ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු ප්‍රධානියා සහ කණ්ඩායම් කළමනාකරු ලෙස වැඩකටයුතු කරනු ලබන අසන්ත ද මෙල් මහතා කණ්ඩායම් කළමනාකරු තනතුරින් ඉවත් වීමට තීරණය කර ඇත.
ඒ අනුව එළඹෙන එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ද මෙල් මහතා කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරනු ලබන අවසන් තරගය වනු ඇත.
“පුද්ගලික හේතුවක් නිසා කණ්ඩායම් කළමනාකරු කියන තනතුරින් ඉවත් වෙන්න මම තීරණය කරලා තියෙනවා. කොහොමත් මම මේ කළමනාකරු කියන තනතුර ලබා ගත්තේ තාවකාලිකවයි. ඒ කොහොම වුනත් මේ එංගලන්ත තරගාවලිය මම කණ්ඩායම් කළමනාකරු ලෙස වැඩකටයුතු කරනු ලබන අවසන් තරගාවලියයි” ද මෙල් මහතා Daily News පුවත්පත වෙත පවසා තිබේ.
තවත් ක්‍රිකට් පුවත්:
- එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට නොකඩවා ටෙස්ට් තරග 5ක ප්‍රහාරයක්
- දිමුත්, මෙන්ඩිස් ඇතුළු පස්දෙනෙක් ගෙදර යවයි
- IPL එකට අලුතින් කණ්ඩායම් දෙකක් වෙනුවට එකක්
- කාර්යබහුල තරග කාලසටහන් නිසා ඉන්දියාව අර්බුදයක
- “ලක්මාල්, කුමාර සුවෙන්, දිමුත් ගැන විශ්වාසයක් නැහැ” – ප්‍රධාන පුහුණුකරු
එසේම ThePapare.com වෙත ලැබුණු විශ්වාසදායී ආරංචි මාර්ගවලට අනුව එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස විනෝදන් ජෝන් මහතා පත්වීමට වැඩි ඉඩක් තිබෙන බව ද වාර්තා වේ.
2019 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කණ්ඩායම් කළමනාකරු ලෙස සහ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස වැඩකටයුතු කරනු ලැබූ ද මෙල් මහතා ඉදිරියටත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබේ.
දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<