දු 35ක දී ලකුණු 64ක් ලබා ගැනීමට නියමිතව තිබුණා.
ආරම්භයේ දී එය තරමක අභියෝගාත්මක ඉලක්කයක් ලෙස පෙනෙන්නට වුවත්, ශානක සහ රාජපක්ෂ පීඩනය කළමනාකරණය කරගනිමින් පන්දු යවන්නන් සහ දුර්වල පන්දු ඉලක්ක කරගනිමින් සුපිරි ප්‍රහාරයක් දියත් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියේ තියුණු සටනක් ලබා දෙමින් අනතුරුවයි.
ඉන්දියාවේ තිබුණු සංයුතිය අනුව විශ්වාසය තැබිය හැකි 6 වැනි පන්දු යවන්නෙකු නොමැති වීම, අවසන් පන්දුවාර කිහිපයේ දී සහ පළමු පන්දුවාර කිහිපයේ දී පිතිකරුවන් අසාර්ථක වීම මෙන්ම ඔවුන්ගේ පන්දු රැකීම ද ඔවුන්ගේ මේ තරග පරාජය සඳහා විශාල බලපෑමක් එල්ල කළා.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව තරග 2ම ජයග්‍රහණය කරමින් අපරාජිතව මේ සුපිරි වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින අතර ඉන්දියාව මේ දක්වා ක්‍රීඩා කළ තරග 2ම පරාජයට පත් වෙමින් එහි තෙවැනි තැන සිටින්නේ අවසන් මහා තරගය පිළිබඳව තිබෙන බලාපොරොත්තු ඉතාමත් අල්ප වශයෙන් තබාගෙනයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
KL Rahul | lbw b Maheesh Theekshana | 6 | 7 | 1 | 0 | 85.71 |
Rohit Sharma | c Pathum Nissanka b Chamika Karunaratne | 72 | 41 | 5 | 4 | 175.61 |
Virat Kohli | b Dilshan Madushanka | 0 | 4 | 0 | 0 | 0.00 |
Suryakumar Yadav | c Maheesh Theekshana b Dasun Shanaka | 34 | 29 | 1 | 1 | 117.24 |
Hardik Pandya | c Pathum Nissanka b Dasun Shanaka | 17 | 13 | 0 | 1 | 130.77 |
Rishabh Pant | c Dilshan Madushanka b Pathum Nissanka | 17 | 13 | 3 | 0 | 130.77 |
Deepak Hooda | b Dilshan Madushanka | 3 | 4 | 0 | 0 | 75.00 |
Ravichandran Ashwin | not out | 15 | 7 | 0 | 1 | 214.29 |
Bhuvneshwar Kumar | b Chamika Karunaratne | 0 | 2 | 0 | 0 | 0.00 |
Arshdeep Singh | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 8 (b 0 , lb 0 , nb 1, w 7, pen 0) |
Total | 173/8 (20 Overs, RR: 8.65) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dilshan Madushanka | 4 | 0 | 24 | 3 | 6.00 | |
Maheesh Theekshana | 4 | 0 | 29 | 1 | 7.25 | |
Chamika Karunaratne | 4 | 0 | 27 | 2 | 6.75 | |
Asitha Fernando | 2 | 0 | 28 | 0 | 14.00 | |
Wanidu Hasaranga | 4 | 0 | 39 | 0 | 9.75 | |
Dasun Shanaka | 2 | 0 | 26 | 2 | 13.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Rohit Sharma b Yuzvendra Chahal | 52 | 37 | 4 | 2 | 140.54 |
Kusal Mendis | lbw b Yuzvendra Chahal | 57 | 37 | 4 | 3 | 154.05 |
Charith Asalanka | c Suryakumar Yadav b Yuzvendra Chahal | 0 | 3 | 0 | 0 | 0.00 |
Danushka Gunathilaka | c KL Rahul b Ravichandran Ashwin | 1 | 7 | 0 | 0 | 14.29 |
Bhanuka Rajapaksa | not out | 25 | 17 | 0 | 2 | 147.06 |
Dasun Shanaka | not out | 33 | 18 | 4 | 1 | 183.33 |
Extras | 6 (b 2 , lb 1 , nb 0, w 3, pen 0) |
Total | 174/4 (19.5 Overs, RR: 8.77) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Bhuvneshwar Kumar | 4 | 0 | 30 | 0 | 7.50 | |
Arshdeep Singh | 3.5 | 0 | 40 | 0 | 11.43 | |
Hardik Pandya | 4 | 0 | 35 | 0 | 8.75 | |
Yuzvendra Chahal | 4 | 0 | 34 | 3 | 8.50 | |
Ravichandran Ashwin | 4 | 0 | 32 | 1 | 8.00 |
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 9 වැනිදා පාකිස්තානය සමඟ තරගය ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<