ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ප්‍රමුඛපෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (17) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී අවසන් වුනා.
එහි දී කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ලකුණු 45කින් පරාජය කළ යුද හමුදා කණ්ඩායම වසර 6කට පසුව නැවතත් එහි ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා.
අවසන් පූර්ව තරගවල දී BRC සහ සැරසන්ස් කණ්ඩායම් පරාජය කරමින් පිළිවෙළින් කෝල්ට්ස් සහ යුද හමුදා කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා අපරාජිතව සුදුසුකම් ලබා ගත්තා. යුද හමුදාව නොකඩවා දෙවැනි වරටත් අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුණා.
මේ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,
- යුද හමුදාව – අශාන් රන්දික, තුලින ඩිල්ශාන්, සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, ලක්ෂාන් එදිරිසිංහ, යශෝධ මෙන්ඩිස්, තිසර පෙරේරා (නායක), මහේෂ් කුමාර (කඩුලු රකින්නා), පැතුම් බොතේජු, ලක්ෂාන් ගමගේ, ගයාන් චන්ද්‍රබෝස්
- කෝල්ට්ස් – සංගීත් කුරේ, විෂාද් රන්දික (කඩුලු රකින්නා), රවිඳු රසාන්ත, හෂාන් දුමිඳු, මුදිත ලක්ෂාන්, අවිශ්ක පෙරේරා, ධනංජය ලක්ෂාන්, නිමේෂ් මෙන්ඩිස්, විනුජ රන්පුල්, චමෝද් බටගේ, අකිල දනංජය (නායක)
තරගයේ කාසියේ වාසිය දිනා ගත් කෝල්ට්ස් නායක අකිල දනංජය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර යුද හමුදාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 139ක් ලබා ගැනීමට සමත් වුනා.
තරගාවලිය පුරාවට හොඳින් ලකුණු අතර සිටි අශාන් රන්දික පන්දු 14ක් තුල ලකුණු 22ක් ලබාගෙන සිටිය දී දුවද්දී දවා ගැනීමකට හසුකර ගැනීමට විශාද් රන්දික සමත් වුනා. එය තරගයේ තීරණාත්මක අවස්ථාවක් වුනා.
කෙසේ නමුත් යුද හමුදා මුල්පෙළ සහ මැදපෙළ පිතිකරුවන් සීකුගේ ප්‍රසන්න වටා එක්රොක් වෙමින් සබඳතාවයන් කිහිපයක්ම ගොඩනැංවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පන්දුවාර 15ක් අවසන් වන කඩුලු 5ක් දැවී ලකුණු 103ක් ලබාගෙන තණතීරුවේ හැසිරීමට අනුකූලව හොඳ ස්ථාවරත්වයක් ගොඩනංවාගෙන සිටියා.
යුද හමුදාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් සීකුගේ මේ තරගයේ දී 4 පහර 3ක් සහ 6 පහරක් එල්ල කරමින් පන්දු 20ක දී ලකුණු 29ක් ලබාගෙන ඔවුන්ට හොඳ අඩිතාලමක් සකස් කළා.
ඊට අමතරව රන්දික සහ මැදපෙළ පිතිකරු යශෝද පිළිවෙළින් ලකුණු 22ක් සහ ලකුණු 21ක් ලබාගෙන දැක්වූ දස්කම් මත ඔවුන්ට යම් අභියෝගාත්මක ලකුණක් වෙත යාමට හැකියාව උදා වුනා.
පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන ධනංජය ලක්ෂාන් ලකුණු 25කට කඩුලු 3ක් දවා ගන්නා විට මුදිත ලක්ෂාන් සහ චමෝද් බටගේ කඩුලු දෙක බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.
- ඉන්දියාව ජුනි අවසානයේ ශ්‍රී ලංකාවට
- මුල්පෙළින් ගිලිහුණු රිද්මය පසුපෙළින් අල්ලයි
- සීමා මායිම් බිඳිමින් සිහිනය ජය ගත් Sadasivam Kalaiyarasi
- කාසියේ වාසිය ශ්‍රී ලංකාවට; දුනිත්ට ජාත්‍යන්තර වරම්
- සහෝදරයින්ගේ මහා සංග්‍රාමයේ වැඩි ගෞරවය ඉසිපතනයට
පිළිතුරු ඉනිම දියත් කළ කෝල්ට්ස් මුල්පෙළ පිතිකරුවන් යම් ආරම්භයක් ලබා ගත් නමුත් ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් හට විශාල සාර්ථකත්වයක් කරා ළඟා වීමට හැකියාවක් ලැබුණේ නැහැ.
