තායිවාන විවෘත මලල ක්රීඩා තරගාවලියේ පළමු දිනයේ දීම ජයග්රහණ වාර්තා කර ගැනීමට ශ්රී ලංකාවේ තරුශි කරුණාරත්න සහ අරුණ දර්ශන විසින් අද (01) සමත් වුනා.
තායිවානයේ පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු දිනය වූ අද දිනයේ තරුශි කරුණාරත්න සහ නදීශා රාමනායක කාන්තා මීටර් 400 මූලික වටවලට ඉදිරිපත් වූ අතර, ඒවායෙන් ජයග්රහණ ලබමින් ඔවුන් අවසන් මහා තරගය වෙත ද සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව අද සවස ඔවුන් දෙදෙනා ම තරගාවලියේ කාන්තා මීටර් 400 අවසන් මහා තරගයට සහභාගී වූ අතර, එහි දී තත්පර 52.48ක කාලයක් සමඟ ඉසව්ව ජයග්රහණය කිරීමට තරුශි සමත් වීම විශේෂත්වයක්.
මේ අතර නදීශා රාමනායක තත්පර 53.93ක කාලයක් සමඟ ඉසව්වේ සිව්වැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා.
- ශ්රී ලංකාවට පළමු දිනයේම රිදී පදක්කමක්
- කාලිංග කුමාරගේ ජපානයේ දී ජයග්රහණයක් වාර්තා කරයි
- ලෝක සහය දිවීමේ ශූරතාවලියට ඇමරිකානු ආක්රමණයක්!
- නදීශාට දෙවැනි තැන ලැබෙද්දී යුපුන් තෙවැනි තැනට!
- තාත්තාට අහිමි වූ ලෝක වාර්තාව පුත්රයා ඩැහැ ගනී!
මේ අතර කාන්තා මීටර් 1500 ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ ගයන්තිකා අබේරත්න විසින් මිනිත්තු 4.24.66ක් කාලයක් සමඟ දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්.
මේ අතර පිරිමි මීටර් 400 ඉසව්ව වෙනුවෙන් අරුණ දර්ශන ද අද ඉසව්වේ මූලික වටයට සහභාගී වෙමින් එහි පළමු ස්ථානය හිමි කර ගත්තේ තත්පර 47.49ක කාලයක් සමඟයි.
ඒ අනුව අද සවස් වරුවේ අරුණ සිය ඉසව්වේ අවසන් තරගය නියෝජනය කළ අතර, එහි දී තත්පර 45.82ක කාලයක් සමඟ පළමු ස්ථානයට පැමිණීමට ඔහු සමත් වුනේ මෙම තරගාවලියේ ශ්රී ලාංකික දක්ෂතා තවත් ඉහළට ඔසවා තබමිනුයි.
මේ අතර හෙට (02) දිනයේ ද අරුණ විසින් පිරිමි මීටර් 200 ඉසව්ව සඳහා සහ තරුශි කාන්තා මීටර් 800 ඉසව්ව වෙනුවෙන් සහභාගී වීමට නියමිතයි. එමෙන්ම නදීශා ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වට ද හෙට දිනයේ දී සහභාගී වනු ඇති.
එම තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්,රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<