මෙවර පාපන්දු ලෝක කුසලානයේ ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් බංග්ලාදේශ රසිකයින්ගෙන් ලැබෙන අතිමහත් සහයෝගය මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක් වන සිදුවීමක්.
මෙම බංග්ලාදේශ රසිකයින්ගේ සහයෝගය පිළිබඳ සතුටට මෙන්ම පුදුමයට ද පත්වී සිටින ආජන්ටිනානුවන් ඒ වෙනුවෙන් යමක් බංග්ලාදේශ රසිකයින්ට ද ලබා දිය යුතු බව විශ්වාස කරනවා.
ඒ පිළිබඳ අවධානය යොමු කළ එක් ආජන්ටිනා පාපන්දු ලෝලියෙක් (Dan Lande) විසින් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ ආජන්ටිනා රසිකයින් නමින් (Argentine fans of the Bangladesh cricket team) මුහුණු පොතේ නව සමූහයක් (Facebook group) ආරම්භ කර තිබුණා.
එම සමූහයේ නිර්මාතෘ Dan Lande විසින් එය පසුව twitter හී සඳහන් කරමින් යම් තරමකින් ප්‍රචලිත කිරීමට උත්සාහ කළ අතර, එහි දී එය තවත් ප්‍රසිද්ධ ආජන්ටිනා ලේඛිකාවක් වන Tefi Russo විසින් සිය Instagram පිටුවේ පළ කර තිබුණා.
මේ හේතු නිසා සුලු මොහොතකින් ඉතා විශාල ප්‍රසිද්ධියක් ලබා ගත් මෙම සමූහයේ සාමාජික සංඛ්‍යාව එක් දිනකින් හත් දහස ඉක්මවීමට සමත් වුනා. (දැන් එහි සාමාජික සංඛ්‍යාව 32,000 ඉක්මවා ගොස් තිබෙනවා.)
දැන් එහි ආජන්ටිනා මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් සහ පාපන්දු රසිකයින් දෙපිරිසම සිය සහයෝගිතාව බෙදා හදා ගනිමින් සිටිනවා.
ආජන්ටිනා පාපන්දු රසිකයින්ට ක්‍රිකට් ගැන ඇති අවබෝධය ඉතාම දුර්වල මට්ටමක ඇති නිසා බංග්ලාදේශ ක්‍රිකට් රසිකයින් විසින් ක්‍රිකට්වලට අදාළ වීඩියෝ සහ විස්තර සමඟින් ඔවුන්ව ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ දැනුවත් කරන ආකාරය ඔබටත් ඒ සමූහය පැත්තට ගියොත් දැක බලාගැනීමේ හැකියාව පවතිනවා.
එමෙන්ම මේ දිනවල බංග්ලාදේශය නිසා ක්‍රිකට් වලට ආදරය කරන්න පටන් ගත් බහුතරයක් ආජන්ටිනානුවන් බංග්ලාදේශ ක්‍රිකට් ජර්සි මිල දී ගන්න පුළුවන් ආකාර ගැන හොයන බවත් දැන ගන්න ලැබෙනවා.
- බ්‍රසීල සුපිරි තරු දෙකක් ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු!
- මෙක්සිකෝවෙන් Messiට තර්ජන!
- මවුබිම වෙනුවෙන් වෙස් මුහුණු ලූ මිනිසා!
- මේ Messiගේ අවසන් අවස්ථාවයි!
මේ අතර පසුගිය සිකුරාදා (02) ආජන්ටිනා පාපන්දු පුහුණුකරු Lionel Scaloni විසින් තම කණ්ඩායමට සහය දක්වන බංග්ලාදේශ පාපන්දු රසිකයින්ට සිය ස්තුතිය ප්‍රකාශ කළා.
“Maradona සහ Messi එක්ක ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ ඇඳුම කාලයෙන් කාලයට වෙනස් වුනා, නමුත් ඒ ඇඳුමේ තිබුණු වර්ණයන් එක්ක බැඳුණු රසිකත්වය සදා කල් රැඳුණා. බංග්ලාදේශය වගේ රටක් ආජන්ටිනා කණ්ඩායමට සහය දැක්වීම ගැන අපි ආඩම්බර වෙනවා.
අපි අපේ උපරිමය දෙන්න උත්සාහ කරනවා, බංග්ලාදේශ රට වැසියන්ට අපගේ ස්තුතිය.”
මේ අතර ආජන්ටිනා පාපන්දු සම්මේලනය විසින් ද බංග්ලාදේශ රසිකත්වයට මෙසේ ස්තුතිය පළ කර තිබුණා,
“අපේ කණ්ඩායමට සහය දක්වනවාට ස්තුතියි, ඔබටත් අපිට වගේම පාපන්දු ගැන පිස්සුවක් තියෙනවා.”
හරි හැටි භාෂාවන් පවා තේරුම් ගත නොහැකිව, ලෝකයේ දෙකොනක හිඳින රටවල් දෙකක්, ක්‍රීඩාව නිසා බැඳීම් ඇති කර ගන්නවා දකින්නට ලැබීම ක්‍රීඩාවට ආදරය කරන ඕනෑම කෙනෙකුට මදහසක් ගේන දසුනක්!
මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
The Daily Stars ඇසුරිනි.
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<