යුද හමුදා නායක තිසර පෙරේරා ඔවුන්ගේ අත්දැකීම් බහුල පන්දු යවන්නන් වන සීකුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න වැනි ප්‍රධාන පන්දු යවන්නන් ඉතාමත් හොඳින් කළමනාකරණය කර ගනිමින් පන්දු යැවීම සිදු කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 11ක් අවසානයේ කඩුලු 3 දැවී ලකුණු 66ක් ලබාගෙන සිටි කෝල්ට්ස් ඉනිමේ අවසන් කඩුලු 7 ලකුණු 28ක් තුල දවා ගැනීමට සීකුගේ ඇතුළු යුද හමුදා පන්දු යවන්නන් සමත් වුනා. අවසානයේ දී කෝල්ට්ස් ඉනිම ලකුණු 94කට සීමා වුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Ashan Randika | run out () | 22 | 14 | 2 | 2 | 157.14 |
Pathum Dilshan | c Hashan Dumindu b Muditha Lakshan | 14 | 18 | 1 | 0 | 77.78 |
Seekkuge Prasanna | c Dhananjaya Lakshan b Muditha Lakshan | 29 | 2 | 3 | 1 | 999.99 |
Lakshan Edirisinghe | lbw b Akila Dananjaya | 0 | 2 | 0 | 0 | 0.00 |
Asela Gunaratne | c Akila Dananjaya b Dhananjaya Lakshan | 15 | 18 | 0 | 0 | 83.33 |
Yasoda Mendis | c Sangeeth Cooray b Chamod Battage | 21 | 16 | 0 | 1 | 131.25 |
Thisara Perera | c Hashan Dumindu b Dhananjaya Lakshan | 1 | 5 | 0 | 0 | 20.00 |
Mahesh Kumara | c Akila Dananjaya b Chamod Battage | 19 | 14 | 1 | 1 | 135.71 |
Pathum Botheju | b Dhananjaya Lakshan | 12 | 8 | 0 | 1 | 150.00 |
Lakshan Gamage | not out | 4 | 4 | 0 | 0 | 100.00 |
Gayan Bandara | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 2 (b 0 , lb 2 , nb 0, w 0, pen 0) |
Total | 139/9 (20 Overs, RR: 6.95) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sangeeth Cooray | 2 | 0 | 15 | 0 | 7.50 | |
Dhananjaya Lakshan | 4 | 0 | 25 | 3 | 6.25 | |
Vinuja Ranpul | 2 | 0 | 21 | 0 | 10.50 | |
Muditha Lakshan | 4 | 0 | 18 | 2 | 4.50 | |
Akila Dananjaya | 4 | 0 | 29 | 1 | 7.25 | |
Chamod Battage | 4 | 0 | 29 | 2 | 7.25 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sangeeth Cooray | b Asela Gunaratne | 38 | 38 | 2 | 1 | 100.00 |
Vishad Randika | c Dinesh Chandimal b Lakshan Edirisinghe | 0 | 2 | 0 | 0 | 0.00 |
Ravindu Rasantha | c Asela Gunaratne b Yasoda Mendis | 10 | 11 | 1 | 0 | 90.91 |
Avishka Perera | c Pathum Botheju b Lakshan Edirisinghe | 16 | 21 | 0 | 0 | 76.19 |
Hashan Dumindu | st Mahesh Kumara b Seekkuge Prasanna | 1 | 2 | 0 | 0 | 50.00 |
Dhananjaya Lakshan | st Mahesh Kumara b Lakshan Edirisinghe | 5 | 6 | 0 | 0 | 83.33 |
Muditha Lakshan | c Yasoda Mendis b Dinesh Chandimal | 11 | 17 | 0 | 0 | 64.71 |
Akila Dananjaya | c Lakshan Edirisinghe b Seekkuge Prasanna | 1 | 4 | 0 | 0 | 25.00 |
Nimesh Mendis | b Seekkuge Prasanna | 1 | 3 | 0 | 0 | 33.33 |
Vinuja Ranpul | run out () | 3 | 2 | 0 | 0 | 150.00 |
Chamod Battage | not out | 0 | 5 | 0 | 0 | 0.00 |
Extras | 8 (b 0 , lb 2 , nb 0, w 6, pen 0) |
Total | 94/10 (18.3 Overs, RR: 5.08) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lakshan Gamage | 1 | 0 | 14 | 0 | 14.00 | |
Lakshan Edirisinghe | 4 | 0 | 9 | 1 | 2.25 | |
Yasoda Mendis | 2 | 0 | 12 | 1 | 6.00 | |
Gayan Bandara | 3.3 | 0 | 6 | 0 | 1.82 | |
Asela Gunaratne | 4 | 0 | 0 | 0 | 0.00 | |
Seekkuge Prasanna | 4 | 0 | 0 | 0 | 0.00 |
යුද හමුදා කණ්ඩායමට ලකුණු 45ක ජයක්
- අවසන් මහා තරගයේ වීරයා – සීකුගේ ප්‍රසන්න (යුද හමුදාව)
- තරගාවලියේ හොඳම පිතිකරු – සංගීත් කුරේ (කෝල්ට්ස්)
- තරගාවලියේ හොඳම ක්‍රීඩකයා – අශාන් රන්දික (යුද හමුදාව)
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – අකිල දනංජය (යුද හමුදාව)
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<