2024 පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීම සඳහා අරුණ දර්ශන සුදුසුකම් ලබා තිබෙනවා.
පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් සුදුසුකම් ලබා ගත් අරුණ මේ වන විට මීටර් 400 ඉසව්වේ ලකුණු 1220ක් සමඟ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 53 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.
මේත් සමඟම මෙවර ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වීමට සුදුසුකම් ලබාගත් හය වැනි ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට අරුණට හැකියාව ලැබුණා.
- මීටර් 800 සහය දිවීමේ වැඩි ගෞරව වළල ඒ රත්නායක විද්‍යාලයට
- Ritzbury සහය දිවීමේ සැණකෙළිය උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි
- තරුෂි සහ නදීශා ඔලිම්පික් වරම් ලබයි
මෙවර ඔලිම්පික් උළෙලේ මීටර් 400 ඉසව්ව ඉතා තරගකාරී ඉසව්වක් ලෙස හඳුනාගත හැකි අතර, මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසු වන බහරේන් දේශයේ Steven Gardiner, ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන දකුණු අප්‍රිකාවේ Wayde Van Niekerk, බෙල්ජියමේ Alexander Doom, ඇමරිකා එක්සත් ජනපදයේ Quincy Hall සහ Michael Norman, බොට්ස්වානා දේශයේ LetLetsile Tebogo මෙන්ම ග්‍රැනේඩාවේ Karani James වැනි ක්‍රීඩකයින් රැසක් අතරේ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනට ද මෙවර ඔලිම්පික් ධාවන පථයේ තරග වැදීමට අවකාශය හිමි වනු ඇති.
2024 ඔලිම්පික් උළෙල පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<