ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව සඳහා සත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් නම් කර තිබේ. ශ්‍රී ලංකා යුධ හමුදාපතිතුමන් වන ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව විසින් මෙලෙස ක්‍රිකට් තේරීම් කමිටුව නිර්දේශ කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු තේරීම් කමිටු ප්‍රධානියා වූ අසන්ත ද මෙල් මහතාට මෙලෙස නිර්දේශ කළ කමිටුවේ ප්‍රධානත්වය හිමිව ඇත. කෙසේ වෙතත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව විසින් නිර්දේශ කළ මෙම සත් සාමාජික කමිටුව සඳහා තවමත් ක්‍රීඩා අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතාගේ නිර්දේශය හිමිව නැත.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවශ්‍ය වෙලා තිබුණේ කමිටු දෙකක් පත්කරන්න. නමුත් අපි එහෙම කළොත් ඒක ක්‍රීඩා නීති රීති උල්ලංඝනය කිරීමක් වෙනවා. ඒ නිසා අපි මේ විදිහට සත් දෙනෙක්ගෙන් යුත් කමිටුවක් නම් කරන්න තීරණය කළා.
අපි මේ නම් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශයට යවලා තියනවා. මේ කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, කාන්තා කණ්ඩායම සහ සියලු කනිෂ්ඨ කණ්ඩායම්වල තේරීම් කටයුතු කරන්න නියමිතයි.
මේ කමිටුවට පුද්ගලයන් සත් දෙනෙක් ඇතුළත් වෙනවා. ඔවුන්ට හැකියාවක් තියනවා ඒ කමිටුව තුලින්ම කාන්තා කණ්ඩායම සහ කනිෂ්ඨ කණ්ඩායම් තෝරාගැනීමට අදාල පුද්ගලයන් පත්කරගන්න” ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව The Sunday Times පුවත්පත සමඟින් අදහස් දක්වමින් පවසා තිබුණි.
තවත් ක්‍රිකට් පුවත්:
- කොළඹ සහ දඹුල්ල පුහුණුකරුවන් හිටි හැටියේ වෙනස් වෙයි
- KXIP පසුබෑම ගැන හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකුගෙන් සැර ප්‍රකාශයක්
- ලෝක ටෙස්ට් ශූරතාවයේ ආකෘතිය වෙනස් වෙයි ද?
- hLPL පිටියට එක්වෙන ළාබාල “ගාලු පොඩ්ඩා”
- ක්‍රිකට් ලොව වීරයා හැබැහින් දුටු Yuvrajගේ සැබෑ වුනු සිහිනය
මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ ග්රැහැම් ලැබ්රෝයි මහතාගෙන් අනතුරුව 2018 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ලෙස පත්වූයේ අසන්ත ද මෙල් මහතාය. ඒ එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ ෆයිසර් මුස්තාපා මහතා යටතේය. මෙම නව කමිටුවේ ප්‍රධානියා ලෙස මෙල් මහතා පත්වීමත් සමඟින් එය ඔහුගේ තෙවැනි ධුර කාලය ලෙස සටහන් වේ.
මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස අසන්ත ද මෙල් මහතා කටයුතු කළ අතර චමින්ද මෙන්ඩිස් සහ විනෝදන් ජෝන් යන මහත්වරු සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළේය.
පසුගිය තේරීම් කමිටු ත්‍රිත්වය තුලම සාමාජිකත්වය දැරූ විනෝදන් ජෝන් මහතා මෙම නව කමිටුවට ඇතුළත් නොවීම විශේෂත්වයකි. චමින්ද මෙන්ඩිස් මහතා නව කමිටුව සඳහා ද නම් කර තිබේ.
ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව විසින් නම් කළ නව කමිටුව මෙසේයි.
- අසන්ත ද මෙල්
- චමින්ද මෙන්ඩිස්
- ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
- හේමන්ත දේවප්‍රිය
- රංජිත් මධුරසිංහ
- උවායිස් කර්නයින්
- නිල්මිණි ගුණරත්න
මෙම නව කමිටුව පත්කිරීමෙන් අනතුරුව ඔවුන්ට පැවරෙන පළමු රාජකාරිය වන්නේ එළඹෙන දෙසැම්බර් මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමයි.
එම සංචාරය සඳහා මේ වන විට ක්‍රීඩකයන් 22කින් යුත් මූලික සංචිතය නම් කර තිබේ. එම මූලික සංචිතය පසුගිය දා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සිය පුහුණුවීම් ආරම්භ කළේය. දින 10ක් පුරා පැවැත්වෙන මෙම පුහුණු කඳවුර ජෛව ආරක්ෂිත වටපිටාවක් තුල පැවැත්වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<