Delhi Capitals නියෝජනය කරන සුපිරි ඉන්දීය පිට දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin මේ දිනවල ක්‍රියාත්මක වන IPL 2021 තරගවාරයෙන් ඉවත් වීමට තීරණය කොට තිබෙනවා.
Covid-19 වසංගතය සමස්ත ඉන්දියාව පුරාම ලැව්ගින්නෙක් මෙන් පැතිර යන මොහොතක තම පවුලේ උදවිය සමඟ කාලය ගත කරමින් ඔවුන්ට ශක්තියක් වීමට හැකි නම් එය ඉතාමත් වැදගත්කොට සලකන බව මෙම තීරණය සම්බන්ධයෙන් Twitter සටහනක් එක් කරමින් Ashwin සඳහන් කර තිබුණි.
“මම හෙට දිනයේ සිට මෙවර IPL තරගාවලියෙන් විවේක ගන්න කල්පනා කළා. අපි හැමෝම මේ පහුකරන්නේ ඉතාමත් අභියෝගාත්මක කාලසීමාවක්. ඒක නිසා මගේ පවුලේ අයත් එක්ක කාලය ගත කිරීම වඩාත් වැදගත් කියලා මට හැඟුණා” යනුවෙන් සඳහන් කරමින් ඊයේ (25) Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය ගැනීමෙන් අනතුරුව Ashwin සිය Twitter ගිණුමෙහි සටහනක් තබා තිබුණි.
තවත් ක්‍රිකට් පුවත්:
- ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ වෙනස්කම් දෙකක්
- එංගලන්ත සුපිරි වේගපන්දු යවන්නා IPL හැර යයි
- තිසර සහ අසේල ඇතුළු යුද හමුදාවෙන් ඇදහිය නොහැකි පිතිකරණයක්
කෙසේ නමුත් ඉදිරි සති කිහිපය තුල දී එරට සෞඛ්‍ය අංශ හට මෙම තත්වය සැලකිය යුතු අයුරින් පාලනය කර ගත හැකි වුවහොත් යලිත් DC කණ්ඩායමත් සමඟ එකතු වීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
Ashwin සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව තමන් ද එම තීරණයට සහය ලබා දීමට කටයුතු කළ බව Delhi Capital කළමනාකාරිත්වය පවසා සිටියේ Ashwin හට මෙන්ම ඔහුගේ පවුලේ සියලු දෙනා හට ද මෙම අසීරු කාලසීමාව ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ඔවුන් සතුවේවා යැයි ප්‍රාර්ථනා කරමිනි.
🚨 UPDATE 🚨
Ravichandran Ashwin has decided to take a break from #IPL2021 to support his family in the fight against #COVID19, with the option to return should things get better.
We at Delhi Capitals extend him our full support 💙#YehHaiNayiDilli pic.twitter.com/A9BFoPkz7b
— Delhi Capitals (@DelhiCapitals) April 25, 2021
වසර 10ක ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන Ashwin ටෙස්ට් තරග 77කටත් එක්දින සහ විස්සයි විස්ස තරග පිළිවෙළින් 111කට සහ 46කට මුහුණ දී තිබෙන්නේ එදා මෙදා තුර ඉන්දියාවෙන් බිහි වූ සාර්ථකම දඟපන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම රැඳෙමිනි. ඔහු ලොව දැනට සිටින ටෙස්ට් කඩුලු 400 ඉක්මවූ පන්දු යවන්නන් අතළොස්ස අතුරින් අයෙකු වීම ද සුවිශේෂී කාරණාවකි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<