මෙම වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂිකව පැවැත්වෙන යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය කොරෝනා වසංගතය මත ජූලි මස දක්වා කල් දැමීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග වදින මෙම තරගාවලිය මෙරට පැවැත්වෙන ප්‍රධානතම ක්‍රීඩා තරගාවලි කිහිපයෙන් එකක් වන අතර කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසරේ තරගාවලිය ද අවලංගු කිරීමට සිදු විය.
පසුගිය වසරේ තරගාවලිය අවලංගු කිරීමෙන් පසු මෙවර තරගාවලිය මාර්තු මස 22-24 දක්වා පැවැත්වීමට සූදානම් කර තිබූ නමුත් නැවතත් එය ජූලි මස දක්වා කල් දැමීමට සංවිධායකයින් තීරණය කර ඇත.
තවත් මලල ක්‍රීඩා පුවත්
- ගෘහස්ථ ලෝක වාර්තාවක් බිඳ වැටේ
- යුපුන්ගෙන් තවත් වාර්තාවක්
- ගිය වසරට වඩා 2021 දී මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගාවලි රැසක්
යුද හමුදා මලල ක්‍රීඩා උළෙල කල් දැමීමෙන් අනතුරුව මෙම වසරේ දී පැවැත්වෙන මුල්ම ප්‍රධාන පෙළේ මලල ක්‍රීඩා තරගාවලිය ලෙස 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය හැඳින්විය හැකි අතර එය අප්‍රේල් මාසයේ දී පැවැත්වෙනු ඇත.
මෙම වසර තුළ දී ගිම්හාන ඔලිම්පික් උළෙල ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි රැසක් පැවැත්වීමට නියමිතව ඇති නිසාවෙන් ඒවාට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගාවලි මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉතා වැදගත් වේ.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<