2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ මූලික වටයයේ අරුණ දර්ශන සහභාගී වූ තරගයෙන් ඔහුට තෙවන ස්ථානය හිමි වුනා.
මෙවර ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා බලාපොරොත්තු අතුරින් දෙවැනියා ලෙස තරග බිමට පිවිසුණු අරුණ අද (04) රාත්‍රියේ පිරිමි මීටර් 400 මූලික වටයේ පස් වැනි තරග වටයට සහභාගී වූ අතර, එහි දී ඔහු විසින් තත්පර 44.99ක කාලයක් වැය කරමින් තෙවැනියා ලෙසයි තරගය නිමා කළේ.
මෙය අරුණ දර්ශනගේ පෞද්ගලික හොඳම කාලය ලෙස වාර්තා වූ අතර, ඒ අනුව ඔහු 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- වසර 37ක් පැරණි කාන්තා උස පැනීමේ ලෝක වාර්තාව අලුත් වෙයි!
- කාලිංග සහ අරුණ අතරේ තියුණු සටනක්
- අරුණ ඔලිම්පික් වරම් ලබයි!
- තරුෂි සහ නදීශා ඔලිම්පික් වරම් ලබයි
අරුණ සහභාගී වන අවසන් පූර්ව තරගය එළඹෙන 06 වැනිදා ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රි 11.05 ආරම්භ වීමට නියමිතයි.
අරුණ සහභාගී වූ තරගයේ පළමු ස්ථානය මීටර් 400 ඉසව්වේ පුරාවෘත්තයක් ලෙස සැලකෙන ග්‍රැනේඩාවේ Kirani James හට හිමි වුනා.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>